කොවිඩ් වසංගතය රටම වෙළා ගනිද්දී ඒ වසංගතයට මුවා වී තවත් මාෆියාවක් හිස ඔසවන්නට වූයේ රටම නතුකර ගනිමිනි.

 

එය කාලයක් තිස්සේ සෞඛ්‍ය ක්ෂේත්‍රය අරක්ගත් දූෂිතයන්ගේ මාෆියාවේ තවත් ජවනිකාවක් විය.

රජයේ අවධානය කොවිඩ් ව්‍යාප්තිය මැඬලීමට යොමු වෙද්දී මෙම ජාත්‍යන්තර මාෆියාව රටම වෙළා ගත්තේ බූවල්ලෙකු මෙනි.

ආසාදිතයන් කඩිනමින් නිරෝධායන මධ්‍යස්ථානවලට යවා රෝගය පාලනයට අවශ්‍ය පියවර ගැනීමට බුද්ධි අංශ ක්‍රියා කළ අතර සෞඛ්‍ය අංශද, ත්‍රිවිධ හමුදාව හා පොලිසිය සමග එම ක්‍රියාදාමයට එක්වූහ.

තෝමස් පුයෝගේ (Tomas Pueyo) ‘මිටිය හා නර්තනය’, (Hammer and Dance) න්‍යායට සමානව කළ බුද්ධි මෙහෙවර නිසා කොවිඩ් පළමු රැල්ල පාලනය කරගත හැකිවිය.

ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශවල කැපවීම මත කොවිඩ් රැල්ල පාලනය වෙද්දී ජාවාරම්කරුවන්ගේ සංවිධානාත්මක මාෆියාව ක්‍රියාත්මක වන්නේ හීන් නූලෙනි.

''ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශවල කැපවීම මත කොවිඩ් රැල්ල පාලනය වෙද්දී ජාවාරම්කරුවන්ගේ සංවිධානාත්මක මාෆියාව ක්‍රියාත්මක වන්නේ හීන් නූලෙනි.''

වෛද්‍ය පර්‌යේෂණ ආයතනය, ජීව වෛද්‍ය ඉංජිනේරු අංශය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළුව සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ මුල් බැසගෙන සිටින ජාවාරම්කරුවන් කිහිප දෙනකු කරළියට එන්නේ කල දුටු කල වළ ඉහ ගන්නට මෙන්ය.

රටේ ජනයා කොවිඩ් වසංගතයෙන් පීඩාවට ලක්වෙද්දී රජය මූල්‍ය අසීරුතා මැද රට කරවන්නට වෙර දරද්දී මෙම ජාවාරමුන් කැසපොට ගැසුවේ බොර දියේ මාළු බෑමටය.
 

PCR මාෆියාව: 

PCR Mafia lanka

එහි මුල් පියවර ඇරඹෙන්නේ පී.සී.ආර්. මාෆියාවෙනි.

පී.සී.ආර්. මාෆියාවට සම්බන්ධ ජාත්‍යන්තර ජාවාරම්කරුවන් සමග ඈඳුණු සෞඛ්‍ය ලොක්කෝ මුලින්ම කළේ ජර්මානු පී.සී.ආර්. යන්ත්‍රය මිලදී ගැනීමට ඉඩකඩ සැලසීමය.

ඊට සමගාමීව ජර්මානු යන්ත්‍රයට අවශ්‍ය පී.සී.ආර්. කට්ටල මිලදී ගන්නා මෙහෙයුමක් ක්‍රියාත්මක වී තිබුණේය. 

මේ සියලු කාරණා එකින් එක කරළියට එන්නේ දැනට සිදුකෙරෙන ඉහළ පෙළේ විමර්ශනයකින්ය.

මෙම විමර්ශනයට අනුව සෞඛ්‍ය අංශයේ ඉහළම නිලධාරීන් රැසකගේම මීට ඇති සම්බන්ධයද අනාවරණය වී තිබේ. 

මහජන මුදලින්ම ඉගෙන ගෙන වෛද්‍ය වෘත්තියට පැමිණ එයට නිගා දෙමින් කොමිස් කාක්කන් වූ පිරිසකගේ පැටිකිරියද දැන් කරළියේ රඟ දෙයි. 

මෙකී දූෂිත නිලධාරීන්ගේ තොරතුරු මේ වනවිට ලැයිස්තුගත වෙමින් ඇත්තේය. 

