මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අධි චෝදනා ලබා සිටින ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු
ඇප පිට මුදා හැරීමට අනුමැතිය ලබා දුන් නීතිපතිවරයා කිසිදු චෝදනාවක් ගොනු නොකොට හත් මාසයක් තිස්සේ නීතිඥවරයකු හිරකොට තබාගෙන සිටීම බරපතල ප්‍රශ්න කිරීමට තුඩු දී තිබේ.
 
පහළොස් අවුරුද්දකට ඉහත නත්තල් දා රෑ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ලබා සිටින සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට ඇප නියම කිරීමට හරස් නොවූ නීතිපති දප්පුල ඩී ලිවේරා අධි චෝදනා ගොනු කිරීමක් තබා මූලික මහේස්ත්‍රාත් විභාගය සඳහා අවැසි චෝදනාවක් හෝ නිසි පරිදි ගොනු කොට නැති නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් නිදහස් නොකරන්නේ මන්දැයි නීතිවේදීහු විමසති.
 

DappulaDපාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ලබා සිටින සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට ඇප නියම කිරීමට හරස් නොවූ නීතිපති දප්පුල ඩී ලිවේරා අධි චෝදනා ගොනු කිරීමක් තබා මූලික මහේස්ත්‍රාත් විභාගය සඳහා අවැසි චෝදනාවක් හෝ නිසි පරිදි ගොනු කොට නැති නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් නිදහස් නොකරන්නේ මන්දැයි නීතිවේදීහු විමසති.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සැකපිට නීතිඥ හිස්බුල්ලා ජනාධිපතිගේ නියෝගයෙන් රඳවාගෙන සිටියදී නීතිපතිවරයාගේ අනුමැතිය පරිදි මඩකලපුව මහධිකරණ විනිසුරු ටී. විග්නේශ්වරම් විසින් සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් ඇතුළු පස් දෙනකු නොවැම්බර් 24 දා ඇප පිට නිදහස් කර හැරීම නීති ක්ෂේත්‍රයේ දැඩි කතා බහට ලක්ව තිබේ.

Suren Fanando''මිනීමැරීම සම්බන්ධයෙන් අධිචෝදනා ඇති, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉන්න සැකකරුවකුට ඇප දීමට නීතිපතිවරයා එකඟ වන්නේ නම්, කිසිදු අධිචෝදනාවක් ගොනු කොට නැති හිජාස්, අත්අඩංගුවට ගැනීමෙන් බොහෝ කාලයක් ගතවීත්, තවමත් විධායක රැඳවුමේ තබාගෙන ඉන්නේ ඇයි? '' දැයි නීතිඥ සුරේන් ප්‍රනාන්දු සමාජ මාධ්‍ය ඔස්සේ විමසා සිටී.

නැගෙනහිර පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු පස් දෙනෙකුට නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර තිබුණේ මඩකලපුව දිස්ත්‍රික් හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රි ජෝසප් පරරාජසිංහම් 2005 වසරේ නත්තල් දිනයේ මඩකලපුව ශාන්ත මේරි දේවස්ථානය තුළදි වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙනි. 

මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස ඡන්දය දිනා සිටින චන්ද්‍රකාන්තන්, අගමැති මහින්ද රාජපක්ෂ විසින් පසුගියදා මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ලෙස ද පත්කරන ලදී. 

Pilleanආණ්ඩු පක්ෂයේ දේශපාලකයන් විසින් මැතිවරණ සමයේදී ප්‍රකාශ කර තිබුනේ තමන් ජය ලබා චූදිත දේශපාලකයා නිදහස් කරන බවයි.

නමුත් පාස්කු බෝම්බ ප්‍රහාරයට සැකපිට යැයි අත්අඩංගුවට ගෙන ඔප්පු කළ නොහැකි චෝදනා යටතේ මාස අටකට ආසන්න කාලයක් නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් රඳවාගෙන සිටින්නේ විවිධ පුද්ගලයන් විසින් රජයට එරෙහිව ගොනු කරන ලද නඩු මෙන්ම මූලික අයිතිවාසිකම් පෙත්සම් ද වෙනුවෙන් ඔහු පෙනී සිටීම නිසා යැයි දෙස් විදෙස් නීතිවේදීන් මෙන්ම, ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානද චෝදනා කරයි. 

ජීනිවා මුලස්ථානය කොටගත් ජාත්‍යන්තර විනිසුරන්ගේ සංවිධානය, යුරෝපා සංගමය, හියුමන් රයිට්ස් වොච් සංවිධානය සහ ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය ඇතුළු වෙනත් සංවිධාන ගණනාවක් ගෙවුණු මාස කිහිපයේදි නිකුත් කරන ලද නිවේදනවලින් මමේ කරුණු අවධාරණය කර තිබේ.

