ජාත්‍යන්තර ෆිච් ශ්‍රේණි ගත කිරීම් වලින් ශ්‍රී ලංකාව CCC කාණ්ඩය දක්වා පහත හෙළා තිබේ.
 
මෙම පහත හෙලීම හරහා පිළිබිඹු කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ මධ්‍ය කාලීනව බාහිර ණය ආපසු ගෙවීමේ අභියෝගාත්මක තත්ත්වයයි.
 
ශ්‍රී ලංකාවේ බාහිර අරමුදල් අවශ්‍යතා මධ්‍ය කාලීනව සැලකිය යුතු මට්ටමක පවතින අතර රටේ බාහිර ණය සේවා වගකීම් ඉටුකිරීමේ හැකියාව කෙරෙහි ඇති අවදානම වැඩි වී තිබේ.
 
2021 සිට 2025 දක්වා කාලය තුළ රජයේ බාහිර ණය බැඳීම් ඇමරිකානු ඩොලර් බිලියන 23.2 ක් හෝ වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 4 ක් පමණ වේ. 
 
විදේශ විනිමය සංචිතය ඔක්තෝබර් අග වන විට ඇමරිකානු ඩොලර් බිලියන 5.9 ක් විය.
 
රටේ මූල්‍ය හා ණය සේවා අභියෝග එහි පවත්නා මූල්‍යකරණ ආකෘතිය මගින් උග්‍ර කරනු ලබන අතර එමඟින් ආදායම් අනුපාතය සඳහා ඉහළ සාමාන්‍ය පොලී අනුපාතයක් ඇති වී තිබේ.
 
2016 සිට 2020 දක්වා ආදායම් අනුපාතය සඳහා සාමාන්‍ය පොලී අනුපාතය 50% ක් පමණ වන අතර එය ‘සී.සී.සී.’ මට්ටමේ මධ්‍යන්‍යයට වඩා 11% ක් පමණ ඉහළින් පවතී.
 
 
Fitch Rating නිවේදනය 
 Fitch Rating ccc
 
 
Fitch Rating පච පතුරුවනවා-  මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක්..
 
මේ අතර මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ, ෆිච් රේටිං ආයතනය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති ශ්‍රේණිගත කිරීම ප්‍රතික්ෂේප කරන බවයි. 
 
ඔවුන් විසින් ශ්‍රේණිගත කිරීම් සිදු කර ඇත්තේ සනාථ නොකළ කරුණු මත පදනම් වූ බවද මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි.
 
2021 වසර සඳහා රජය විසින් ඉදිරිපත් කරන ලද අයවැය වාර්තාවේ සඳහන් යෝජනාවන් ඔවුන් මෙම ශ්‍රේණිගත කිරීමට සලකා බලා නැතැයිද මුදල් අමාත්‍යංශය චෝදනා කරයි.
 
නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශයෙන් ඒ බව සඳහන් කර තිබේ.
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්