20 වැනි සංශෝධනයට එරෙහිව අදහස් දැක්වූ මහා සංඝරත්නය නිහඬ කිරීම සඳහා
රජය අනුගමනය කළ ක්‍රියාමාර්ග ඒකාධිපති රටක, අත්තනෝමතික රාජාණ්ඩුවක් පවතින සමාජයක සිදුවිය හැකිමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ශ්‍රී ලංකාව තුළ එවැන්නක් සිදුවීම ගැන අප ලැජ්ජාවිය යුතු බව හිටපු කතානායක කරු ජයසුරිය පවසයි.
 
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති ලෙස ඔහු කොළඹ 'ජානකී' උත්සව ශාලාවේ අද (26) විශේෂ ප්‍රවෘත්ති සාකච්ජාවක් කැඳවා ඊට අදාල කරුණු රැසක් අනාවරණය කළේය. 
 
එහිදී ඔහු මෙසේ පැවසිය. 
 
''20 වැනි සංශෝධනයට එරෙහිව විශාල ජනමතයක් ඇති වු බව අප දන්නා සත්‍යයක්. එමෙන්ම මහා සංඝරත්නය ඇතුළු අනෙකුත් ආගම් නායකයන් මෙන්ම සිවිල් සමාජය, බුද්ධිමතුන් ඇතුළු ජන සමාජයේ දැඩි විරෝධයක් මුළු රට තුළින්ම ගොඩ නැගුනා..
 
පසුගිය ඔක්තෝබර් 12 වන දින ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමාග්‍රී සංඝ සභාවේ උගත් මහතෙරුන් වහන්සේලා ද මේ ගැන බලවත් විරෝධය ප්‍රකාශ කළා .
 
ඉන්පසුව කතෝලික රදගුරු සම්මේලනය ද, ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය ද එම මතය අනුමත කරමින් සිය විරෝධත්වය ප්‍රකාශ කලා...'' 
 
kARUj''මෙහිදී කිසිසේත්ම තේරුම් ගත නොහැකි ආකාරයට ඊට පසු දින උදැසන අමරපුර රාමඤ්ඤ සාමාග්‍රී සංඝ සභාවේ නිලතල උසුලන අනුනායක මහාචාර්ය ආදී මහතෙරුන් හමුවීමට ගොස් ඇති පොලිස් නිලධාරීන් පිරිසක් උන්වහන්සේලාගෙන් මේ ප්‍රකාශ ගැන කරුණු විමසා තිබෙනවා.'' - කරු ජයසුරිය 
 
මෙහිදී කිසිසේත්ම තේරුම් ගත නොහැකි ආකාරයට ඊට පසු දින උදැසන අමරපුර රාමඤ්ඤ සාමාග්‍රී සංඝ සභාවේ නිලතල උසුලන අනුනායක මහාචාර්ය ආදී මහතෙරුන් හමුවීමට ගොස් ඇති පොලිස් නිලධාරීන් පිරිසක් උන්වහන්සේලාගෙන් මේ ප්‍රකාශ ගැන කරුණු විමසා තිබෙන බව පැවසු හිටපු කතානායකවරයා, ජනතාව තුළ උද්වේගකර තත්වයක් ඇතිවීමට ඉඩ තිබූ නිසා එම සිද්ධිය එම අවස්ථාවේ ප්‍රසිද්ධියට පත්නොකර සුදුසු අවස්ථාවකදී ඒ ගැන කතා කිරීම වඩා යහපත් බව තම සංවිධානයේ බුද්ධි මණ්ඩලයේ තීරණය කළ බවද මෙහිදී අනාවරණය කළේය. 
 
 
''එම සත්‍ය සිද්ධිය හෙළිදරව් කිරීමට අද දින සුදුසු බව අපගේ හැඟීමයි.'' ඔහු පැවසිය.
 
