අවම වශයෙන් නම දෙනකුට ජීවිතය අහිමි කරමින් සියයකට වැඩි පිරිසකට තුවාල සිදු කරමින්  

මහර බන්ධනාගාරය තුළ ඇති වු ඝාතන සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

 දෙසැම්බර් පළමු වැනිදා එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසිනි.

 " අද දින අපි මේ මානව හිමිකම් කොමිෂන් සභාවට ආවේ පෙරේදා රාත්‍රියේ ඒ සිදුවුනු මහර අමානුෂික සිරකරු ඝාතනයට සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලන්න."

 පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.

SudeshNඑහිදී ඔහු මාධ්‍ය වෙත වැඩි දුරටත් සදහන් කලේ මහර බන්ධනාගාරයේ රැදවියන් කිසිදු ආහාරයක් නොමැතිව මේ වන විට නිරාහාරව සිටින අතර අඩු තරමේ ඔවුන්ට බීමට වතුරවත් නොමැති තත්වයක් උද්ගතව පවතින බවයි.

 " මොකද එතන ඉන්නේ බොහෝ දුරට කොරෝනා රෝගය වැලදිලා ඇතියි කියලා සැක සහිත රැඳවියෝ තමයි ඉන්නේ. ඊට අමතරව හෘදයාබාධ තියන රැඳවියෝ ඉන්නවා. තවත් දියවැඩියා රෝගය තියන රැඳවියෝ ඉන්නවා.  නමුත් එක බෙහෙත් පෙත්තක්වත් මේ වෙනකං ඔවුන්ට ලබා දීලා නෑ," යි සුදේශ් නන්දිමාල් වැඩි දුරටත් චෝදනා කළේය.

මහර බන්ධනාගාරයේ රැදවියන් කිසිදු ආහාරයක් නොමැතිව මේ වන විට නිරාහාරව සිටින අතර අඩු තරමේ ඔවුන්ට බීමට වතුරවත් නොමැති තත්වයක් උද්ගතව පවති.

 

බන්ධනාගාරට කොරෝනා ඇතුල් වු ආකාරය ගැන සැකයක් !

 බන්ධනාගාර තුළට කොරෝනා වසංගතය ඇතුල් වු ආකාරය සම්බන්ධයෙන්ද සුදේශ් නන්දිමාල් එහිදී සැක මතු කළේය.

 " ඒ වගේම අපිට සැකයක් තියනවා ඊයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර කිව්වා වගේ, මේකත් මේ රැඳවියන්ව එක්තරා ආයතනයකට වහල් භාවයට ගෙනියනවා. වහල් සේවයකට ගෙනිච්චා. ඒ ගෙනියලා ඔවුන් නැවතත් බන්ධනාගාරය තුළට ආවේ කොරෝනත් එක්කද කියන සැකය අපිටත් ඇති වෙලා තියනවා.  "

 ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ල ඉදිරිපත් කිරීමේ අවස්ථාවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපතී නීතිඥ සේනක පෙරේරා සමග ජනතා නීතිඥයෝ සංවිධානයේ කැදවුම්කාර මණ්ඩලයේ සාමාජිකයන් වන නීතිඥ නාමල් රාජපක්ෂ සහ අචලා සෙනවිතත්න ද එක්ව සිටියහ.
 

සමාන්තර පරීක්ෂණ 04 ක්

thushara Upuldeniya

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල අද (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් පවසා තිබුනේ, මහර බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධව විමර්ශනය කිරීමට ආණ්ඩුව විසින් සමාන්තර පරීක්ෂණ හතරක් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවයි.

 ඒ අනූව මහර බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විසින් බන්ධනාගාර කොමසාරිස් වරයකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර දෙපාර්තමේන්තු මට්ටමේ විමර්ශනයක් මේ වන විට සිදුකරමින් පවතින බවයි අමාත්‍යවරයා පවසන්නේ.

 ඒමෙන්ම රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විසින් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අමාත්‍යංශ මට්ටමෙන් විමර්ශනය කිරීම සදහා දෙවැනි කමිටුව පත්කර තිබේ.