''එක් පී.සී.ආර්. පරීක්ෂණයක් රුපියල් 2000 ක පමණ මුදලකට සිදු කළ හැකි වුවත් තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශය ජාවාරමුන්ගේ පී.සී.ආර්. කට්ටලයට රුපියල් හාරදහසක් ගෙවන්නේ බලධාරීන්ගේද ආශිර්වාදය මැදය.'' 

අභ්‍යන්තර විමර්ශනය අනුව මොවුන්ගේ සාක්කු පිරෙන්නේ රටේ වැඩිපුර පී.සී.ආර්. පරීක්ෂණ කරන තරමටය.

එක් පී.සී.ආර්. පරීක්ෂණයක් රුපියල් 2000 ක පමණ මුදලකට සිදු කළ හැකි වුවත් තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශය ජාවාරමුන්ගේ පී.සී.ආර්. කට්ටලයට රුපියල් හාරදහසක් ගෙවන්නේ බලධාරීන්ගේද ආශිර්වාදය මැදය.

පී.සී.ආර්. පරීක්ෂණයේදී ප්‍රතික්‍රියක කට්ටලයකට (Test Kit) රුපියල් 3000 ක්ද, විශ්ලේෂණ ප්‍රතික්‍රියක කට්ටලයකට (Extract Kit) රුපියල් 1000 ක්ද වශයෙන් රුපියල් 4000 ක් රජයෙන් ගෙවනු ලබන්නේය. 

 

සහෝදර බැඳීමක් මත පැවත එන 'ඉවෝන් ෆාමා' ගනුදෙනුවක් !

මෙම මුදලට අදාළ ජර්මානු පී.සී.ආර්. කට්ටල මිලදී ගැනීම සහෝදර බැඳීමක් මත පැවත එන ගනුදෙනුවකි. 

මුලින්ම පී.සී.ආර්. යන්ත්‍රය ගෙන එන්නට යද්දී අනුමැතිය හිමිවන්නේද ජර්මානු සමාගමටය. 

ඉන්පසු පී.සී.ආර්. කට්ටල ගෙන ඒමට වෛද්‍ය පර්‌යේෂණ ආයතනය අනුමත කරන්නේද ජර්මනියේ සමාගමට අයත් කට්ටලයමය. 

සහෝදර බැඳීමකින් කරළියට එන මෙම ජාවාරමේ සිටින ජාවාරම්කරුවන් වෙනත් පාර්ශ්වයන්ට හිස ඔසවන්නටද ඉඩ දෙන්නේ නැත. 

එයද සැලසුම් සහගත ක්‍රියාවලියක් බව විමර්ශනවලදී තහවුරු වී ඇත්තේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මත පී.සී.ආර්. කට්ටල ආනයනය කරන වෙනත් සමාගම් තරගකාරී ලෙස අඩු මිලක් ඉදිරිපත් කළ විගස ඔවුනට ඒවා සැපයීමට ඉඩ ලැබෙන්නේ දින කිහිපයක් පමණි. 

මාෆියාවට සම්බන්ධ සමාගම එම මොහොතේදී පී.සී.ආර්. කට්ටල ලබාදෙන්නේ ඊට වඩා අඩු මිලකටය. 

මාෆියාවට සම්බන්ධ සමාගම පී.සී.ආර්. උපකරණ අඩුවට ලබාදෙන්නේ අලුතෙන් ආ සමාගම තරගයෙන් ඉවත් කරන්නටය. 

දැනට කරන විමර්ශනයට අනුව මෙම මාෆියාවට සම්බන්ධ සමාගම පී.සී.ආර්. සපයන ආයතන නිසා අඩු මිලට සැපයුම් ගෙන ආ ආයතන දින කිහිපයකින් තරගයෙන් ඉවතට විසිකර දමා ඇත. එතැන් සිට යළිත් රුපියල් හාරදහසක් වැනි දෙගුණයකට පී.සී.ආර්. උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශයට විකිණීම ඔවුන්ගේ කාර්යය වී ඇත.

''දැනට කරන විමර්ශනයට අනුව මෙම මාෆියාවට සම්බන්ධ සමාගම පී.සී.ආර්. සපයන ආයතන නිසා අඩු මිලට සැපයුම් ගෙන ආ ආයතන දින කිහිපයකින් තරගයෙන් ඉවතට විසිකර දමා ඇත. එතැන් සිට යළිත් රුපියල් හාරදහසක් වැනි දෙගුණයකට පී.සී.ආර්. උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශයට විකිණීම ඔවුන්ගේ කාර්යය වී ඇත.''

