ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂ හා දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍ය රාසමාණික්කම්
අතර පසුගියදා රහසිගත හමුවීමක් සිදුව තිබේ.
 
 ජනාධිපතිවරයාගේ ඉල්ලීම  මත එම හමුව සංවිධානය කර ඇත්තේ, නැගෙනහිර හිටපු ආණ්ඩුකාරවරයකු ලෙස කටයුතු කල රෝහිත බෝගොල්ලගමයි. 
 
ඒ, ඔහු ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ සමයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මඩකළපු දිස්ත්‍රික් ආසන සංවිධායකවරයකු ලෙස ශානක්‍ය රාසමාණික්කම් සමග ඇතිකරගෙන තිබු මිත්‍රත්වය පාදක කර ගනිමිනි.
 
ජනාධිපතිවරයා වෙනුවෙන් නැගෙනහිර පළාතේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණය කරන රෝහිත බෝගොල්ලාගම ඊට අදාල සාකච්ජා සංවිධානය කරනු ලබන්නේ කොළඹ හුණුපිටිය පාරේ පිහිටි 'ABC ෂිපින්' කාර්යාලය තුලය.  
 
ජනාධිපතිවරයා හා ශානක්‍ය රාසමාණික්කම් හමුව සම්බන්ධයෙන් පසුගිය සති අන්තයේ පළවූ 'මව්රට' ජාතික පුවත්පතේ 'රාජ්‍ය රහස්' කොළමේ වාර්තා කර තිබුනේ මෙසේය. 
 
 
 
ජනපති-රාසමාණික්කම් රහස් හමුවක්: 
 
ආණ්ඩුව පසුගියදා සම්මත කරගත් 20 වැනි සංශෝධනයේදී විපක්ෂය සමඟ සිටින මුස්ලිම් පක්ෂවල නියෝජිතයන් හයදෙනකු ආණ්ඩුව සමඟ එක්ව ඡන්දය භාවිතා කළ බව මේ වන විට සියල්ලන්ම දන්නා කාරණාවකි. 
 
ඒ අනුව ආණ්ඩුව රවුෆ් හකීම් හා රිෂාඞ් බදුර්දීන් හැරුණු විට එම මුස්ලිම් පක්ෂ දෙකේ සියලුම මන්ත්‍රිවරුන් ආණ්ඩුවට එක්කර ගැනීමට සමත් විය.
 
ඒ සඳහා තිරය පිටුපස සාකච්ඡා වට ගණනාවක් පැවැති බවද අලුත් කතාවක් නොවේ. 
 
නමුත් 20 වැනි සංශෝධනයේදී දෙමළ ජාතික සන්ධානයේ කිසිදු මන්ත්‍රිවරයකු ආණ්ඩුවත් සමඟ එක්ව ඡන්දය භාවිතා කිරීමක් සිදු නොවූ අතර, අවම වශයෙන් දෙමළ ජාතික සන්ධානය හා සාකච්ඡාවක්වත් ඒ දවස්වල සිදුවූයේ නැත.
 
 
 
කව්ද මේ ශානක්‍ය රාසමාණික්කම්?
 
නමුත් මේ සඳහා පදනම වැටුණේ පසුගියදා මුදල් අමාත්‍යවරයා වශයෙන් 2020 වසර සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අයවැයේදීය. 
 
මෙහිදී මහින්ද අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමෙන් පසු සුපුරුදු පරිදි අයවැය විවාදය ආරම්භ වූ අතර, ආණ්ඩු පක්ෂයත්, විපක්ෂයත් එහිදී එහි ඇති ගුණදොස් දක්වමින් අදහස් පළ කරන ආකාරයක් දැකගන්නට ලැබිණ. 
 
මෙහිදී දැකගන්නට ලැබුණු සුවිශේෂීම සිදුවීම දැකගන්නට ලැබුණේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන නවක මන්ත්‍රීවරයකු වූ ශානක්‍ය රාසමාණික්කම් මහතා සිදුකළ අය වැය කතාවේදීය. 
 