 තෙවැනි කමිටුව වශයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල පෙන්වා දෙන්නේ අධිකරණ  අමාත්‍යවරයා විසින් විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිණී වීරවර්ධන ගේ සභාපතීත්වයෙන් යුතු පංච පුද්ගල කමිටුවක් මේ සම්බන්ධයෙන් විමර්ශනයට පත්කර ඇති බවයි.

ඉහත විමර්ශන ත්‍රිත්වයම අදාල විෂයභාර ආයතන විසින් සිදුකරන අතරම ඊට පරිබාහිරව ස්වාධීන පරීක්ෂණයක් වශයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ නියෝගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිවුවෙනි පරීක්ෂණය සිදුකරයි.

මෙම සියලු විමර්ශන වල විෂය පථය වන්නේ මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමට හේතු මොනවාද යන්න සහ ඒවැනි සිදුවීම් යළි ඇතිවීම වළක්වා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද යන කාරණා පිළිබදව අධ්‍යයනයක් කිරීම බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

ඖෂධ ගබඩාවේ බෙහෙත්

''මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ ඇති රෝහලේ ඖෂධ ගබඩාවේ තිබූ සමහර බෙහෙත් වර්ග කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් විසින් භාවිත කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක අද පවසා තිබුනි.''

මේ අතර, මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ ඇති රෝහලේ ඖෂධ ගබඩාවේ තිබූ සමහර බෙහෙත් වර්ග කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් විසින් භාවිත කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක අද පවසා තිබුනි.

 දෙසැම්බර් 01 අගහරුවාදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, ඔහු තවදුරටත් අවධාරණය කර තිබුනේ , කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් විසින් බන්ධනාගාරය තුළ පිහිටි බොහෝ දේපලවලට හානි කර ඇති බවයි.

 මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා ඇත්තේ එම ගැටුම්කාරී තත්ත්වය ඇති කිරීමට මුල් වී ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති රිමාන්ඩ් රැඳවියන් බවයි.

 එසේම ඖෂධ ගබඩාවේ මානසික ආතතියට ප්‍රතිකාර කරන සහ නිද්‍රාජනක ඖෂධ පෙති 21,000 පමණ තිබී ඇති අතර , එම පෙති රැඳවියන් විසින් භාවිත කර ඇති බවත් දැනට තුවාල ලබා රෝහල්ගත කර සිටින සමහර රැඳවියන් ඒ හේතුවෙන් ව්‍යකූලත්වයෙන් හැසිරෙන බවත් ඔහු පැවසුවේයැයි ජන මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම ඖෂධ පෙති මෙපමණ ප්‍රමාණයක් එම බන්ධනාගාර රෝහලට ගෙන ආවේ කුමන හේතුවක් මත ද යන්න පිළිබඳවත් පරීක්ෂණයක් පැවැත් වීමට නියමිත බව ඔහු තවදුරටත් පවසා තිබේ.

කොරෝනා ආසාදනයෙන් වැළකීම සඳහා රැඳවියන් බෙහෙත් සොයාගොස් ගබඩාව බින්දේදැයි සමාජ මාධ්‍ය වල ප්‍රශ්න නගා තිබුණි.

කොරෝනා ආසාදනයෙන් වැළකීම සඳහා රැඳවියන් බෙහෙත් සොයාගොස් ගබඩාව බින්දේදැයි සමාජ මාධ්‍ය වල ප්‍රශ්න නගා තිබුණි.

රාගම රෝහලේ නියෝජ්‍ය  අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ප්‍රේමසිරි පවසන්නේ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 108 දෙනෙකු මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

මේ වන විට රෝහල්ගතව සිටින රැඳවියන් අතරින්  38 දෙනෙකු කොරෝනා වෛරස් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බව වෛද්‍ය සරත් ප්‍රේමසිරි වැඩි දුරටත් සදහන් කරයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්