සෞඛ්‍ය බලධාරීන්ගේ සාක්කු කොමිස්වලින් පිරෙද්දී චීනයෙන් මුල්ලේරියාවට ලද පී.සී.ආර්. යන්ත්‍රය භාවිතයට ගැනීමද ප්‍රමාද කර තිබුණේ සැලසුම් සහගතවය. 
එය ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබාගත් යන්ත්‍රයකි.

එය භාවිතයට නොගෙන තිබුණේ මාෆියාවට සම්බන්ධ වූවන් ජර්මානු පී.සී.ආර්. කට්ටල විකුණන ජාවාරම ජයටම කරගෙන ගිය නිසාය.

මුල්ලේරියාවේ අලුත්ම පී.සී.ආර්. යන්ත්‍රය කලකට පසු භාවිතයට ගත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ ගැන සොයා බැලූ පසුවය.

PCR Mulleriyawaමුල්ලේරියාවේ අලුත්ම පී.සී.ආර්. යන්ත්‍රය කලකට පසු භාවිතයට ගත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ ගැන සොයා බැලූ පසුවය.

මුල්ලේරියාවේ පී.සී.ආර්. යන්ත්‍රය සවි කිරීම හිතාමතා ප්‍රමාද කළ සංවිධානාත්මක කණ්ඩායම්වලට මෙයින් පහරක් වදින්නේ දිනකට පරීක්ෂණ එක්දහස් පන්සීයක් පමණ කළ හැකිවූ නිසාය. 

එම යන්ත්‍රයට ජර්මානු පී.සී.ආර්. කට්ටල අවශ්‍ය නොවීම නිසා වැඩි මිලට සිදුවන ජාවාරමට පහරක් විය. 

එම යන්ත්‍රයේ දෝෂයක් බවට පෙන්වා දෙමින් එය පසෙක දමා බලා සිටියදීත් ජනාධිපතිවරයා හා සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මැදිහත් විය. 

රාජ්‍යතාන්ත්‍රික ඉල්ලීමකට චීන කණ්ඩායම් ගෙන්වා ගැනීමට ඔවුන් කටයුතු නොකළා නම් චීන යන්ත්‍රය තවමත් අතරමගය.

මෙම යන්ත්‍රය ගෙන්වා සකස් කිරීම සඳහා රුපියල් මිලියන 250 ක මුදලක් වැය කර ඇත.

මෙවැනි රසායනාගාරයක් ඉදිකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවාව භාර නිලධාරීන් නොදැන අතිරේක ලේකම්වරයකු ප්‍රසම්පාදන ප්‍රධානියා ලෙස පත්කිරීම තුළින්ද රසායනාගාර සේවාවේ අවශ්‍යතා ඉෂ්ට වී නොමැත. 

''මෙවැනි රසායනාගාරයක් ඉදිකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවාව භාර නිලධාරීන් නොදැන අතිරේක ලේකම්වරයකු ප්‍රසම්පාදන ප්‍රධානියා ලෙස පත්කිරීම තුළින්ද රසායනාගාර සේවාවේ අවශ්‍යතා ඉෂ්ට වී නොමැත.''

අනෙකුත් සමාගම්වලට ප්‍රසම්පාදන ක්‍රියාවලියට ප්‍රවිෂ්ට වීමට ඉඩ නොතබා චීන සමාගමකින්ද මිලදී ගැනීමට ප්‍රසම්පාදන කමිටුව තීරණය කිරීම ගැටලුවක් බව රසායනාගාර වෘත්තිකයන් පෙන්වා දී තිබේ. 

තවද මෙම රසායනාගාරය සම්පූර්ණව ඉදිකරන බව ප්‍රකාශ කළද තාවකාලික බිත්ති අටවමින් එය ඉදිකර තිබේ. 

මේ ආකාරයටම කටුනායක ගුවන් තොටුපළේද පී.සී.ආර්. පරීක්ෂණ මධ්‍යස්ථානයක් ඉදි කිරීමට සැලසුම් කළද එය අකර්මණ්‍ය කර පරීක්ෂණ පෞද්ගලික රෝහල්වලට යොමු කිරීමට පියවර ගෙන ඇත. 

මේ අයුරින් සැලසුම් සහගත පී.සී.ආර්. මාෆියාවේ අනෙක් කූට ව්‍යාපාරය වී ඇත්තේ ජනතාව නිරන්තරයෙන් පරීක්ෂණවලට ලක් කළ යුතු බවට වෛද්‍යවරුන් ලවාම සමාජ මතයක් ගොඩ නැගීම බවද හෙළිවී ඇත.

