ත්‍රස්ත මර්දන නීති යොදාගෙන මුස්ලිම් නීතිඥයකු ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම්
වෙනුවෙන් පෙනී සිටීමට දෙන දඬුවමක් ලෙසින් නඩු නැතිව රඳවා ගෙන සිටින බවට ආණ්ඩුව ජාත්‍යන්තර තලයේ දෝෂ දර්ශනයට ලක්ව සිටී.  
 
නීතිඥ හෙජාස් හිස්බුල්ලා අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ දිගින් දිගටම රඳවා තබා ගැනීම, ඔහු විසින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් සුළුතර ප්‍රජාවේ ව්‍යවස්ථාමය අයිතීන් වෙනුවෙන් කරන ලද නීති ක්ෂේත්‍රයේ කරන ලද මැදිහත්වීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීමට එරෙහිව රජය විසින් කරන ලද පලිගැනීමක් විය හැකි බවට ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංවිධානයක් පෙන්වා දෙයි.
 
හිටපු සේවාදායකයෙකු වෙනුවෙන් පුද්ගලයකු සමඟ ඔහු කළ සංවාදයක් සහ  ඔහු සම්බන්ධව සිටි පුණ්‍යායතනයක් පිළිබඳව වන නොපැහැදිලි චෝදනා මත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2020 අප්‍රේල් 14 දින අත්අඩංගුවට ගන්නා ලද නීතිඥ හිස්බුල්ලා රඳවා තබා ගැනීම හෙලාදකිමින් ආසියා ශාන්තිකර නීතිවේදී අයිතිය වෙනුවෙන් පෙනී සිටින ලෝඒෂියා (Lawasia) නිවේදනයක් නිකුත් කර තිබේ.
 
Lawasiaආසියා ශාන්තිකර කලාපය තුළ නීතිවේදී අයිතිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්, විනිසුරුවන්, නීතිවේදීන් සහ නීති සංවිධාන වල කලාපීය එකමුතුවක් වන ලෝඒසියා, ආසියා ශාන්තිකර කලාපය තුළ නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යාම,  මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කටයුතු කරන ජාත්‍යන්තර ආයතනයකි.
 
මාස අටකට අධික කාලයක් ඔහුගේ රඳවා තබා ගෙන සිටි මුස්ලිම් නීතිඥයාගේ නඩුව නැවත වතාවක්  2021 පෙබරවාරි 27 දක්වා කල් තබා තිබේ.   
 
"අද වන තුරු හිස්බුල්ලාට විධිමත් ලෙස චෝදනා කර නැති බව අපට දැනගන්නට ලැබී තිබේ" යයි ප්‍රකාශ කරන ලෝඒසියා, ඔහු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේදී නීතියේ නිසි ක්‍රියාදාමය අනුගමනය කර නොමැති බවට ද ආණ්ඩුවට චෝදනා කරයි.
 
"අද වන තුරු හිස්බුල්ලාට විධිමත් ලෙස චෝදනා කර නැති බව අපට දැනගන්නට ලැබී තිබේ" යයි ප්‍රකාශ කරන ලෝඒසියා, ඔහු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේදී නීතියේ නිසි ක්‍රියාදාමය අනුගමනය කර නොමැති බවට ද ආණ්ඩුවට චෝදනා කරයි.
 
ඔහු අත්අඩංගුවට ගැනීමේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රධාන නියමිත විධිවිධාන ක්‍රියාත්මක කර නොමැති බව පෙන්වාදෙන එම සංවිධානය පවසන්නේ, මෙහිදී නීතිඥ හෙජාස් ගේ නඩු ලිපිගොනු කිහිපයක්ද රැගෙන ගොස් ඇති බවට තමන්ට දැනගන්නට ලැබී ඇති අතර, "එය ඇත්තක් නම්, එය නීතිඥ-සේවාදායක වරප්‍රසාද දැඩි ලෙස උල්ලංඝනය කිරීමක්" බවයි.
 
එසේම හෙජාස් හට නීතිඥයකු හෝ පවුල සමඟ සම්බන්ධ වීමේ හිමිකම මෙම රඳවාගැනීම තුළින් අවහිර කර ඇති බව පෙන්වාදෙන ඔවුන්, එසේ රඳවාගෙන සිටීම සඳහා විශ්වාසදායක සාක්ෂි අධිකරණයට ඉදිරිපත් නොකර, ඔහු කොළඹ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු මූලස්ථානයේ දිගින් දිගටම රඳවාගෙන සිටීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කරයි. 
 
