මුදල් අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂ විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2021 වර්ෂය සඳහා වූ
අය වැය ලේඛණයේ දෙවන කොටසේ රජයේ ආදායම සොයාගන්නා යෝජනා ඉදිරිපත් කළ යුතු වුවත් ආණ්ඩුව ඉතාමත් සූක්ෂම ලෙස එය ජනතාවගෙන් වසන් කර අයවැය විවාදය සදහා ප්‍රවිෂ්ඨ විය.
එහෙත් අයවැය ලේඛණය ඉදිරිපත් කිරීමේදී අවස්ථා දෙකකදී පමණ භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වා දෙන බවත් අපනයනය සංවර්ධණය සඳහා සෙස් බද්ද නැවත හඳුන්වාගෙන බවත් සඳහන් කර තිබුණි.
භාණ්ඩ 2,574 ක් සඳහා සෙස් බද්ද හඳුන්වා දෙයි:
රජයේ අධික වියදම පියවාගැනීම සඳහා සාමාන්‍ය ආනයන බද්දට අමතරව ආනයනය කරන භාණ්ඩ 2,574 සඳහා සෙස් බද්දට අදාළ නියෝග ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස මුදල් අමාත්‍යංශය සහ විෂය භාර වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන විසින් රජයේ මුද්‍රණාලාධිපති වෙත දැනුම් දී ඇත.
රජයේ අධික වියදම පියවාගැනීම සඳහා සාමාන්‍ය ආනයන බද්දට අමතරව ආනයනය කරන භාණ්ඩ 2574 සඳහා සෙස් බද්දට අදාළ නියෝග ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස මුදල් අමාත්‍යංශය සහ විෂය භාර වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන විසින් රජයේ මුද්‍රණාලාධිපති වෙත දැනුම් දී ඇත.
ඒ අනුව වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් ඒ.ඒ. විමලේන්තිර රාජා විසින් අංක TIP/TO/0186 දරණ 2020 නොවැම්බර් මස 17 වැනි දින එම දැනුම්දීම රජයේ මුද්‍රණාලාධිපති වෙත යවා ඇත.
1979 අංක40 දරණ ශ්‍රී ලංකා අපනයන සංවර්ධණ පණත යටතේ වන ගැසට් නිවේදනය අනුව වෙළඳ අමාත්‍යවරයා විසින් සෙස් බද්ද ක්‍රියාත්මක කිරීමට අදාළ නියෝග 2020 නොවැම්බර් 17 වන දින සිට ක්‍රියාත්මක වන අංක 2202/6 දරණ අති විශේෂ ගැසට් පත්‍රය සකස් කරන ලෙස දැනුම් දී ඇත.
එයට අදාළ 1979 අංක 40 දරණ ශ්‍රී ලංකා අපනයන පණතෙහි 14 වෙනි වගන්තිය යටතේ ඉහත සඳහන් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රිකාව නිකුත් කරන ලෙස නියෝගයට 2020 දෙසැම්බර් 17 වෙනි දින අත්සන් තබා ඇත.
එම ගැසට් නිවේදනයට අදාළ අනුක්‍රමික අංක සඳහන් (HS Cords) ලැයිස්තුව එම නියෝගය සමඟ අමුණා තිබේ.
එම ලැයිස්තුව අනුව සෙස් බද්ද ආනයනික භාණ්ඩ මිලෙන් කිලෝවක් සඳහා හෝ වෙනයම් ඒකකයක් සඳහා 5% - 15% - 30% -35% -45% - 50% යන ප්‍රතිශතයන් යටතේ අය කරන ලෙස ශ්‍රී ලංකා රේගුවට නියෝග කර ඇත.
සමහර භාණ්ඩ සඳහා ප්‍රතිශයක් නොමැතිව ඒකකයක් සඳහා ස්ථාවර සෙස් බද්දක් නියම කර ඇත.
එම ලැයිස්තුව අනුව සෙස් බද්ද ආනයනික භාණ්ඩ මිලෙන් කිලෝවක් සඳහා හෝ වෙනයම් ඒකකයක් සඳහා 5% - 15% - 30% -35% -45% - 50% යන ප්‍රතිශතයන් යටතේ අය කරන ලෙස ශ්‍රී ලංකා රේගුවට නියෝග කර ඇත. සමහර භාණ්ඩ සඳහා ප්‍රතිශයක් නොමැතිව ඒකකයක් සඳහා ස්ථාවර සෙස් බද්දක් නියම කර ඇත.
විශේෂ භාණ්ඩ විධිවිධාන පණත යටතේ උදාහරණ ලෙස සීනි, ෆාම් තෙල්, පොල් තෙල්, ටින් මාළු, පරිප්පු, බී ලූනු ආදී ඛාණ්ඩ 26 ක් සඳහා මෙම සෙස් බද්ද අදාළ නොවේ.
ජනවාරි 01 වැනිදා සිට ආනයනික භාණ්ඩ සඳහා මෙම සෙස් බද්ද අයකිරීමෙන් පසු ගැසට් නිවේදනයේ සඳහන් භාණ්ඩ මිල අවම වශයෙන් 20% සිට 50% කින් 60% ඉහළ යනු ඇතැයි වෙළඳපළ ආරංචි මාර්ග සඳහන් කරයි.
සෙස් බද්ධට අදාළ භාණ්ඩ ලැයිස්තුව පහතින්...