රජය හා ආරක්ෂක අංශ කොවිඩ් රැල්ල පාලනය කරන හැම මොහොතකම ‘‘ටෙස්ට්, ටෙස්ට්’’ කියමින් පී.සී.ආර්. පරීක්ෂණ කරන්නැයි බල කළද වෛද්‍ය සංගම් ක්‍රියාත්මක වී ඇත්තේද මෙම මාෆියාව පෝෂණය කරන්නට බව දැන් හෙළිවෙමින් ඇත. 

පී.සී.ආර්. පරීක්ෂණ කරන තරමටම සාක්කු පිරෙන්නේ මෙයින් යැපෙන ජාවාරම්කරුවන්ගේය.

රටම වසංගත තත්ත්වයකට මුහුණ දෙද්දී ජනතාව බියවද්දන, ජනතාවගේ මුදල් කොල්ල කෑ මෙකී කල්ලිවල සියලු දේ දැන් හෙළිවෙමින් ඇත.

දිගින් දිගටම රටම ලොක්ඩවුන් කරන්නැයි හඬ නගා ඇත්තේද ජාවාරම් පසුපස සිටින කල්ලි බව පැහැදිලිව හඳුනාගෙන ඇත. 

රටම වසා දමා පී.සී.ආර්. පරීක්ෂණ රට පුරා කිරීම මොවුන්ගේ සැලසුම බව විමර්ශනවලදී තහවුරු වී ඇත.

මහල් නිවාසවල ජනතාව අතරේ කොවිඩ් ආසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථානවලට හා රෝහල්වලට රැගෙන යාමට කොවිඩ් මධ්‍යස්ථානය යෝජනා කරද්දී එයට එරෙහි වන්නේත් සෞඛ්‍ය අංශවල කණ්ඩායම්ය. 

මහල් නිවාසවලම ජනතාව හුදකලා කර නිරෝධායනය කිරීම සෞඛ්‍ය අංශවල යෝජනාව විය.

People in apartments colombo

''මහල් නිවාසවල ජනතාව අතරේ කොවිඩ් ආසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථානවලට හා රෝහල්වලට රැගෙන යාමට කොවිඩ් මධ්‍යස්ථානය යෝජනා කරද්දී එයට එරෙහි වන්නේත් සෞඛ්‍ය අංශවල කණ්ඩායම්ය. ''

එය මෙතෙක් රාජ්‍ය බුද්ධි අංශ හා ත්‍රිවිධ හමුදා කොවිඩ් මධ්‍යස්ථානය සමග එක්වී කරගෙන ගිය ‘හැමර් ඇන්ඩ් ඩාන්ස්’ නමැති තෝමස් පුයෝගේ න්‍යායෙන් පිටට ගිය කාරණාවක් විය.

කොළඹ මාළු වෙළෙඳ පොළේ පොකුර 13,580 දක්වා වැඩි වූයේත්, ආරක්ෂක අංශ කරගෙන ගිය ක්‍රමවේදයට වෙනස් ක්‍රමවේදයක් ලෙස මහල් නිවාස තුළම හුදකලා කළ නිසාය.

මීට පෙර මෙරට පළමු රැල්ල 1962 කට සීමා කරගත්තේත්, වැලිසර නාවික පොකුර, කන්දකාඩු පොකුර පාලනය කරගත්තේත් බුද්ධි අංශ ක්‍රියාත්මක කළ න්‍යායට අනුවය. 

දෙවැනි රැල්ලේ බ්‍රැන්ඩික්ස් කම්හලේ පොකුරද 3059 කින් නවතා ගත හැකිවුවත් පී.සී.ආර්. මාෆියාවත් සමග ආ සෞඛ්‍ය අංශයේ කිහිප දෙනකුගේ කුමන්ත්‍රණ හමුවේ රටම අවදානමක හෙළා හමාරය.

''දෙවැනි රැල්ලේ බ්‍රැන්ඩික්ස් කම්හලේ පොකුරද 3059 කින් නවතා ගත හැකිවුවත් පී.සී.ආර්. මාෆියාවත් සමග ආ සෞඛ්‍ය අංශයේ කිහිප දෙනකුගේ කුමන්ත්‍රණ හමුවේ රටම අවදානමක හෙළා හමාරය.''

