නුදුරු දිනකදී විශ්‍රාම ගැනීමට නියමිත සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ.බෝදරගම

පසුගිය දින කිහිපයෙහි සුරාබදු නිෂ්පාදන සමාගම් කිහිපයකට විශේෂ වරප්‍රසාද ලබාදී ඇති බවටත්, තවත් සමාගමකට අක්‍රමවත් ආකාරයෙන් සුරාබදු නිෂ්පාදන බලපත්‍රයක් ලබාදීමට කටයුතු කරමින් සිටින බවටත් චෝදනා එල්ල වෙමින් තිබේ.

කෙසේවුවද දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ, අරක්කු නිෂ්පාදනය ඒකාධිකාරය ද තම සන්තකයට ගැනීමට රාජපක්ෂවරුන් මේවනවිට කටයුතු කරමින් සිටින අතර සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ.බෝදරගම සිය අවසන් සේවා කාලයේ එහි ඉත්තකු බවට පත්ව සිටින බවයි.

ඊයේ (02) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ 'සමගි ජන බලවේගයේ' පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ,  අක්‍රමවත්ව ලබාදීමට යන සුරාබදු නිෂ්පාදන බලපත්‍රයක තොරතුරු හෙලිකළේය.

 

අරක්කු ව්‍යාපාරිකයින් රැසක් බදු වංචා කරලා !

රටේ මත්පැන් නිෂ්පාදනය සඳහා බලපත්‍ර 27ක් තිබුනත් මේ වන විට ඉන් දෙකක් අවලංගු වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සඳහන් කර තිබේ. 

එසේම පස්දෙනෙක්ගෙන් සුරව සම්බන්ධ බදු ආදායමෙන් සියයට 93ත් 95ත් අතර ප්‍රමාණයක් ලැබෙන බවත් සඳහන් කර ඇති මන්ත්‍රීවරයා, ඉතිරි 20 දෙනාම ලබාදෙන්නේ සියයට 5ක බදු ආදායමක් බවත් පවසා ඇත.

එසේම පස්දෙනෙක් ගෙන් සුරව සම්බන්ධ බදු ආදායමෙන් සියයට 93ත් 95ත් අතර ප්‍රමාණයක් ලැබෙන බවත් සඳහන් කර ඇති මන්ත්‍රීවරයා, ඉතිරි 20 දෙනාම ලබාදෙන්නේ සියයට 5ක බදු ආදායමක් බවත් පවසා ඇත.

මේ නිසා යම් වංචාවක් වනවාද යන්න සොයා බැලිය යුතු බවත් එසේම සුවිශේෂි බලපත්‍රයක් සඳහා අයදුම්පත්‍රයක් ඉදිරිපත් වී ඇති බවත් එම බලපත්‍රය සාමාන්‍ය ක්‍රමවේදයෙන් පරිබාහිර බවත් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා අනාවරණය කර තිබේ.

තවද සාමාන්‍ය ක්‍රමවේදය වන මහජනතාවගේ අදහස් විමසීමකින් තොරව ලබන සිකුරාදා හෝ ආසන්න දිනයක ඒ බලපත්‍රය ලබා දීමට කටයුතු කරන බවට තොරතුරු තිබෙන බවද ඔහු සඳහන් කර තිබේ.

මන්ත්‍රී බුද්ධික පතිරණ මෙලෙස අදහස් පළකර ඇත.

Buddika Pathiranaබුද්ධික පතිරණ 

“පස්දෙනෙක් තමයි සුරාව සම්බන්ධ බදු ආදායමෙන් සියයට 93-95ත් අතර ප්‍රමාණයකට වග කියන්නේ. ඉතුරු 20 දෙනාම ලබා දෙන්නේ සියයට 5ක බදුවලට දායකත්වයක් විතරයි. 

ඒ නිසා එකේ යම් බදු වංචාවක් තිබෙනවා ද යන්න අංක එක. 

අංක දෙක සුවිශේෂි බලපත්‍රයක් සඳහා අයදුම්පත්‍රයක් ඉදිරිපත් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් සුරාබදු නිෂ්පාදනයට බලපත්‍රයක් ඉදිරිපත් වුණාම ස්ථානීය පරීක්ෂණයක් කරනවා. මහජනතාවට ඒක ප්‍රසිද්ධ කරලා මහජනතාවගේ අදහස් ගන්නවා. මේ මොකුත් නැතිව ලබන සිකුරාදා හෝ මීට ආසන්න දිනයක ඒ බලපත්‍රය ලබා දෙන්න හදනවා කිසිම සොයාබැලීමකින් තොරව. 

එකේ තියෙන නරක තත්ත්වය. දේශීය වයින් වර්ගයක් ආකාරයෙන් තමයි නිෂ්පාදනය කරන්න හදන්නේ. එතකොට සාමාන්‍යයෙන් ලීටරයක රුපියල් 3200 වුණොත් මෙහෙම කළාම ඒකට එන්නේ රුපියල් 900ක විතර බද්දක්. 

ලීටරයක ලැබිය යුතු බද්දෙන් තුනෙන් එකයි ලැබෙන්නේ. ඒ පිළිබඳව ඔබ තුමාට හොයා බලා පරීක්ෂණයක් කළ හැකි ද?”

එම චෝදනාව පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාල් කබ්රාල් එහිදී සඳහන් කර ඇත.

අරක්කු බෝතල් 68/% ක් බදු !

රජය සාමාන්‍යයෙන් එක අරක්කු බෝතලයක මිලෙන් සියයට 68කට වැඩි බදු මුදලක් අයකර ගන්නා නමුත් බොහෝ මත්පැන් නිෂ්පාදක සමාගම් දේශපාලන සම්බන්ධතා හරහා එම බදු ගෙවීම් පැහැර හරිමින් හෝ වංචා කරමින් සිටින බව සුරාබදු කොමසාරිස් කාර්යලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

රජය සාමාන්‍යයෙන් එක අරක්කු බෝතලයක මිලෙන් සියයට 68කට වැඩි බදු මුදලක් අයකර ගන්නා නමුත් බොහෝ මත්පැන් නිෂ්පාදක සමාගම් දේශපාලන සම්බන්ධතා හරහා එම බදු ගෙවීම් පැහැර හරිමින් හෝ වංචා කරමින් සිටින බව සුරාබදු කොමසාරිස් කාර්යලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

කෙසේවුවද හැරී ජයවර්ධනගේ DCSL සමාගම සිය මත්පැන් නිෂ්පාදනය වෙනුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 75 ක මුදලකට වැඩි මුදලක් බදු වශයෙන් රජයට ලබාදෙන බව ඔහු සඳහන් කළේය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ වංචා දුෂණ අවම කිරීමට කටයුතු කළහොත් රජයේ ආදායම බිලියන ගණනකින් ඉහල දමාගැනීමට හැකියාවක් ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

සබැඳි පුවත් :

ඇමති ජොන්ස්ටන්ගේ අරක්කු කොම්පැනියේ මහා බදු වංචාවක් මැඬිල්ලේ හිමි හෙළිකරයි - යළිත් හඬපටයක් එළියට

ආණ්ඩුවේ අරක්කු ජාවාරමුන් එකිනෙකාගේ බෙලි කපා ගනී !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්