වෙබ් අඩවි තහනම් කිරීමක් සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නැතත් ඒ සම්බන්ධයෙන්
සාකච්ඡා වෙමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සඳහන් කරයි.
ඔහු එබව කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.
පුද්ගලයන්ගේ චරිත ඝාතනය කරමින් මඩ ගසමින් අසත්‍ය තොරතුරු පළ කරන කිසිදු ලියාපදිංචියක් නොමැති වෙබ් අඩවි කිහිපයක් ඇති බව ද ඔහු එහිදී පැවසීය.
එවන් වෙබ් අඩවි සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයැයි යන මතයේ රජය සිටිනා බව ද ඔහු සඳහන් කළේය
එය සිදුකරන්නේ රජය වෙනුවෙන් නොව රටේ ජනතාවගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් බවද මන්ත්‍රීවරයා තව දුරටත් කියා සිටියේය.
මේ අතර ආණ්ඩුවේ ප්රචාරක කටයුතු මෙහෙයවන ව්‍යාපාරිකයකු විසින් නඩත්තු කරන emanisa.lk වාර්තා කර ඇත්තේ, බ්‍රිතාන්‍ය මාධ්‍ය නාළිකාවක් වන BBC ආයතනය ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව නැවතත් සිය මඩ අවලාද මෙහෙයුම දියත් කර ඇති බවයි.
එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.
''ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පදවි ප්‍රාප්තියට වසරක් පිරීම නිමිත්තෙන් ලිපියක් පළ කරන BBC ආයතනයේ සිංහල අංශය මේ වන විට ජනාධිපතිවරයා මෙහෙවින් මහා සංඝ රත්නය සහ ජනතාව අතර අප්‍රසාදයට ලක්ව ඇති බව හුවා දැක්වීමට විශේෂ උත්සාහයක් දරා තිබේ.
ඒ සඳහා වර්තමාන ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන කණ්ඩායම් දිගින් දිගට ම හුවා දක්වමින් මහ පොළොවේ නොමැති කෘත්‍රිම මතයක් මතු කරලීමට ලිපිකරුවා කටයුතු කර තිබේ.
එසේ ම හමුදා නිලධාරීන් 28 දෙනෙකු රාජ්‍ය පාලනයට සම්බන්ධ වී ඇති බව බවත් මේ වන විට ශ්‍රී ලංකාවේ ජාතිවාදයට සිංහල බෞද්ධ වීම ප්‍රමාණවත් නොවන බවත් හමුදාවේ අයෙකු වීම ද අවශ්‍ය බවත් පවසයි.
ඔහු එමගින් සම්පූර්ණයෙන් කටයුතු උත්සාහ කර ඇත්තේ මේ රටේ ප්රජාතන්ත්රවාදී පාලනයක් නොව හමුදා පාලනයක් පවතින බවට චිත්‍රයක් ඇඳීමට ය.
කෙසේ වුව ද හමුදාවෙන් විශ්‍රාම ගිය පසු එම නිලධාරීන් සාමාන්‍ය සිවිල් වැසියන් බවත් මෙරට රාජ්‍ය පාලනය හා සම්බන්ධ නිලධාරීන් ප්‍රමාණය හා සසඳන කල නිලධාරීන් 28 දෙනෙකු යනු ඉතාම සුළු පිරිසක් බවත් මෙයට පෙර ද විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් විවිධ පරිපාලන තනතුරු දරා ඇති බවත් වසං කිරීමට ලිපිකරුවා කටයුතු කර තිබේ.
''කෙසේ වුව ද හමුදාවෙන් විශ්‍රාම ගිය පසු එම නිලධාරීන් සාමාන්‍ය සිවිල් වැසියන් බවත් මෙරට රාජ්‍ය පාලනය හා සම්බන්ධ නිලධාරීන් ප්‍රමාණය හා සසඳන කල නිලධාරීන් 28 දෙනෙකු යනු ඉතාම සුළු පිරිසක් බවත් මෙයට පෙර ද විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් විවිධ පරිපාලන තනතුරු දරා ඇති බවත් වසං කිරීමට ලිපිකරුවා කටයුතු කර තිබේ.''
කොටි ත්රස්තවාදයට එරෙහි මානුෂික මෙහෙයුම් සමයේ එම ත්රස්තවාදීන් කැරලිකරුවන් සහ විමුක්ති සටන්කාමීන් ලෙස හඳුන්වමින් ත්රස්තවාදයට සුදු හුනු ගෑ BBC ආයතනය පසුගිය පාස්කු ප්‍රහාරය මුලින් වාර්තා කළේ සිංහල බෞද්ධයින් විසින් කතෝලිකයන්ට එල්ල කළ ප්‍රහාරයක් ලෙස ය.
ඒ සඳහා යොදා ගෙන තිබුණේ විදෙස්ගත බෙදුම්වාදී කොටි සාමාජිකයෙකි.
පසුගිය ජනාධිපතිවරණ සමයේ BBC සිංහල සේවයේ අසාම් අමීන් එජාප අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ ආකාරය රංජන් රාමානායකගේ හඬපට ඔස්සේ අනාවරණය වීම නිසා ඇති වූ විරෝධය හමුවේ සේවයෙන් පහ කිරීමට ද සිදුවිය.
ශ්‍රී ලංකා හමුදාව සහරාන්ගේ ඥාතීන් මරා දැමූ බව BBC ඔස්සේ ලෝකයට වාර්තා කළේ ද අසාම් අමීන් ය.''
BBC මාධ්‍යවේදියා ගෙන් ප්‍රශ්න කරයි :
බීබීසී මාධ්‍යවේදී ෂර්ලි උපුල් කුමාර
මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමට අනුයුක්ත පොලිස් ඒකකය විසින් බීබීසී මාධ්‍යවේදී ෂර්ලි උපුල් කුමාර් ගෙන් ඊයේ (24) ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. ඒ, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග කළ සංවාදයක් සම්බන්ධයෙනි.
මාධ්‍ය දඩයම නවත්වන්න' - විපක්ෂ නායක
ආණ්ඩුව මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී ඇති ආකාරය පිළිබඳව පසුගිය 18 දා විශේෂ ප්‍රකාශයක් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුයේ, ආණ්ඩුව මේ වනවිට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඉලක්ක කොටගෙන දැවැන්ත දඩයමක් දියත්කර ඇති බවත් ආණ්ඩුව පත්වී වසරක් තුල සිදුවන මේ බරපතල ප්‍රහාරය තරයේ හෙලා දකින බවත්ය.
මේ ආණ්ඩුවේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයේ ශ්‍රී ලංකාව තුළ මාධ්‍ය නිදහස සුරක්ෂිත කොට පෝෂණය කරන බව ඉතා පැහැදිලිව සදහන් කොට ඇතත්, වසරක් යන්නත් පෙර ඒ සියල්ල බොරු වී ඇති බවත් ඔහු අවධාරණය කර සිටියේය.
සබැඳි පුවත් :
පාස්කු ඉරිදා ප්‍රහාරය : මෛත්‍රී සමග සාකච්ඡා කළ BBC මාධ්‍යවේදියාගෙන් ප්‍රශ්න කරයි.
ඉමිටියාස් කියපු ජනමාධ්‍යවේදීන් දෙසීයේ ලැයිස්තුව
"සිංගප්පූරු පන්නයේ වෙබ් අඩවි මර්දනයකට ආණ්ඩුව සැරසෙනවා": රසික ජයකොඩි