ජන සමාජයේ දැඩි විරෝධයක් එල්ල වූ 20 වන සංශෝධනයට එරෙහිව සිය මතය පලකිරීම ගැන රටේ ඉහලම පිළිගැනීමක් ඇති කාගෙත් ගෞරවයට පාත්‍රවූ මහතෙරුන් වහන්සේලාගෙන් ප්‍රශ්ණ කිරීමට යාම සිදු නොවිය යුතු කරුණක් බව අවධාරණය කර සිටී හිටපු කතානායකවරයා, ඒකාධිපති රටක, අත්තනෝමතික රාජාණ්ඩුවක් පවතින සමාජයක මෙවැනි සිදුවීම් විය හැකිමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ශ්‍රී ලංකාව තුළ එවැන්නක් සිදුවීම ගැන ලැජ්ජාවිය යුතු බවද කියා සිටියේය.
 
''මෙවැනි සිද්ධීන් නිසා රජයේ ගෞරවයට හා කීර්ති නාමයට හානිකරනවා. එබැවින් වහාම මේ ගැන පරීක්ෂණයක් පවත්වා මෙයට වගකිවයුතු පුද්ගලයින්ට නීත්‍යානුකූලව ක්‍රියා කරන ලෙස අප විශේෂයෙන්ම රජයෙන් ඉල්ලා සිටිනවා.'' යයි ඔහු සඳහන් කළේය.
 
Madille xda
''රටේ සිදුවන දූෂණ හා අක්‍රමිකතා පිළිබදව කරුණු දැක්වූ පූජ්‍ය මැඩිල්ලේ ප්‍රඥාලෝක හිමියන් CID ප්‍රශ්න කිරීමට ලක්ව තිබෙනවා.''
 
එමෙන්ම රටේ සිදුවන දූෂණ හා අක්‍රමිකතා පිළිබදව කරුණු දැක්වූ සිංහලේ ජාතික බලමණ්ඩලයේ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ ප්‍රඥාලෝක හිමියන් කරුණු දැක්වීම හේතුවෙන් රහස් පොලීසියේ ප්‍රශ්න කිරීමට ලක්ව තිබෙන බවද කරු ජයසුරිය මෙහිදී සඳහන් කළේය. 
 
එමෙන්ම මේ රටේ මාධ්‍යකරුවන් 200කගේ තොරතුරු ඇතුලත් ලේඛණයක් රහස් පොලීසියට යොමුකර ඇතිබව හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයෙකු වූ ඉම්තියාස් බාකීර් මාකර් මැතිතුමා පාර්ලිමේන්තුවේදී කරුණු දැක්වූ බවත්, තව සති කිහිපයකින් ශ්‍රි ලංකාවේ සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි නියාමනය කිරිම සඳහා නව නීති සම්පාදනය කරන බවට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සඳහන් කර ඇති බවත් පෙන්වා දුන් කරු ජයසුරිය, ''මෙහිදීත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට හානිවන නීතිරීති ඇතුලත් නොවේවායි ප්‍රාර්ථනා කරනවා.'' යයි ද කියා සිටියේය.
 
කතාකිරීමේ හා අදහස් පලකිරීමේ අයිතියට එල්ල වන බාධා කිරීම් ගැන රට තුළින් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බවත්, ඒ පිළිබදව වන සංවාදයන් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටදීත් සිදුවන බවත් කියා සිටි කරු ජයසුරිය, කතා කිරීමේ අයිතිය එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් මුලික මිනිස් අයිතිවාසිකමක් වන අතර ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවේ 14 වන වගන්තිය මඟින් මෙම අයිතිය සෑම පුරවැසියකුටම ලබාදී ඇතැයි ද පෙන්වා දුන්නේය.
 
'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' 2013 සිටම එම අයිතීන් ආරක්ෂා කරගැනිමට විශාල කැපවීමක් කටයුතු කළ බවත්, ඒ වෙනුවෙන් සටන් කළ බවත් කියා ඔහු සඳහන් කළේය.
 
''එහෙයින් වර්තමානයේ අප දුටු අත්දැකීම් කෙලින්ම අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයටත් පොදුවේ ජනතාවට පැහැදිලි කිරීමත් අපගේ යුතුකමක් වශයෙන් දකිනවා.'' යයි ද හිටපු කතානායකවරයා පැවසිය.
 