 

බොරු චෝදනා එකපිට එක:

මේ අතර හිජාස් හිස්බුල්ලාහ් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටින නීතිඥවරයෙක් පවසන්නේ ඔහුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශන මෙන්ම ඉදිරිපත් කර තිබෙන චෝදනාද වරින් වර වෙනස් කිරීමෙන්ම ඒවායේ ව්‍යාජ ස්වභාවය හෙළි වන බවයි.

''නීතිඥ හිජාස් හිස්බුල්ලහ් ට විරුද්ධව සීඅයිඩී ය උසාවියට ඉදිරිපත් කරලා තියෙන චෝදනා හැම එකක්ම ගොතන ලද අසත්‍ය ඒවා,” යි නීතිඥ හාෆිල් ෆාරිස් ජේඩීඑස් වෙත ප්‍රකාශ කළේය.

''නීතිඥ හිජාස් හිස්බුල්ලහ් ට විරුද්ධව සීඅයිඩී ය උසාවියට ඉදිරිපත් කරලා තියෙන චෝදනා හැම එකක්ම ගොතන ලද අසත්‍ය ඒවා,” යි නීතිඥ හාෆිල් ෆාරිස් ජේඩීඑස් වෙත ප්‍රකාශ කළේය.

“එක අවස්ථාවක එක චෝදනාවක් සීඅයිඩී ය උසාවියට ඉදිරිපත් කරනවා. ඒක ව්‍යාජ, ඒ වගේම ඔප්පු කරන්න බැරි ඒකක් කියලා පේන කොට තව එකක් ඉදිරිපත් කරනවා. දැන් ඒ විදිහට ඔහුට විරුද්ධව ප්‍රධාන චෝදනා තුනක් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඒ කිසිම චෝදනාවක් නීතිමය වශයෙන් ඔප්පු කරන්න පුලුවන් ඒවා නොවුණත් ඒ මගින් තමයි නීතිඥ හිස්බුල්ලාහ් රඳවාගෙන ඉන්නේ''.

නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් ව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමේ සිට රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටීම දක්වා සමස්ත ක්‍රියාවලියම ව්‍යාජ චෝදනා මත සකස් කෙරුණු සැලසුම් සහගත දෙයක් බව නීතිඥ ෆාරිස් විසින් පෙන්වා දෙයි.

''රහස් පොලිසිය නීතිඥ හිස්බුල්ලාහ්ව අත්අඩංගුවට ගැනීමේ ක්‍රමයම වංචාවක්. සීඅයිඩී ය හිස්බුල්ලාහ් ට විරුද්ධව අධිකරණයට මුලින්ම ඉදිරිපත් කරපු චෝදනාව තමයි ඉක්ෂාප් අහමඩ් කියන පුද්ගලයා එක්ක දුරකතන සංවාද පවත්වලා තියෙන බව. 

ඇත්තෙන්ම අහමඩ් කියන පුද්ගලයා හිස්බුල්ලාහ්ගේ සේවාදායකයෙක්. රහස් පොලිසිය රැඳවුම් නියෝග මුලින්ම ගන්නේ ඒකට අදාළව.

ඒ චෝදනාව ඔප්පු කරගන්න බැරි වුණාම කියනවා මද්‍රාසා පාසැලේ ළමයින්ට අවි පුහුණුව දිලා තියෙනවා කියලා. ඒ චෝදනාව මොනතරම් ව්‍යාජ එකක්ද කියනවානම් සීඅයිඩී ය බලහත්කාරයෙන් ප්‍රකාශ සටහන් කර ගත්ත ළමයි දැන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතීන් පෙත්සම් පවා ගොනු කරලා තියෙනවා.”

මුලින් නගන ලද චෝදනා ඔප්පු කරගැනීමට නොහැකි වූ විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අලුත් චෝදනා නිර්මාණය කරන බව නීතීඥ ෆාරිස් චෝදනා කරයි.

මුලින් නගන ලද චෝදනා ඔප්පු කරගැනීමට නොහැකි වූ විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අලුත් චෝදනා නිර්මාණය කරන බව නීතීඥ ෆාරිස් චෝදනා කරයි.

“ඒ කිසිම චෝදනාවක් ඔප්පු කරගන්න බැරිවෙනකොට, 'නවරසම්' නමින් දෙමළ භාෂාවෙන් මුද්‍රණය කරලා තියෙන කවි සඟරාවක් රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කරලා කියනවා. ඒ සඟරාව Save the Pearls කියන ප්‍රණ්‍යායතනයට අයත් එකක් බවත්, ඒක මුද්‍රණය කරලා තියෙන්නේ ළමයින්ගේ මනස ත්‍රස්තවාදී කටයුතුවලට යොමු කරවීම සඳහා බවත් කියන සීඅයිඩී ය උත්සාහ කරන්නේ ඒ සඟරාව හිජාස් හිස්බුල්ලහ්ට අයිත් ඒකක් කියලා ඔප්පු කරන්න.'

