අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ගේ ජීවිතය බේරා ගැනීම සදහා
මැදිහත්වන්නැයි 'ශ්‍රි ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානය (IODPP ) නව පොලිස්පතිවරයා ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ශ්‍රී ලංකා පොලිසියේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස පසුගිය 27 දා වැඩ බාරගත් සී.ඩී. වික්‍රමරත්න වෙත සුභාශිංෂණය පළකරමින් එම සංවිධානය විසින් නොවැම්බර් 26 දා යොමුකර තිබු ලිපිය මගින් එම ඉල්ලීම සිදුකර ඇත.
තම සංවිධානයේ ඒකායන අරමුණ ශ්‍රි ලංකා පොලිසිය නිර්දේශපාලනීකරණය කොට රටේ අනාගතයට මංපෙත් විවර කිරීම බව පෙන්වාදෙන එම සංවිධානය, ඒ සඳහා නීතිය මහපොලවේ ක්‍රියාකරන්න දේශපාලනයෙන් ගලවා ගත යුතු බව අවධාරණය කර සිටියි.
ශ්‍රි ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානය ලෙසට ඒ සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කොට අවශ්‍ය උපරිම පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බවද එම සංවිධානය පොලිස්පතිවරයාට යොමුකර ඇති ලිපියේ සඳහන් වේ.
'ශ්‍රි ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානය'
සභාපති (IODPP - බ්‍රිතාන්‍ය )
0044-7448212333
ශ්‍රි ලංකා පොලිසියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු කීර්තිමත් අපරාධ පරික්ෂකයෙකු වන ශානි අබේසේකර යනු නුතනයේ අප දුටු ෂර්ලොක් හෝම්ස් බව නව පොලිස්පතිවරයා ලෙස ඔබගේ ද පිළිගැනීම වනු ඇතැයි පවසන IODPP සංවිධානයේ සභාපතිවරයා වැඩිදුරටත් සිය ලිපියේ සඳහන් කර ඇත්තේ, අපරාධකරුවා සොයා යෑමට ඔහු සැමවිටම යොදා ගන්නේ පරවේෂණ සාක්ෂි බව විනිසුරන් ද නීතිපති ද හදවතිම දන්නා කරුණක් බවයි.
පොලිස් නිල ඇදුම ඇද මංකොලකෑම්, මිනීමැරීම් සිදුකල ඇතැම් නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුව තුල සිටිය ද අවංක සෘජු නිර්භීත නිලධාරින් අද ද පොලිසිය තුල සිටින බව IODPP සංවිධානය අවධාරණය කරයි.
''ශානි අබේසේකර මරාදැමීමට කිසිවෙකුටත් ඉඩ නොතැබීම ඔබ ගේ යුතුකමක් නොව වගකීමකි, ඊට නිල බලයෙන් ඔබ බැදි ඇත.'' යයි IODPP සංවිධානය නව පොලිස්පතිවරයාට සිහිපත්කර සිටියි.
ශනී ගැන නීතිඥ නාමල් රාජපක්ෂ කියන කතාව