ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය සතු තානාපති වරප්‍රසාද ඉවත් කර නැති
බැවින් ඔහුට එරෙහිව ඇමරිකාව තුළ ක්‍රියාත්මක වන නඩුහබවලින් ඔහු නිදහස් කරන ලෙසට කරන ලද ඉල්ලීම ඇමරිකානු දිස්ත්‍රීක් අධිකරණයක් මගින් ප්‍රතික්ෂේප කර තිබේ.
ජාලිය වික්‍රමසූරිය, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිව සිටිය දී, 2008 වසරේදී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස්දහසක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින්, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඔහුට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ඉදිරිපත් කර තිබිණ.
ඔහුට හිමිව තිබුණු තානාපති වරප්‍රසාද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉවත් කරල ලද බැවින්, හිටපු තානාපතිවරයාට එරෙහිව විමර්ෂණ ආරම්භ කිරීමට ඇමරිකානු අධිකරණය තීන්දු කර තිබුණි.
කෙසේ වෙතත්, ජාලිය වික්‍රමසූරියට හිමිව තිබෙන තානාපති වරප්‍රසාද ඉවත් කරන ලෙසට හිටපු ජනාධිපති විසින් ඉදිරිපත් කරන ලද ලියවිල්ලක් හෝ වෙනත් සාක්ෂියක් සොයාගත නොහැකි බව බව පවසා, එබැවින් තවදුරටත් ඔහුට එම වරප්‍රසාද හිමිවන බව පවසමින්, ඔහුට එරෙහිව ඇමරිකාව තුළ සිදුව නීතිමය ක්‍රියාමාර්ග අත්හිටුවන ලෙසට ඉල්ලීමක් ඉදිරිපත්ව ඇති අතර, ඇමරිකානු දිස්ත්‍රීක් අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත්තේ එම ඉල්ලීමයි.
ජාලිය වික්‍රමසූරිය නෑ කමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඇවැස්ස මස්සිනා ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් lankanewsweb.net වෙබ් අඩවිය විසින් පළකර තිබු වාර්තාවක මෙසේ ද සඳහන් ව තිබේ.
''ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා තානාපතිවරයෙකු විදේශ රටක් මගින් අධිචෝදනා යටතේ අපරාධ චූදිතයෙකු කොට ඇත්තේ, නීති ක්‍රමය සහ අධිකරණ ජාලය ලංකාවට වඩා ක්‍රමවත්ව සහ දැඩිව ඇමරිකාව ඇතුළු බටහිර ලෝකයේ ක්‍රියාත්මක වන බැවිනි.
‘වයර් ෆ්රෝඞ්’ නමින් හැඳින්වෙන විද්‍යුත් සහ තොරතුරු තාක්ෂණ ක්‍රම ඔස්සේ සිදු කර ඇති සොරකම් දෙකක්, ‘මුදල් විශුද්ධිකරණය’ නමින් හැඳින්වෙන කළු සල්ලි ජාවාරම පිළිබඳ චෝදනා දෙකක් සහ වීසා වංචා දෙකක් යටතේ ඔහු ඇමරිකාවේ අධිකරණය ඉදිරියේ මේ වන විට චුදිතයෙකු කොට ඇතැයි වාර්තාවේ.
ඇමරිකාවේ ලංකා තානාපති වශයෙන් සිටියදී ජාලිය වික්‍රමසූරිය සහ තවත් කිහිප දෙනෙකු, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා අලුත් ස්ථානයක් මිල දී ගැනීමේ ගනුදෙනුවකදී ඩොලර් 332,000 ක මුදලක් යටිමඩි ගසාගෙන තිබේ.
මේ මුදල ඔහු හොර පාරෙන් බැංකු ගිණුම් දෙකකට බැර කරවාගෙන තිබේ.
එක බැංකු ගිණුමක්, ඇමරිකාවේ ‘පේපර් ක්‍රවුන්’ නැමැති සමාගමේ ගිණුමකි.
අනෙක, ලංකාවේ ‘පී.පී.පී. ඉන්ටර්නැෂනල්’ නැමැති සමාගමේ ගිණුමකි.
මේ සමාගම් දෙකම, ජාලිය වික්‍රමසිංහගේ ශ්‍රී ලාංකික මිත්‍රයන්ගේ ය.
ජාලිය වික්‍රමසූරිය යනු තේ වෙළඳාමක් කරගෙන ඇමරිකාවේ පදංචිව සිටි සුළු ව්‍යාපාරිකයෙකි.
රාජපක්ෂලාගේ මස්සිනා කෙනෙකු වීමට අමතරව, ඇමරිකාව වැනි රටක ලංකාවේ තානාපතිවරයෙකු වශයෙන් කටයුතු කිරීමේ වෙනත් අධ්‍යාපනික හෝ වෘත්තීය සුදුසුකමක් නොතිබුණු තැනැත්තෙකි. ''
මුල් පුවත :
Govt seeks diplomatic immunity for Jaliya to stop US prosecution; US ignores request !