නීතිඥ ෆාරිස් දැඩිව කියා සිටියේ එම සඟරාව හිජාස් හිස්බුල්ලා විසින් මුද්‍රණය කරන ලද්දක් නොව, Save the Pearls Charity සංවිධානයට අයත් ඉඩමේ පිහිටි වෙනත් ගොඩනැගිල්ලක ගොඩ ගසා තිබුණු පැරණි පොත් තොගයක් අතරේ තිබුණු සාමාන්‍ය කවි සඟරාවක් බව ය.

 

අදිසි හස්තයක් !

නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නගන චෝදනාවල කිසිදු සත්‍යතාවක් හෝ නීතිමය වශයෙන් ඔප්පු කළ හැකි සාක්ෂි හෝ නැති මුත් යම් අදිසි හස්තයක මැදිහත්වීම මත සියල්ල සිදුවෙමින් තිබෙන බවට නීතිඥ හෆීල් ෆාරිස් සැක පළකරයි.

''සිදුකෙරෙන විමර්ශනවල විශ්වසනීයත්වය පිළිබඳ බරපතල සැක සංකාවන් තියෙනවා. රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරලා නඩු වාරයෙන් - වාරයට එකකට එකක් වෙනස් චෝදනා ඉදිරිපත් කරනවා. සාමාන්‍යයෙන් සිදුකෙරෙන විමර්ශන ඇසුරින් මතු වෙන තත්වයන් එක්ක චෝදනාවල වෙනසක් වෙන්න පුලුවන්. නමුත් ඒ චෝදනාවල විශ්වසනීයත්වය බිඳෙන්න බෑ.

මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරලා කරලා යමෙක් වැරදිකරුවෙක් කරන කල් නීතිමය වශයෙන් සලකන්නේ ඒම පුද්ගලයා සැකකරුවෙක් මිස වරදකරුවෙක් හැටියට නොවෙයි. ඒ නීතිමය සිද්ධාන්තය දේශපාලන උවමනාවන් මත වෙනස් කරන්න අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කිසිම අයිතියක් නෑ,'' යි හේ කියා සිටියේය.

Save the Pearls Charity සංවිධානයේ පාලක මණ්ඩලයේ සාමාජිකයන් ලෙස හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක්, අමාත්‍යාංශ ලේකම්වරුන් ආදි ඉහළ පෙළේ වෘත්තීය සහ දේශපාලන සබඳතා ඇති පුද්ගලයන් ගණනාවක් ම කටයුතු කොට ඇති අතර නීතිඥ හිස්බුල්ලාහ් හැරෙන්නට ඒ කිසිවකුට එරෙහිව මේ දක්වා චෝදනා එල්ලකර නොමැත.

''Save the Pearls Charity සංවිධානයේ පාලක මණ්ඩලයේ සාමාජිකයන් ලෙස හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක්, අමාත්‍යාංශ ලේකම්වරුන් ආදි ඉහළ පෙළේ වෘත්තීය සහ දේශපාලන සබඳතා ඇති පුද්ගලයන් ගණනාවක් ම කටයුතු කොට ඇති අතර නීතිඥ හිස්බුල්ලාහ් හැරෙන්නට ඒ කිසිවකුට එරෙහිව මේ දක්වා චෝදනා එල්ලකර නොමැත.''
 
 
මාධ්‍ය මෙහෙයුම්
 
Dinamina Fake
 
“නීතිඥ හිජාස්ට කටාර් හී නීති විරෝධි සංවිධානයකින් ඩොලර් මිලියන 13 ක් ඇවිත්'', යනුවෙන් පසුගිය සැප්තැම්බර් 24 දින ආණ්ඩුවේ දිනමිණ පුවත්පත, පුවතක් පළ කර තිබුණු අතර එහි වැඩි දුරටත් සඳහන්ව ඇත්තේ කටාර් හි කලිෆේට් නැමති සංවිධානයකින් Save the Pearls Charity ආයතනයට ලැබී ඇති ඩොලර් මිලියන 13 ක මූදල ඒම ආයතනය විසින් ත්‍රස්තවාදී කටයුතු සඳහා යොදවා තිබේද යන්න අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුලුල් විමර්ශනයක් සිදුකරමින් තිබෙන බව ය. 
 