''මාධ්‍ය ශිලාචාරව රටේ පවතින නීති රීතිවලට ගරු කරමින් ක්‍රියාකල යුතු බව අපගේ නිර්දේශයයි'' යයි සඳහන් කල හිටපු කතානායකවරයා, එහිදි රජය හා ජනමාධ්‍ය සමාජය අතර පොදු සම්මුතියකට එළඹීම ඉතා වැදගත් බව අවධාරණය කළේය.
 
 
 
පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙතෙක් සිදු නොවුන වැඩක් !
 
''අප දන්නා ඉතිහාසය තුළ අද පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන්නේ ජනමාධ්‍යවේදීන්ගේ ආවේක්ෂණයෙන් තොරවයි. අද වනවිට පාර්ලිමේන්තු වාර්තාකරණය සඳහා ජනමාධ්‍යවේදීන්ට ඉඩක් ලබාදෙන්නේ නැහැ. පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලය අනෙකුත් රාජ්‍ය නිළධාරීන්ට මෙන්ම විවිධ සේවා සපයන බාහිර පුද්ගලයන්ට පවා පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළුවීමට ඉඩක් ලැබී ඇතත් මාධ්‍යවේදීන්ට පමණක් ඔවුන් සතුව තිබූ විශේෂ වරප්‍රසාදයක් අහිමි කිරීම අතාර්තික දෙයක්, තේරුම්ගත නොහැකි දෙයක් බව පැවසු හිටපු කතානායකවරයා, ශ්‍රී ලංකාව යනු ජනමාධ්‍යවේදීන්ට එරෙහිව වූ අපරාධ රාශියක් සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොකළ ඉතිහාසයක් සහිත රටක් බව අප අමතක නොකල යුතු බවද අවධාරණය කර සිටියේය.
 
ඒ පිළිබදව පුද්ගලිකව පවා තමා තුළ ඇත්තේ බලවත් වේදනාවක් බව පැවසු කරු ජයසුරිය, ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම ඕනෑම රජයක වගකීමක් බවත්, පසුගිය රජයෙන්ද අප එය අපේක්ෂා කළ නමුත් ඒ කිසිවක් ඉටුවුයේ නැති බවත් පැවසිය.
 
''අප අද ජීවත් වන්නේ ජනමාධ්‍යයට එරෙහිව සිදුවූ බරපතල හා බිහිසුණු අපරාධ රාශියකට වගකිව යුතු අපරාධකරුවන් තවමත් නිදැල්ලේ සිටින රටකයි.'' - කරු ජයසුරිය 
 
තවදුරටත් අදහස් දැක්වූ කරු ජයසුරිය මෙසේද සඳහන් කළේය.
 
''වර්තමාන ආණ්ඩුවට නව ජනාධිපතිවරයෙක් නායකත්වය දුන්නද එය නැවුම් ආණ්ඩුවක් ලෙස සැලකිය හැකි නොවේ. 
 
වර්තමාන අග්‍රාමාත්‍යවරයා මේ රටේ විධායක ජනාධිපති ධුරය දෙවරක්ම හොබවා ඇති පලපුරුදු මෙන්ම ජේෂ්ඨතම දේශපාලඥයෙක්. 
 
වර්තමාන ගරු ජනාධිපතිවරයාද පසුගිය ආණ්ඩු දෙකකදී මේ ආරක්ෂාව භාරව සිටී ජේෂ්ඨතම නිළධාරියෙක්. 
 
එබැවින් ඔවුනට රාජ්‍ය පාලනය පිළිබදව මනා පරිචයක් හා අත්දැකීම් ද තිබෙනවා. 
 
ඒ අනුව අද අප මේ ඉදිරිපත් කරන කරුණු කාරණා තේරුම් ගැනීමට තරම් ඔවුන් පරිණත හා මනා අවබෝධයකින් යුක්ත අයයි.
 
''සාමාන්‍යයෙන් බලයට පත්වන ඕනෑම ආණ්ඩුවක පළමු වසර සැලකෙන්නේ ජනතාවගේ බරපතල විවේචනයන්ට ලක් නොවන ජනමාධ්‍ය හා රජය අතර ගැටුම් ඇති නොවන සාමකාමී හා සුන්දර කාල පරිච්ජේදයක් ලෙසටය. එහෙත් අප රටේ ගෙවුනු වසරට අදාලව සැලකීමේදී එය එසේ වී නැත. ඒ පිළිබදව අපට ඇත්තේ කණගාටුවක්. ''
 
 
 
 
අතීතයේදී අත්විදි අදුරු සෙවනැලි ....
 
