ශික්ෂණ රෝහල්වල විශේෂඥ වෛද්‍ය තනතුරු 89 ක් කොරෝනා සමයේ පුරප්පාඩු වීම ගැන

ආණ්ඩුවට හිතවත් වෛද්‍ය සමිතියක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට දොස් පවරා තිබේ.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව ප්‍රතිපත්ති නිරීක්ෂණය කිරීම වෙනුවට මාරුවීම් පමාවෙන අනවශ්‍ය අත පෙවීම් සිදු කිරීම නිසා මෙම අවාසනාවන්ත තත්වය ඇති වී තිබෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  පවසන්නේ.

එම සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දුගේ අත්සනින් යුතුව නොවැම්බර් 24 අගහරුවාදා නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනයක් මගින්  වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ, රාජ්‍ය සේවා කොමිෂන් සභාව ගෙන ඇති  පහත සඳහන්පියවර තුන විශේෂඥ වෛද්‍ය හිඟයට තුඩුදී ඇති අනවශ්‍ය ඒවා  බවයි.

  1. පුරප්පාඩු තනි තනිව නොගෙන රාජ්‍ය සේවා කොමිෂන් සභාව තනතුරු 89 ක් එක ලැයිස්තුවකින් එවන ලෙස දැන්වීම නිසා ගැටළු කිසිවක් නැති තනතුරු පවා පිරවීමට නොහැකි වී ඇත.
  2. තනතුරු කිහිපයක සේවක සංඛ්‍යා පැහැදිලි නැතැයි සදහන් කරමින් පුරප්පාඩු ලැයිස්තුව තුළ අනුමත කළ හැකි තනතුරු පවා අනුමත නොකර කල් ගෙන ඇත.
  3. මාරුවීම් ප්‍රතිපත්තියේ සදහන් නැති මාරු මණ්ඩලයක් නොවන කමිටුවක් පත් කිරීම සදහා උපදෙස් දී ඇත.

shenalවෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු සිය නිවේදනය මගින් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ පත් කිරීම් කරනු ලබන්නේ වෛද්‍ය සේවා ව්‍යවස්ථාව මගින් අනුමත මාරුවිම් ප්‍රතිපත්තියකට අනුව බවයි.

මාරු කිරීම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වගකීම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පැවරෙන අතර එම මාරුවීම් ප්‍රතිපත්තිය නිවැරදිව ක්‍රියාත්මක වේදැයි නිරීක්ෂණය කර අනුමත කිරීම රාජ්‍ය සේවා කොමිෂන් සභාවට  පැවරෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තව දුරටත් පෙන්වා දෙයි.

වසර හතරෙන් මාරුවීම් ලබන සහ වසර හතරෙන් මාරු නොවන විශේෂඥ වෛද්‍යවරුන් ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ පත්වීම් වර්ග දෙකක් පවතින බව පෙන්වා දෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය නිවේදනය මගින් වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ මෙම සියලු තනතුරු සදහා අයදුම් කිරීම හා පත් කිරීම් සදහා කුසලතා පදනම මත සිදු වන පාරදෘශ්‍ය ක්‍රමවේදයක් පවතින බවයි.

"මාරු නොවන තනතුරු  (End Post)වල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් ශික්ෂණ රෝහල් වල අනුයුක්ත වී ඇති අතර එම තනතුරු පුරප්පාඩු වු වහාම පිරවීම, මාරු ප්‍රතිපත්තියට අනුව සිදු විය යුතුය," යි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් ය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image