නමුත් එම වාර්තාවේම තවත් තැනක ලියා ඇත්තේ නීතිඥ හිජාස් හිස්බුල්ලහ් සම්බන්ධයෙන් සිදුකෙරෙන සියළු විමර්ශන අවසන් බවත්, එම මාසයේම 17 දින අදාළ ලිපි ගොනුව නීතිපතිවරයාගේ උපදෙස් සඳහා යොමු කොට ඇති බවට රහස් පොලිසිය, මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවේ පැවසු බවත් ය.
 
ජේඩීඒස් මේ සම්බන්ධයෙන් නීතිඥ හාෆිල් ෆාරිස් ගෙන් විමසා සිටි අතර, ඔහු කියා සිටියේ එය සම්පූර්ණයෙන්ම ව්‍යාජ තොරතුරක් බව ය.
 
''එහෙම මුදලක් ලැබිලා නෑ. ඒක සම්පූර්ණ බොරුවක්. මේ විදියේ ව්‍යාජ මාධ්‍ය වාර්තා පළ කිරීම සිදුවෙන්නේ සංවිධානාත්මකව.''
 
''මේ අතර, රහස් පොලිසිය විසින් නීතිඥ හිස්බුල්ලාහ් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන සිටීම හෙලාදකින ආසියානු නීතිවේදීන්ගේ සංවිධානය (Lawasia) පවසන්නේ නීතිඥවරයා අත්අඩංගුවට ගැනීම මෙන්ම රඳවා තබා ගැනීමද දැඩි ප්‍රශ්නකාරී එකක් වන බව ය.''
 
මේ අතර, රහස් පොලිසිය විසින් නීතිඥ හිස්බුල්ලාහ් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන සිටීම හෙලාදකින ආසියානු නීතිවේදීන්ගේ සංවිධානය (Lawasia) පවසන්නේ නීතිඥවරයා අත්අඩංගුවට ගැනීම මෙන්ම රඳවා තබා ගැනීමද දැඩි ප්‍රශ්නකාරී එකක් වන බව ය.
 
''නීතිඥ හිජාස් හිස්බුල්ලහ් අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රඳවා තබා ගෙන සිටියද තවමත් අධිකරණය හමුවේ ඔහුට එරෙහිව නිසි පරිදි චෝදනා ගොනු කිරීමට ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසමත්ව සිටී. එසේම ඔහු රඳවා තබා ගෙන සිටින්නේද නීතියට අනූකූල විධිමත් පටිපාටීන්ට අනුව නොවේ,'' යැයි Lawasia සංවිධානය පසුගිය 17 දින නිකුත් කර ඇති නිවේදනය මගින් පෙන්වා දෙයි.
 
රාජ්‍ය බලය ‌යොදමින් සුළුතර ජාතීන් ඇතුළු පීඩාවට පත්වූවන්ගේ හිමිකම් උල්ලංඝණය කෙරුණු අවස්ථාවල එයට එරෙහිව ගොනු කෙරුණු අතිශය වැදගත් නඩුකර ගණනාවක නීතිඥවරයා ලෙස, හිජාස් හිස්බුල්ලාහ් කටයුතු කර ඇතැයි පෙන්වා දෙන එම සංවිධානය, ශ්‍රී ලංකා රජය ත්‍රස්ත විරෝධී පනත යොදා ගනිමින් මූලික මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් කරන අරගල සහ හිමිකම්, අපරාධ ලෙස හුවා දක්වමින් මර්දනය කිරීමට කටයුතු කර ඇති බවට චෝදනා කරයි.
 
 
 
‘නඩු තීන්දු ලියන’ අධිකරණ ඇමති
 
Nalin Bමේ අතර, වසංගත සමයේ අධිකරණය වසා දමා තිබියදි ආණ්ඩු පක්ෂයට වාසිදායක වන ආකාරයෙන් නඩු තීන්දු කෙරෙන බවට බලවත් සැකයක් විපක්ෂය විසින් මතු කර තිබේ.
 
''උසාවිවල අහිංසක මිනිස්සුන්ගේ නඩු ක්‍රියාත්මක නැති වුණාට VIP, VVIP ලාගේ නඩු ක්‍රියාත්මක වෙනවා,” යි පසුගිය 24 අඟහරුවාදා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් කරමින් ජාතික සමගි ජන බල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර කියා සිටියේය.
 
“අද පිල්ලෙයාන්ට ඇප ලැබිලා. ඊයේ, පෙරේදා මේ ප්‍රභූ පුද්ගලයන්ගේ නඩු එකින් එක අහනවා. අපි දැක්කා අනුෂ පැල්පිට, ලලිත් වීරතුංග මහත්වරුන්ගේ නඩු තීන්දු ලැබුණා. එහෙම එක කට්ටියකගේ නඩු විතරක් අහනවද කියන බරපතල ප්‍රශ්නයක් අපිට තියෙනවා,'' ඔහු කීය.
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්