"බුරවී" සුළි කුණාටුව ඊයේ (02) රාත්‍රී 10.30 - 11.30 ත් අතර ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළ තීරයේ

තිරියායි සහ කුච්චවේලී අතරින් ගොඩබිමට ඇතුළු වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

මෙය ක්‍රමයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන්කර මන්නාරම් බොක්ක වෙත අද උදය වරුවේ ගමනු කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම පද්ධතිය හේතුවෙන් පූනරින් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ, උදම් රළ මට්ටමට වඩා මීටරයක් පමණ ඉහළ යා හැකිය. එමෙන්ම වෙරළාසන්න පහත්බිම් මුහුදු ජලයෙන් යට විය හැකිය.

“බුරවි“ සුළි කුණාටුව ලංකාවට ඇතුළු වීමෙන් බරපතළ හානි සිදුවු බවට තවමත් වාර්තා වී නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කරයි.

ගස් කඩාවැටීම් ආදි හානි බොහෝ තැන්වලින් වාර්තා වන බව දිස්ත්‍රික් කළමනාකරණ ඒකක වාර්තා කර ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ නමුත් සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ.කි.මී 70 - 80 පමණ වන අතර එය විටින් විට පැ.කි.මී 90ක් දක්වා වැඩි විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

බරපතල අපදා තත්ත්වයක් වාර්තා වී නැ.

කාලගුණ බලධාරීන් පවසන්නේ අද පෙරවරුවේ මෙම සුළි කුණාටුව දිවයිනෙන් බැහැරට ගමන් කරනු ඇති බවයි.

බුරවි සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවලට තවදුරටත් තද වැසි ඇදහැළෙමින් තිබේ.

අද අලුයම 2.30 පමණවන විට වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී තිබුණේ, මුලතිව් අලම්පිල් ප්‍රදේශයෙනි.

එම අගය මිලිමීටර 222 කි.

ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයෙන් මිලිමීටර 200.5 ක වර්ෂාපතනයක් වාර්තා වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

අද අලුයම 2.30 පමණ වන විට යාපනය ප්‍රදේශයෙන් වාර්තා වන වර්ෂාපතනය මිලීමීටර 194.3 කි.

මීට අමතරව පදවිය ශ්‍රීපුර ප්‍රදේශයෙන් මිලීමීටර් 195. 5 ක්, උඩයාර්කට්ටු ප්‍රදේශයෙන් මිලීමීටර් 189ක්, හා වැලිඔය ප්‍රදේශයෙන් මිලීමීටර් 180ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මන්නාරම මිලිමීටර් 128 ක වර්ෂාපතනයක් හා ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් මිලිමීටර් 120 ක වර්ෂාපතනයක් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

බුරවි සුළි කුණාටුවෙන් තද වැසි සමග තද සුළං සහිත තත්ත්වයක් වාර්තා වුව ද බලාපොරොත්තු වූ තරම් අපදා තත්ත්වයක් වාර්තා වී නැතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

 

“බුරවි” සුළි කුණාටුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳ නවතම තත්ත්වය

Buravi 7 30

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්