රහස් පොලිසිය විසින් හෙජාස් හිස්බුල්ලා ට විරුද්ධව වරින් වර අධිකරණයට ඉදිරිපත් කර තිබෙන චෝදනා සියල්ලක්ම  “ගොතන ලද අසත්‍ය ඒවා,” ලෙස ඔහුගේ නීතිඥවරයා විසින් හෙලා දැක තිබේ.
 
රහස් පොලිසිය විසින් හෙජාස් හිස්බුල්ලාට විරුද්ධව වරින් වර අධිකරණයට ඉදිරිපත් කර තිබෙන චෝදනා සියල්ලක්ම  “ගොතන ලද අසත්‍ය ඒවා,” ලෙස ඔහුගේ නීතිඥවරයා විසින් හෙලා දැක තිබේ.
 
“එක අවස්ථාවක එක චෝදනාවක් සීඅයිඩී ය උසාවියට ඉදිරිපත් කරනවා. ඒක ව්‍යාජ, ඒ වගේම ඔප්පු කරන්න බැරි ඒකක් කියලා පේන කොට තව එකක් ඉදිරිපත් කරනවා. දැන් ඒ විදිහට ඔහුට විරුද්ධව ප්‍රධාන චෝදනා තුනක් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඒ කිසිම චෝදනාවක් නීතිමය වශයෙන් ඔප්පු කරන්න පුලුවන් ඒවා නොවුණත් ඒ මගින් තමයි නීතිඥ හිස්බුල්ලාහ් රඳවාගෙන ඉන්නේ,'' යි නීතිඥ හාෆිල් ෆාරිස්  ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සමග ප්‍රකාශ කර තිබුණි.
 
Hijaz Hisbullah 1
රාජ්‍ය බලය ‌යොදමින් සුළුතර ජාතීන් ඇතුළු පීඩාවට පත්වූවන්ගේ හිමිකම් උල්ලංඝණය කෙරුණු අවස්ථාවල එයට එරෙහිව ගොනු කෙරුණු අතිශය වැදගත් නඩුකර ගණනාවක නීතිඥවරයා ලෙස, හිජාස් හිස්බුල්ලාහ් කටයුතු කර ඇත.
 
ඔහු රඳවා තබා ගැනීමේදී නීත්‍යානුකූලභාවය පිළිබඳ මූලධර්මය ඉක්මවා ත්‍රස්තවාදය වැළැක්වීමේ දරුණු පනත යොදාගැනීම 'ලෝඒෂියා' සංවිධානයේ බලවත් අවධානයට යොමුවී තිබේ.
 
"ශ්‍රී ලංකාවේ රජය විසින් ත්‍රස්ත විරෝධී නීතිය භාවිතා කිරීම මගින් සාමකාමී සහ නීත්‍යානුකූල මානව හිමිකම් කටයුතු අපරාධ බවට පෙරලීමේ හැකියාවක් ඇති අතර, සාමකාමී විසම්මුතිය හා මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින අය හිරිවට්ටන සුළු බලපෑමක් ඇති කළ හැකි" බව ද ඔවුහු පෙන්වා දෙති.
 
අත්අඩංගුවේ පසුවන නීතිඥ හෙජාස් නිදහස් කරන ලෙසත්, නීතිඥවරයකු ලෙස කටයුතු කිරීමට සහ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීමට එරෙහිව ඔහුට ඇති අයිතිය ආරක්ෂා කිරීම සඳහා රජය සතු වගකීම සපුරාලන බවට සහතික වන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින ආසියා ශාන්තිකර නීති සංවිධානය "ශ්‍රී ලංකා රජය විසින්, නීතිය මඟින් පාලනයට නොව, නීතියේ ආධිපත්‍යයට ගරු කරන බවට සහතික විය යුතු බව" අවධාරණය කරයි.
 
ආසියා ශාන්තිකර කලාපය තුළ නීතිවේදී අයිතිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්, විනිසුරුවන්, නීතිවේදීන් සහ නීති සංවිධාන වල කලාපීය එකමුතුවක් වන ලෝඒසියා, ආසියා ශාන්තිකර කලාපය තුළ නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යාම,  මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කටයුතු කරන ජාත්‍යන්තර ආයතනයකි.
 
 

Lawasia letter 1Lawasia letter 2Lawasia letter 3

 
 
සබැඳි පුවත් :
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්