“බුරවි“ සුළි කුණාටුව ත්‍රිකුණාමලය සහ පේදුරු තුඩුව අතරින් මුලතිව්වලට
ආසන්නව ලංකාවේ ඊශානදිග වෙරළෙන් අද (02) රාත්‍රී 7.00 - 10.00ත් අතර රට තුළට ඇතුළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
 
එම දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මේ වන විට සුළි කුණාටුව ත්‍රිකුණාමලයට කි.මී 240ක් නැගෙනහිර ට බරව ගිනිකොණ දෙසින් ස්ථානගතව පවතින බවය.
 
සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ.කි.මී 80 - 90ක් පමණ වන අතර විටින් විට පැ.කි.මී 100දක්වා වැඩි වේ.
 
මෙම පද්ධතිය නැගෙනහිර වෙරළට ඇතුළුවන කාලයේ දී මුහුදු රළ, උදම් රළ මට්ටමට වඩා මීටර් 1ක් පමණ ඉහළ යෑමේ හැකියාවක් පවතී.
 
මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවත් වෙරළ ආසන්න තාවකාලික පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථානවලට ගමන් කරන ලෙසත්, බලපෑම් ඇති ප්‍රදේශවල අනෙකුත් පදිංචිකරුවන් නිවාස තුළට වී සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
 
''වෙරළ ආසන්න තාවකාලික පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථානවලට ගමන් කරන ලෙසත්, බලපෑම් ඇති ප්‍රදේශවල අනෙකුත් පදිංචිකරුවන් නිවාස තුළට වී සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.''
 
 
අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවිය හැකි හානි අවම කර ගැනීමට කඩිනම් පියවර 
 

Cyclonic storm Burevi 1Cyclonic storm Burevi 2Cyclonic storm Burevi 3Cyclonic storm Burevi 4

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්