එමෙන්ම අප අතීතයේදී අත්විදි අදුරු සෙවනැලි ඒ අතුරින් මතුවන බවක්ද අද පෙනෙන්ට තිබෙනවා. අප වඩාත්ම කම්පාවට ලක්වන්නේ ඒ ගැනයි.
 
මෑත කාලයට අදාලව අප රටේ ජනමාධ්‍යවේදීන් මුහුණ දුන් අභාග්‍ය සම්පන්න සිදුවීම් ගණනාවක් මෙහිදී පෙන්වා දෙනු කැමැත්තෙමු.
 
Dharisha Bastians#  සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ මෙන්ම නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතේ කොළඹ වාර්තාකාරිණියද වූ දරීෂා බැස්ටියන්ගේ නිවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සෝදිසියට ලක්වීම හා ඇය පරිහරණය කරන ලද ලැප්ටොප් පරිඝනකය අත්අඩංගුවට ගැනීම මෙන්ම ඇයගේ සමීපමතයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීමට ලක් කිරීම ගැනද අපට අසන්නට ලැබුණා.
 
ඇය අන්තර් ජාතිකව පිළිගත් මාධ‍්‍යවේදිනියක්.
 
#  දරීෂා බැස්ටියන් සේවය කළ ලේක්හවුස් ආයතනයේ ප්‍රධානී ක්‍රිෂාන්ත කුරේ සභාපතිවරයාටද මේ ආකාරයට ඔප්පු කළ නොහැකි විවිධ චෝදනා වලට ලක් කරමින් අපහාසයට ලක්කළා. 
 
ක්‍රිෂාන්ත කුරේ මහතා මාධ්‍යවේදියෙකු, කළමණාකරුවෙකු හා මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වශයෙන් ලෝකයේ ගෞරවය උපයාගත් චරිතයක්.
 

 militarised 2020.10.12කනපතිපිල්ලෙයි කුමනන් සහ ශන්මුගම් තවසීලන් යන මාධ්‍යවේදීන් දෙදෙනා ඔක්තෝබර් 12 වැනි දා අමානුෂික ලෙස පහර දීමකට ලක්විය

 
#  මුලතිව් ප්‍රදේශයේ සිදුවූ දැව සංහාරයක් පිළිබදව වාර්තාකළ වීරකේසරී පුවත්පතේ වාර්තාකරුවෙකු වන කණපති පිල්ලේ කුමනන් සහ හිරු මාධ්‍ය ජාලයේ ශන්මුගම් තවසීලන් යන මාධ්‍යෙව්දීන්ට කිසියම් පිරිසක් පහර දී තුවාල සිදුකර තිබුණා. 
 
එමෙන්ම ඔවුන්ගේ කැමරා උපකරණවලට හානිකර තිබුණා.
 
මේ පිළිබදව මේ රටේ ජනමාධ්‍ය සංවිධාන ගණනාවක්ම පොලිස්පතිවරයා වෙත කරුණු දැක්වූ බවද අපට අසන්නට ලැබුණා. 
 
#  එමෙන්ම මොණරාගල ප්‍රදේශයේ සිදුවූ වැලි ජාවාරමක් පිළිබදව තොරතුරු වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදී ඉදුනිල් විජේනායක මහතා පහර කෑමකට ගොදුරු වුණා.
 
#  කොළඹ මහාධිකරණ පරිශ්‍රය තුළ රාජකාරී කරමින් සිටි ජායාරූප මාධ්‍යවේදියෙකු වන අකිල ජයවර්ධන මහතාගේ රාජකාරී කටයුතුවලට බාධා කරමින් පොලිස් පරීක්ෂණ වරයෙකු සිදුකල තර්ජන පිළිබදවද අපට අසන්නට ලැබුණා.
 