ශානක්‍ය රාසමාණික්කම් යනු පසුගිය වසරේ දෙමළ ජාතික සන්ධානය සමඟ දේශපාලනය කොට මඩකළපුවෙන් ජාතික ලැයිස්තුවට තේරී පත්වූ තරුණ මන්ත්‍රිවරයෙකි. 
 
තවමත් ඔහුගේ වයස අවුරුදු 30 සම්පූර්ණ වූවා පමණි. 
 
කෙසේ වෙතත් ඉතා ධනවත් පවුලකින් පැවත එන රාසමාණික්කම් අධ්‍යාපනය හදාරා ඇත්තේ නුවර ත්‍රිත්ව විද්‍යාලයේය. මේ හේතුව නිසාම දෙමළ, ඉංග්‍රීසි භාෂාව පමණක් නොව සිංහල භාෂාවද රාසමාණික්කම්ට චතුර ලෙස හැසිරීමේ හැකියාව තිබේ. 
 
''ඉතා ධනවත් පවුලකින් පැවත එන රාසමාණික්කම් අධ්‍යාපනය හදාරා ඇත්තේ නුවර ත්‍රිත්ව විද්‍යාලයේය. මේ හේතුව නිසාම දෙමළ, ඉංග්‍රීසි භාෂාව පමණක් නොව සිංහල භාෂාවද රාසමාණික්කම්ට චතුර ලෙස හැසිරීමේ හැකියාව තිබේ. ''
 
අධ්‍යාපනය නිමා කිරීමෙන් පසුව මුලින්ම රාසමාණික්කම් දේශපාලනය ආරම්භ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මඩකළපු දිස්ත්‍රික්කයේ පදිරිප්පු ආසන සංවිධායකවරයා ලෙසටය.
 
2015 මහ මැතිවරණයට මඩකළපුවෙන් ශ්‍රීලනිපයට තරග වැදුණත් එහිදී ඔහුට ජයග්‍රහණය ලබාගත හැකි වූයේ නැත. 
 
පසුව රාසමාණික්කම් ශ්‍රීලනිපයෙන් ඉවත්ව මහින්දත් සමඟ එක්ව මඩකළපුවේ දේශපාලන කටයුතු සිදුකළ අතර, ඒ හේතුවෙන් මහින්දගේ මඩකළපු නියෝජිතයා වන ටී.එම්.වී.පී. නායක පිල්ලෙයාන් සමඟ ඉතා සමීප සම්බන්ධයක්ද රාසමාණික්කම්ට තිබිණ. 
 
කෙසේ වෙතත් 2020 මහ මැතිවරණය ආසන්න වන විට රාසමාණික්කම් පිල්ලෙයාගෙන්ද ඉවත්ව දෙමළ ජාතික සන්ධානය සමඟ සමීපව කටයුතු කරන්නට පටන් ගත්තේය. 
 
ඒ නිසාම ඔහුට දෙමළ ජාතික සන්ධානයෙන් ජාතික ලැයිස්තුවට ඇතුළු වීමේ හැකියාව ලැබිණ.
 
 
පාර්ලිමේන්තුව හොල්ලපු රාසමාණික්කම්ගේ සිංහල:
 
ඒ අනුව පාර්ලිමේන්තු ආ රාසමාණික්කම් අය වැය විවාදය ආරම්භ කරමින් කළ කතාවේදී ඉතා චතුර ලෙස සිංහල භාෂාවෙන් තම කතාව සිදුකිරීමට පියවර ගත්තේ ආණ්ඩු පක්ෂයේ පමණක් නොව විපක්ෂයේ මන්ත්‍රිවරුන්ද පුදුමයට පත්කරවමිනි. 
 
ඇතැමුන් කීවේ බොහෝ කලකට පසු දෙමළ ජාතික සන්ධානයට සිංහල භාෂාවෙන් දකුණට ආමන්ත්‍රණය කළ හැකි මන්ත්‍රිවරයකු ලැබී ඇතැයි කියාය.
 
 උතුරේ ප්‍රශ්න සිංහල භාෂාවෙන් දකුණට කිව හැකි මන්ත්‍රිවරයකු ලැබී ඇතැයි කියාය. 
 
මීට පෙර එම කටයුත්ත ඉතාමත් ඉහළින් සිදුකර තිබුණේ වෙන කවුරුවත් නොව දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රි නඩරාජා රවිරාජ්ය. 
 
