සංවේදී පරිසර පද්ධති ආණ්ඩුවේ සංවර්ධන ව්‍යපෘති සදහා යොදා නොගන්නා ලෙස බලකරමින්
පොළොන්නරුවේදී විරෝධතාවයක් දියත් කර තිබේ.
 
පොළොන්නරුව දීප උයන ඉදිරිපිට දෙසැම්බර් 3 බ්‍රහස්පතින්දා පෙළගැසුණු  විරෝධතාකරුවන් ඉල්ලා ඇත්තේ මාදුරුඔය, වස්ගමුව, සෝමාවතිය හා ජල ගැලුම් නිම්නය වැනි පාරිසරික සංවේදී කලාප විනාශ කරමින් සිදු කිරීමට නියමිත පාරවල් හැදීම වහාම නවතා දමන ලෙසයි.
 
 මනම්පිටිය සිට යක්කුරේ දක්වා මාර්ගයක් ඉදිකිරීම වෙනුවෙන් මේ වන විට සියලු කටයුතු සුදානම් කෙරෙමින්  පවතින බව පෙන්වා දෙන 'හරිත පුරවැසියෝ' පරිසර සංවිධානය චෝදනා කරන්නේ එහි අරමුණ  හොර ජාවාරම්කරුවන්ට පහසුව සැලසීම  බවයි.
 
 යක්කුරේ සිට මගුල්දමන ප්‍රදේශය දක්වා ඇති කිලෝ මීටර් දෙක හමාරකට ආසන්න දුරකින් යුත් මාර්ගය පමණක් ඉදි කිරීම ප්‍රමාණවත් බව පෙන්වා දෙන 'හරිත පුරවැසියෝ' පරිසර සංවිධානයේ සංවිධායක කාංචනා වේවැල්පනාව අවධාරණය කරන්නේ එතැන් සිට පොළොන්නරුවට ගමන් කිරීම සදහා මාර්ග පද්ධතියක් පවතින බවයි.
 
 වැලි ජාවාරම්කරුවන්ගේ උවමනාව වෙනුවෙන් පුලතිසි පුර වනාන්තර වනසමින් මනම්පිටිය සිට යක්කුරේ දක්වා කිලෝ මීටර 20-25 ක දුරකින් යුත් මාර්ගයක් සකස් කිරීම වෙනුවෙන් මේ වන විටත් කටයුතු සැලසුම් කරමින් පවතින බවයි ඇය මාධ්‍ය වේදීන් හා වැඩි දුරටත් පවසා ඇත්තේ.
 
වැලි ජාවාරම්කරුවන්ගේ උවමනාව වෙනුවෙන් පුලතිසි පුර වනාන්තර වනසමින් මනම්පිටිය සිට යක්කුරේ දක්වා කිලෝ මීටර 20-25 ක දුරකින් යුත් මාර්ගයක් සකස් කිරීම වෙනුවෙන් මේ වන විටත් කටයුතු සැලසුම් කරමින් පවතින බව 'හරිත පුරවැසියෝ' පවසති.
 
පුලතිසි පුර වනාන්තර වනසමින් ඉදිකිරීමට නියමිත මාර්ග හා සංවර්ධනයේ නාමයෙන් කරන අනිකුත් විනාශයන් නවතා දමන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටි ඇය වැඩි දුරටත් අවධාරණය කර තිබුනේ, ප්‍රදේශයේ වැව් ජලය රැකෙන්නේත් ගොවිතැන් බත් සරුවන්නේත් මෙම වනාන්තර විසින් ඇති කළ විවිධත්වයෙන් නිසා බවයි.
 
"ජල ගැලුම් නිම්නයේ ඛෙදවාචකය නොදකින්නන්ට වඩා පඹයන්ටද නාඩි වැටේ - හරිත පුරවැසියෝ " මැයෙන් සදහන් පුවරු ප්‍රදර්ශනය කරමින් පොළොන්නරුව දීප උයන ඉදිරිපිට විරෝධතාවය දියත් කළ ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ දර්ශන තුලින් දැක ගත හැකිය.
 
 පඹයන්ගේ ආකෘති කිහිපයක් සකසා විරෝධතාවය පැවති ස්ථානය සිටුවා තිබෙන ආකාරයක් ද එම වීඩියෝ දර්ශන වල  දැකගත හැකිය. 
 

fdgf

vsdf

dsfxcz

 
 
භෞතික සැලැස්ම:
 
2011 වසරේ සිට 2050 වන තුරු ක්‍රියාත්මක කරමින් සිටින ජාතික භෞතික සැලැස්මේ එන සංචාරක ව්‍යාපෘති වැඩිදියුණු කිරීම උදෙසා අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීම අරමුණු කරගනිමින් මෙම මාර්ගය නිර්මාණය කිරීම  හා  මාදුරුඔය දකුණු  ඉවුර සංවර්ධන වැඩසටහනට අවශ්‍ය මාර්ග පද්ධතිය සකස් කරන බවයි සොබාදහම්  අධ්‍යයන මධ්‍යස්ථානය පවසන්නේ.
 
සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් පෙන්වා දෙන්නේ මෙම ව්‍යාපෘතිය සඳහා 2016 වසරේ ඔක්තෝබර්  19 දින චිනයේ CMC සමාගමේ උප සභාපති ලුයු ෂෙන්ග්චෙන් හා මහවැලි හා පරිසර අමත්‍යංශය අතර ගිවිසුම් අත්සන් කොට ඇති බවයි.
 