මෙවැනි අභාග්‍ය සම්පන්න සිදුවීම් රැසක් පිලිබදව පසුගිය කාලයේදී වාර්තා වුණා.
  
''මේ අතර අපගේ සුවිශේෂි අවධානයක් යොමුවිය යුතු අනෙක් කරුණ වන්නේ සමාජ මාධ්‍ය ජාලය හරහා අදහස් පළකරන මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ට එල්ල වී ඇති තර්ජනයන්ය. ''
 
rAMSI rAZIKපසුගිය අප්‍රේල් මාසයේදී අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රඳවාගෙන සිටි රම්සි රාසික් මහතාට මුහුණ දෙන්නට සිදුවූ කණගාටුදායක ඉරණම ඒ සඳහා දැක්විය හැකි එක් නිදසුනකි. ඔහුට ඇප ලබාගැනීමට හැකිවූයේ මාස ගණනාවකට පසුවයි.
 
 
පුද්ගලයෙකුට මතයක් දැරීමට අයිතියක් ඇති බව.
 
ඔහුට ඇප ලබාදෙමින් කොළඹ මහාධිකරණයේ ගරු විනිසුරුතුමා සිදුකර ඇති සදහන මේ රටේ බලධාරීන් ගැඹුරින් අවබෝධ කරගත යුතුව තිබේ.
 
එහිදී ගරු විනිසුරුතුමා ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වෙනි පරිච්ජේදයේ 10 වන වගන්තිය අනුව කිසියම් පුද්ගලයෙකුට මතයක් දැරීමට අයිතියක් ඇති බවයි. 
 
එමෙන්ම ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් විවිධ අවස්ථාවලදී ලබාදුන් නඩු තීන්දු ගණනාවකට අනුව අදහස් පල කිරීමේ අයිතිය තුළ විරෝධතා දැක්වීමේ අයිතියද අන්තර්ගත බව එහිදී ගරු විනිසුරුතුමා මැනවින් පෙන්වා දී තිබෙනවා.
 ghfh
ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් විවිධ අවස්ථාවලදී ලබාදුන් නඩු තීන්දු ගණනාවකට අනුව අදහස් පල කිරීමේ අයිතිය තුළ විරෝධතා දැක්වීමේ අයිතියද අන්තර්ගත වේ.
 
එහෙත් අප කම්පාවට පත් කරන කරුන වන්නේ එසේ තිබියදී නිදහසේ අදහස් පලකරන මේ රටේ පුරවැසියන් අත්අඩංගුවට ගැනීම් තවදුරටත් සිදුවන බව අසන්නට ලැබීමයි.
 
මෙහිදි අප වඩාත්ම කම්පා වන්නේ කෝවිඩ් වසංගතයට අදාලව යම් යම් අදහස් හා මත ප්‍රකාශ කල සමාන්‍ය පුරවැසියන් පවා අත්අඩංගුවට ගැනීමට බලධාරීන් කටයුතු කිරීම ගැනයි.
 
අද වනවිට මෙම අවාසනාවන්ත තත්වය ජාත්‍යන්තර මට්ටමින්ද අවධානයට ලක්වෙමින් පවතිනවා. 
 
මේ තත්වය ගැන බ්‍රිතාන්‍ය ආණ්ඩුවත් පසුගිය සතියේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 
 
එමඟින් ප්‍රකාශ වී ඇත්තේ විරුද්ධ මතධාරීන් දඩයම් කරන රටවල් 30ක් ගැන ඔවුන්ගේ අවධානය යොමු කර තිබෙන බවයි. ශ්‍රී ලංකාව ගැනත් එහි සඳහන් වනවා.
 
gsdgjj''කොවිඩ් වසංගත තත්වය මර්දනය කිරීම ගෝලීය වශයෙන් මෙන්ම ජාතික වහයෙන්ද වන වගකීමක් බව අප පිලිගන්නෙමු. එහිදී මහජනතාව බියට පත්කරන අසත්‍ය තොරතුරු සමාජගතවීම වැලැක්වීම සඳහා පියවර ගතයුතු බවද පැහැදිලිය.'' -කරු ජයසුරිය 
 
එහිදී වඩාත්ම ප්‍රශස්තම ක්‍රමය වන්නේ නිසි හා නිවැරදි තොරතුරු සමාජගත කිරිම සඳහා රජය මඟින් නිසි වැඩපිලිවෙලක් සැකසීමයි. 
 
