මහබැංකු බැදුම්කර සිද්ධියේ ප්‍රධාන චූදිතයෙකු බව කියන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්
සම්බන්ධයෙන් මේ දක්වා ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග වල ප්‍රගතිය වාර්තා කරන්නැයි අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇතැයි වාර්තාවේ.
 
මේ අතර නිල නොවන ආරංචිමාර්ග වලින් වාර්තා වන්නේ අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකා රජයට භාර දීම, සිංගප්පූරු රජය ප්‍රතික්ෂේප කර ඇති බවයි.
 
මේ පිළිබදව සති අන්ත පුවත්පතකට අදහස් දක්වා ඇති අධිකරණ අමාත්‍ය අලි සබ්රි පවසා ඇත්තේ තමන් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවයි. ඒ පිළිබදව කටයුතු කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව බැවින්, නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසන ලෙස ද ඔහු එම පුවත්පතට පවසා තිබේ.
 
පුවත්පත නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කර ඇතත්, එය අසාර්ථක වී තිබේ.
 
Sabry 1
sabry 2
මහ බැංකු බැඳුම්කර නඩුව සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය වෙත යොමු කළ යුතු ලිපි ලේඛනවලට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අත්සන් තබා තිබුනේ 2019 සැප්තැම්බර් 19 වෙනදාය. 
 
අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට නීතිපතිවරයා විසින් සකසන ලද පිටු 21,000කින් පමණයුතු ලිපි ලේඛන සිංගප්පූරුවේ අදාළ දෙපාර්තමේන්තු වෙත හිටපු ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව යොමුකර තිබුනද ජනතාව විසින් යහපාලන ආණ්ඩුව පලවා හරින තෙක් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් නොලැබිණ.
  

 
එවැනි තත්වයක් තුළ එකල විපක්ෂය නියෝජනය කළ රාජපක්ෂවරුන් ජනතාව ඉදිරියේ සහතික වුයේ තමන් බලයට පත්වූ වහාම අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට කුදලාගෙන ගෙන එන බවයි. 
 
කෙසේවුවද, අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී මිට දින කිහිපයකට පෙර පවසා සිටියේ, අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහි නඩුව ඉදිරියට ගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි.
 
 
 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්