අතිවිශාල මහජන මුදල් සම්භාරයක් ගසා කෑ සංවිධානාත්මක පිරිස් නීතිය හමුවට ගෙන ඒම රජයේ වගකීමය.

මේ සඳහා රජයේ අවධානය යොමු නොකළහොත් වසංගතය අවසන් වනවිට මහජන මුදල් ප්‍රකෝටි ගණනක් ගසා කෑම නැවතිය නොහැකිය.
‘ටෙස්ට් ටෙස්ට්’ කියමින් පී.සී.ආර්. ජාවාරම ප්‍රවර්ධනය කරන්නට උඩ ගෙඩි දුන් අය ගැනද සොයා බැලිය යුතුය. 

සෞඛ්‍ය අංශවල බහුතරයක් ජීවිත අවදානම පවා නොතකමින් කොවිඩ් වසංගතය මැඬලීමට පියවර ගනිද්දී සංවිධානාත්මක පිරිසකට මෙම මාෆියාව තවදුරටත් කරගෙන යාමට ඉඩ නොදීම බලධාරීන්ගේ වගකීමය.

පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල මිලදී ගන්නා මුදල මෙන්ම අතරමැදියන්ට කොමිස් බෙදී ගිය ආකාරය සොයා බලන්නේ නම් වසංගතයෙන් ගසා කෑ පිරිස් නීතිය හමුවට ගෙන යා හැකිය.

පී.සී.ආර්. ප්‍රතික්‍රියක කට්ටල ශ්‍රී ලංකාවට ගෙන එන මෙම සමාගම් සහ එම ප්‍රතික්‍රියක ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර ඇත්දැයි විමර්ශනය කළ යුතුය. 

මන්ද ලෝක සෞඛ්‍ය සංවිධානය අන්තර්ජාතික ලියාපදිංචි වූ ආයතනයකින් පී.සී.ආර්. ප්‍රතික්‍රියක කට්ටල එක්ලක්ෂ පන්දහසක් ලබාදී ඇති අතර ඒවාද ප්‍රතික්ෂේප කිරීමට මෙම බලවේග සමත් වී තිබේ. 

''ලෝක සෞඛ්‍ය සංවිධානය අන්තර්ජාතික ලියාපදිංචි වූ ආයතනයකින් පී.සී.ආර්. ප්‍රතික්‍රියක කට්ටල එක්ලක්ෂ පන්දහසක් ලබාදී ඇති අතර ඒවාද ප්‍රතික්ෂේප කිරීමට මෙම බලවේග සමත් වී තිබේ. ''

කොළඹ ජාතික රෝහලට ලබාදුන් පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍ර දෙකක්ද භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් තම ආධිපත්‍යය තබා ගැනීමට ඔවුන් කටයුතු කර ඇත.
 මෙරට භාවිත කරන ඇතැම් පී.සී.ආර්. ප්‍රතික්‍රියක කට්ටල අධ්‍යයන පරීක්ෂණවලට පමණක් භාවිත කරයි. 

එයින් රෝගී පර්‌යේෂණ සිදු කළ නොහැකිය. 

නමුත් අධ්‍යයන පර්‌යේෂණවලට සුදුසු කට්ටලද පී.සී.ආර්. පරීක්ෂණවලට සුදුසු බවට නිර්දේශ කර තිබේ.

රටම වසා දමන්නැයි කියා ජනාධිපතිවරයාට උපාය මාර්ගික සැලසුමක් ලෙස දිනකට පී.සී.ආර්. පරීක්ෂණ පනස්දහසක් කරන්නට උපදෙස් දීමට ආ කණ්ඩායම පසුපස සිටින්නේද මෙම ජාවාරමටම සම්බන්ධ සංවිධානාත්මක කල්ලියක් බවට සැක පහළ වී හමාරය.

මේ සියලු ජාවාරම් නවත්වන්නට නම් යුද්ධය සමයේ අවි ආයුධ මිලදී ගත් ආකාරයට මේවා රාජ්‍යයන් දෙකක් අතර සිදුවන ගනුදෙනු මෙන් විය යුතුය.

''මේ සියලු ජාවාරම් නවත්වන්නට නම් යුද්ධය සමයේ අවි ආයුධ මිලදී ගත් ආකාරයට මේවා රාජ්‍යයන් දෙකක් අතර සිදුවන ගනුදෙනු මෙන් විය යුතුය.''

(aruna: තිස්ස රවීන්ද්‍ර පෙරේරා -උදයජීව ඒකනායක)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්