කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින අවස්ථාවක
රාජ්‍ය ආයතනවල වෙළඳ  දැන්වීම් අත්හිටුවීමට රජය කටයුතු කරන්නේ නම්, රජයේ ප්‍රචාරක වැඩසටහන් තවදුරටත් ප්‍රචාරය නොකිරීමට ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතන මේ වනවිට තීන්දු කර ඇතැයි වාර්තාවේ.
 
මින් ඉදිරියට දැන්වීම් පලනොකරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර රජයේ සියලුම ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබිණ.
 

PB letter

රජයේ වෙළඳ දැන්වීම් අත්හිටුවීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත අද (26) ලිපියක් යොමුකර ඇති ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය, රජය විසින් ගෙන ඇති එම තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තම සංගමයට අවස්ථාවක් ලබාදෙන මෙන් ඉල්ලීමක් කර තිබේ.
 
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ගැටළු රැසකට මුහුණ පා සිටින අවස්ථාවක රාජ්‍ය ආයතනවල වෙළඳ  දැන්වීම් අත්හිටුවීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් මෙරට මාධ්‍ය ආයතන දැඩි අර්බුදයකට මුහුණ පා ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.
 
2021 අයවැය විවාදයේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂයන් විවාදයට ගැනුණු දිනයේදීම රජය විසින් එම තීරණය ගැනීම කණගාටුවට කරුණක් බවද ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ සභාපති අසංග ජයසුරියගේ අත්සනින් යුතුව මාධ්‍ය ඇමතිවරයා වෙත යොමුකර ඇති එම ලිපියේ සඳහන් වේ.
 
කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් ජනතාව නිරන්තරයෙන් දැනුවත් කරමින් මෙම තීරණාත්මක අවස්ථාවේ මෙරට ජනමාධ්‍ය සිදු කරන මෙහෙවර සුවිශේෂී බව එම ලිපිය මගින් අවධාරණය කර ඇත. 
 

dfsadf

 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්