''දේශපාලන ඩීල් එපා, පරීක්ෂණ හරියට කෙරෙන්නේ නැත්තම් වෙන අයට වගකීම දෙන්න වෙයි'' යයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.
 
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට නිසි දඬුවම් ලබාදීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වන්නේ නම් විකල්ප ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන බව ද උන්වහන්සේ කියා සිටිති.
 
'සමගි ජන බලවේගයේ' පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන අද (03) අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැකීම සඳහා කොළඹ අගරදගුරු නිල නිවස වෙත පැමිණි අවස්ථාවේ දී උන්වහන්සේ එබව සඳහන් කළේය.
 
මෙහිදී අදහස් දැක්වු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තවදුරටත් මෙසේ පැවසුහ.
 
“දැන් අපේ කතෝලික ජනතාව, දෙනෙත් විවෘත කරගෙන බලාගෙන ඉන්නේ මේ මහා පාස්කු ප්‍රහාරය පිළිබඳ ඇත්ත තත්ත්වය කවදාද එළියට එන්නේ කියන එක ගැන. කණ්ඩායමක් අල්ලාගෙන ඉන්නවා, නමුත් ඒ කණ්ඩායම ගැනත් ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් ගැනත් මොනවද තත්ත්වය කියලා මේ විග්‍රහය කෙරෙනවා ද කියන එක ගැන අපි අඳුරේ ඉන්නේ. 
 
දැන් මේ කොමිෂන් සභාවේ වැඩකටයුතු දෙසැම්බර් මාසයේ 20 වෙනි දා වන විට ඉවර කරන්න තියෙනවා කියන නිව්ස් එක අද පත්තරේ ගියා. 
 
ප්‍රශ්න කිරීම් අරව මේවා සිදුවෙලා තියෙන්නේ, දේශපාලන ලෝකයේ මේකට වගකිව යුතු අය සහ ආරක්ෂක අංශවල විමර්ශනය කරපු නිලධාරීන්, ඒ අයගේ වගකීම ගැන තමයි වැඩි අවදානයක්, වැඩි දින ගණනක් යොමුවෙලා තියෙන්නේ කියන එක අපිට පැහැදිලි වෙනවා. 
 
ඒකත් එක්ක තියලා බලනකොට මේ බෝම්බ තැබීම, ඒකට අනුග්‍රහ දැක්වීම ඒ කාරණාවලට මුදල්හදල් ලබාදීම ඒවා පිළිබඳව අපිට සෑහීමකට පත්වෙන්නට පුළුවන් ප්‍රමාණයක විමර්ශනයක් හෝ කරුණු විපරම් කිරීමක් සිදුවෙනවා ද කියන ප්‍රශ්නය තාමත් අපේ හිතේ ඇතිවෙලා තියෙනවා.
 
 අපි රජයෙන් ඉල්ලා සිටින්නේ, මේ විමර්ශනය පිටිපස්සට තල්ලු කරන්න එපා එදිනෙදා එන ප්‍රශ්න නිසා. ආරක්ෂක අංශ නිදාගන්න හොඳ නෑ මේ කරුණ සම්බන්ධව, සිදුවුණ සිදුවීම සම්බන්ධව. 
 
ඒ නිසා දේශපාලන වාසි ලබා ගන්, එහෙම නැතිනම් ඩීල් සංස්කෘතියක් ඇති කරන්න ඒවාවලට යටත් වෙලා මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම වෙනදා සිදුවුණා වගේ කාපට් එක යට කිසිදු උත්සහයක් දැරිය යුතු නෑ. 
 
ඒක කෙරෙන්නේ නැතිනම් අපිට වෙන විකල්ප හොයන්න වෙනවා. වෙන කණ්ඩායම්වලට මේ වගකීම භාරදෙන්න වෙනවා. මේ රජය කෙරෙහි අපේ විශ්වාසය බිඳෙනවා එහෙම වුණොත්.''
 

සබැඳි පුවත් :

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්