යම් වැරදි තොරතුරක් පලවී ඇත්නම් වගකීමකින් යුක්තව එය නිවැරදි කිරීමයි.
 
එහිදි අපට මහා බ්‍රිතාන්‍යයෙන් බොහෝ ආදර්ශ ගතහැකියි.
 
2012 – 2014 කාලවලදී මාධ්‍ය අයිතිවාසිකම් මෙන්ම මාධ්‍යවේදීන් රැක ගැනීම වෙනුවෙන් සෝභිත හිමිපාණන් ප්‍රමුඛ අප සංගමයට පාරදිගේ විරෝධතා කිරිමට සිදුවුනා.
 
නමුත් එදා මාධ්‍යයෙහි ස්වභාවයත් අද මාධ්‍යයහි ස්වභායත් අතර වෙනස්කම් දැකිය හැකියි. 
 
නව තාක්ෂණය වර්තමාන මාධ්‍ය කේෂත්‍රය බොහෝ ඉදිරියට රැගෙන ගොස් තිබෙනවා.
 
 සමාජ මාධ්‍ය විශාල ලෙස වර්ධනය වි තිබෙනවා. අද වනවිට ජනතාව මුලා කිරීම හැමවිටම කරන්න බැරිවන දෙයක්. වැඩි කල් නොගොස් සත්‍ය එළිවෙනවා.
 
එම නිසා රජය හැම විටම නිවැරදි මාර්ගය තෝරාගත යුතුයි. 
 
මාධ්‍ය මර්දනය කර සමාජ මාධ්‍ය අඩපණ කර හෝ අවහිර කර මේ රට පාලනය කිරීමට යම් අයෙක් බලාපොරොත්තු වන්නේ නම් එහි ප්‍රතිවිපාක නිසැකවම විදින්නට සිදු වෙනවා.
 
''මාධ්‍ය මර්දනය කර සමාජ මාධ්‍ය අඩපණ කර හෝ අවහිර කර මේ රට පාලනය කිරීමට යම් අයෙක් බලාපොරොත්තු වන්නේ නම් එහි ප්‍රතිවිපාක නිසැකවම විදින්නට සිදු වෙනවා.''
 
 
නිවැරදි මාර්ගය තෝරා ගන්න.
 
අපට නිවැරදිව  ලෝකය සමඟ ගණුදෙනු කරන්නට අවශ්‍ය නම්, මේ රටට ආයෝජන ගෙන්වා ගැනීමට ඕනෑනම්, GSP සහනය ලබා ගන්නට ඕනෑනම්, ප්‍රජාතන්ත්‍රවාදි පාලනයක් සහිත රටක් ලෙස ලෝකය ඉදිරියේ යහපත් පිළිගැනිමක් රඳවා තබාගැනිමට අවශ්‍ය නම්, නිවැරදි මාර්ගය තෝරා ගන්න. 
 
රටේ අනාගත යහපත හා සෞභාග්‍ය රැදෙන්නේ 20 වන සංශෝධනයෙන් ලබාගත් අසීමිත බලතල තුළ නොවේ. අතිගරු ජනාධිපතිතුමා ගනු ලබන යහපත් තීරණ අනුවයි.
 
මෙහිදී ගරු ජනාධිපතිතුමාගෙන් එක් ඉල්ලීමක් කරන්නට කැමැතියි.
 
එනම් රටට අදාල, ජාතික වශයෙන් ඉතා වැදගත් තීන්දු තීරණ ගැනීමේදී එම තීරණ ඔබතුමා උපදෙස් ලබාගන්නා මහා සංඝ සමුළුවේ ආශිර්වාදයෙන් ලබාගන්නා ලෙසයි.
 
එය ඔබතුමන් මෙන්ම එම උත්තරීතර සංඝනායක හිමිපාණන් වහන්සේලාගේ ද ගෞරවය රැකදීම සඳහාත් ඉවහල් වෙනවා.''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්