නමුත් ඔහුගේ ඝාතනයෙන් පසු එම හිඩැස පිරවීමට සමත් මන්ත්‍රිවරයකු සොයා ගැනීමට දෙමළ ජාතික සන්ධානයට නොහැකි විය. 
 
වසර ගණනාවකට පසු එම හිඩැස පිරවීමට දෙමළ ජාතික සන්ධානයට හැකි වූයේ රාසමාණික්කම් හරහාය.
 
 
 
ජනපති ටීවී එකෙන් රාසමාණික්කම්ගේ කතාව බලයි:
 
කෙසේ වෙතත් රාසමාණික්කම් සිංහලෙන් කළ මෙම අය වැය කතාව තවත් එක් විශේෂ පුද්ගලයෙක්ද රූපවාහිනියෙන් සජීවීව බලා සිටියේය. ඒ වෙන කවුරුවත් නොව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය. 
 
''කෙසේ වෙතත් රාසමාණික්කම් සිංහලෙන් කළ මෙම අය වැය කතාව තවත් එක් විශේෂ පුද්ගලයෙක්ද රූපවාහිනියෙන් සජීවීව බලා සිටියේය. ඒ වෙන කවුරුවත් නොව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය.'' 
 
ඉතා චතුර ලෙස සිංහල භාෂාව හසුරුවමින් අය වැය කතාව සිදුකරන දෙමළ ජාතික සන්ධානයේ මේ අලුත් තරුණයා දෙස රූපවාහිනියෙන් බලා සිටි ජනාධිපතිවරයා හට ඔහුත් සමඟ සාකච්ඡා කිරීමට ඒ මොහොතේම සිත්විය. 
 
ඒ අනුව ජනාධිපතිවරයා එම කාර්යය පැවරුවේ වෙන කාටවත් නොව කලක් නැඟෙනහිර ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කළ රෝහිත බෝගොල්ලාගමටය. 
 
රෝහිත ඒ කාර්යය අකුරටම ඉෂ්ට කරමින් පසුගිය සතියේ රාසමාණික්කම්ව ජනාධිපතිවරයා හමුවට රැගෙන ආවේය.ව ජනාධිපතිවරයා හමුවට රැගෙන ආවේය.
 
 
රෝහිත රාසමාණික්කම්ව ජනපති ළගට අරන් එයි:
 
lkjhbv
(සේයා -mawratanews.lk)
 
මෙම හමුවේදී ජනාධිපතිවරයා රාසමාණික්කම් අගය කරමින් කතා කළ අතර, වැඩිදුරටත් කියා සිටියේ මේ ආකාරයට වැඩකටයුතු කරන තරුණයන් දෙමළ ජාතික සන්ධානය හරහා පාර්ලිමේන්තුවට පැමිණ සිටීම ඉතා හොඳ ප්‍රවණතාවයක් යැයි කියාය. 
 
ඒ අනුව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයටද ආණ්ඩුවත් සමඟ එක්ව කටයුතු කිරීමට මේ වන විට කාලය පැමිණ ඇතැයි කියාය. 
 
“මොකද ඔයගොල්ලො තවමත් ඔය විදිහට කටයුතු කරන්නෙ. ඇයි ඕගොල්ලන් උතුරටයි, නැඟෙනහිරටයි හිරවෙලා දේශපාලනය කරන්නෙ. ඔයගොල්ලො අපිත් එක්ක කතා කරන්නෙ නෑ. ඒකයි මෙතැන තියෙන ප්‍රශ්නය. අපිත් එක්ක කතා කරන්න ඕගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නෑ. මම කියන්නෙ අපි ඉස්සරහට එකතු වෙලා වැඩ කරමු කියලයි. ඒක ඔයා ගිහිල්ල ඕගොල්ලන්ගෙ නායකයන්ටත් කියන්න…” යනුවෙන් ජනාධිපතිවරයා කියද්දී රාසමාණික්කම් කියා සිටියේ තමන් ඒ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානීන් දැනුවත් කරන්නම් යැයි කියාය.
 
 
 
ඇසීය යුතුම කතාවක්:
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්