මහර බන්ධනාගාරයේ සිදුවූ ඛේදවාචකයට 'වියත්මග' සංවිධානයේ ප්‍රබලයකු වගකිවයුතු බව

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (03) පාර්ලිමේන්තුවේ දී පැවසිය.

''රැඳවියන්ගේ සෞඛ්‍ය භාරව සිටින නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වියත්මගේ සාමාජිකයෙක්. ඔහු තමයි වැලිකඩින්  මහරට රැදවියන් යවලා තියෙන්නේ. ඒක තමා සත්‍ය. ඒ නිසයි මේ පොකුරු  නිර්මාණය වුනේ. ඒ තුලින් තමයි මේ ඛේදවාචකය නිර්මාණය වුනේ.'' යයි ඔහු එහිදී කියා සිටියේය.

රිවස් පෙති ගැන කතා කරලා, ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කියමින් මහර බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන්  ආණ්ඩුව රටත් ජනතාවත් නොමඟ යැවීමට දරන උත්සාහය ගැන අප්‍රසාදය පළකරන බව ද විපක්ෂ නායකවරයා පැවසිය.

මහර බන්ධනාගාරයේ සිදුවු වෙඩි තැබීමේ සිද්ධියේදී බන්ධනාගාර ආඥා පනත මුළුමනින්ම උල්ලංගනය වී ඇතැයි පැවසු විපක්ෂනයකවරයා, ''ඇත්ත වශයෙන්ම මේක පරිපාලනයේ  බරපතළ අඩුපාඩුවක්. '' යයි අවධාරණය කර සිටියේය.

Mothersරැඳවියකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙක් ඉදිරියේ ආයාචනය කරන ආකාරය සමාජ මාධ්‍යවල සටහන්ව තිබූ අයුරු

''එක්දහස් අටසිය හැත්තෑ හතේ බන්ධනාගාර ආඥා පනත ගැන අපි විශේෂයෙන්ම මේ මොහොතේ අවබෝධ කරගත යුතු වෙනවා.

ඒක 66 වෙනි වගන්තිය 68 වැනි වගන්තිය හැත්ත 77 වගන්තියේ 4 වගන්තිය, වගේ වගන්ති දිහා බැලුවහම බන්ධනාගාරයක බන්ධනාගාරගතව සිටින අයට සලකන ආකාරය පිළිබඳව පැහැදිලිව තිබෙනවා,

ඔය ආඥා පනතේ වගන්ති රාශියක් පහුගිය දා සිදු වීම තුළින් උල්ලංඝනය වෙලා තිබෙනවා.

දැන් ගරු කතානායකතුමනි, 

මේ සභාවේ ප්‍රකාශ වුණා, මහර සිද්ධිය අදිසි හස්තයක් ක්‍රියාත්මක කළාය කියලා. 

තවත් සමහරෙක් පුද්ගලිකව ම හොයලා බලලා රිවස්  පෙත්තක් නිසා ලේ දකින්න තියෙන ආසාව නිසා මෙහෙම විනාශයක් උණා කියලා කීවා.

තවත් සමහරු කිව්වා ජාත්‍යන්තර වශයෙන් රට අපකීර්තියට පත් කරන ක්‍රියාවලියක් කියලා.

ඇත්ත වශයෙන්ම මේක පරිපාලනයේ  බරපතළ අඩුපාඩුවක්. 

ඒ රැඳවියන් ඉල්ලලා තිබෙන්නේ PCR පරීක්ෂණ හරහා තමන්ගේ කොරෝනා තත්වය පරික්ෂා කරන්න කියලා.

කොරෝනා රෙගුලාසි උල්ලංඝනය කරලා වැලිකඩින් රැඳවියන් එකසිය විස්සක් මහරට ගෙනිහිල්ලා 183ක කොරෝනා පොකුරක් නිර්මාණය වීම ගැන මේ සභාව දැනුවත් කරලා නෑ.

''කොරෝනා රෙගුලාසි උල්ලංඝනය කරලා වැලිකඩින් රැඳවියන් එකසිය විස්සක් මහරට ගෙනිහිල්ලා 183ක කොරෝනා පොකුරක් නිර්මාණය වීම ගැන මේ සභාව දැනුවත් කරලා නෑ.''

රැඳවියන්ගේ සෞඛ්‍ය භාරව සිටින නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වියත් මගේ සාමාජිකයෙක්. ඔහු තමයි වැලිකඩින්  මහරට රැදවියන් යවලා තියෙන්නේ. 

ඒක තමා සත්‍ය. 

ඒ නිසයි මේ පොකුරු  නිර්මාණය වුනේ. 

ඒ තුලින් තමයි මේ ඛේදවාචකය නිර්මාණය වුනේ.

මේ ගැන කමිටුවක් පත් කරනවා කියපු අලි සබ්රි මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා . ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා මේ සිදු වුණු ඛේදවාචකය සුලමුල සුල මුල හොයන්න කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා.

ඒ වෙනුවෙන් අපි බලපෑම් කරනවා.

ඒක මම පැහැදිලිව කියන්න ඕන. 

මිනීමැරුම් සංස්කෘතියක්, රාජ්‍ය  ත්‍රස්තවාදයක්, ඝාතන  සංස්කෘතියක් මේ රට තුල නිර්මාණය කරන්නේ කිසිසේත්ම අපි ඉඩ තියන්නේ නැහැ.

''මිනීමැරුම් සංස්කෘතියක්, රාජ්‍ය  ත්‍රස්තවාදයක්, ඝාතන  සංස්කෘතියක් මේ රට තුළ නිර්මාණය කරන්නේ කිසිසේත්ම අපි ඉඩ තියන්නේ නැහැ.''

නීතියේ ආධිපත්‍යය කියලා එකක් තිබෙනවා.එය  අනුගමනය කරන්නට සියලු දෙනාම කැපවිය යුතුයි .

රිවස් පෙති ගැන කතා කරලා, ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කියලා මේ සිදුවීමෙන් රට නොමඟ යවන්නට ගන්න උත්සාහයට අපි අපේ අප්‍රසාදය පළකරනවා.''

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්