 "ඒ අනුව මෙම ව්‍යාපෟතිව සදහා ඇමරිකානු ඩොලර මිලියන 475,000,000,00 වැය ලෙස දක්වා ඇත"
 
 
අලි කොරිඩෝවක්
 
ලබන වසර සදහා වන අය වැයෙන් මේ වන විටත් රුපියල් මිලියන 1000 ක් මෙම සියලු ව්‍යාපෘති සදහා වෙන් කර ඇති බව පවසන සොබාදහම  අධ්‍යයන මධ්‍යස්ථානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, ඉහත වනාන්තර එක්කර අලි කොරිඩොවක් නිර්මාණය කරන ලෙසයි.
 
"ඒ වෙනුවට මාර්ග තැනිම, ඇල වේලි  ඉදිකිරීම ඇතුලු වෙනත් ක්‍රියා මේ පරිසර පද්ධති තුල කිරීම නිසා එහි අලි ඇතුන්ට මෙන්ම ජෛව විවිධත්වයට විශාල හානියක් පැමිනේ. මෙයින් ලංකාවේ ජනතාවට හෝ පරිසරයට වන  යහපතක් නොමැත," යි පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පෙන්වා දෙයි.
 
 
ජනපතිට ලිපියක්
 
BudugalaJinawansaහෙළ බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජිනවංස හිමියන් ජනාධිපතිවරයා වෙත දෙසැම්බර් 3 බ්‍රහස්පතින්දා ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ මනම්පිටිය සිට යක්කුරේ දක්වා ඉදිකෙරන  මහමාර්ගය "සෞභාග්‍ය දැක්මට" එරෙහිවන බවයි.
 
මෙම ආණ්ඩුව බලයට  පැමිණීමෙන් පසුව සිංහරාජ වනාන්තරය මැද්දෙන් ලංකාගම සිට දෙනියාය දක්වා දැවන්ත පරිසර හානියක් කරමින් මාර්ගයක් ඉදිකළ බව ජනාධිපතිවරයාට සිහි ගන්වන එම ලිපිය මගින් තව දුරටත් පෙන්වා දී ඇත්තේ  පුත්තලම වනාතවිල්ලුව අක්කර 100ක් පමණ ගිනි තබා විනාශ කළ බවයි.
 
 අද වන විට පොලොන්නරුව මනම්පිටිය සිට යක්කුරේ දක්වා පාරක් සංවර්ධනය කරන්නට ඇති සුදානම පිළිබදව  එම ලිපිය මගින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති  බුදුගල ජිනවංස හිමියන් ජනාධිපතිවරයාට අවධාරණය කර ඇත්තේ,  මෙම ප්‍රදේශ කඩිනම් මහවැලි ව්‍යපෘතිය විසින් Cහා B කලාපයේ ජනතාව පදිංචි කරන විට වන සතුන්ට ජිවත් විම සදහා  ජාතික වනෝද්‍යාන බිහි කළ බවයි.
 
 "ඒ බව දැන ගත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හා පරිසර අමත්‍යවරයා වශයෙන්ද මනම්පිටිය සිට යක්කුරේ දක්වා යන මාර්ගය සංවර්ධනය කිරිමට අත නොතබන්නට ඇත්තේ දිර්ඝ කාලයක් මහවැලි ව්‍යාපෘතියේ ඇමතිවරයා ලෙස සිටිම නිසා විය හැකිය."
 
 මෙම පාර මහා මාර්ගයක් ලෙස සංවර්ධනය කිරිමේ දි අලිමිනිස් ගැටුම තව දුරටත් වර්ධනය වීම නිසැක කරුණක් බව පෙන්වා දෙන හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජිනවංස හිමියන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පෙන්වා දී ඇත්තේ, දැනටමත් අලිමිනිස් ගැටුම නිසා මාසයකට මිනිස් ජිවිත ද අලින්ගේ ජීවිත කීපයක්ද  විනාශ වන බවයි.
 
"විශේෂයෙන් මෙම මාර්ග සිමාවේ අලිමංකඩවල් විශාල ප්‍රමාණයක් තිබිම නිසා සෑම විටම අලින් මෙම මාර්ගයේ රැදි සිටිය හැකිය. එසේම අධික ජළ පෝෂිත ප්‍රදේශයකි"
 
"විශේෂයෙන් මෙම මාර්ග සිමාවේ අලිමංකඩවල් විශාල ප්‍රමාණයක් තිබිම නිසා සෑම විටම අලින් මෙම මාර්ගයේ රැදි සිටිය හැකිය. එසේම අධික ජළ පෝෂිත ප්‍රදේශයකි"
 
රජයක ප්‍රධානම පරමාර්ථය වන්නේ මිනිස් ජිවිත, පරිසර පද්ධතියන් හා සියලු සතුන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරිම බව ජනාධිපතිවරයාට සිහි ගන්වන බුදුගල ජිනවංස හිමියන් වැඩි දුරටත් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ  මෙම ආණ්ඩුව ජයග්‍රහනය වෙනුවෙන් ක්‍රියාකල විවිධ පරිසර සංවිධාන අද වන විටජනාධිපතිවරයාගේ  ආණ්ඩුවට එරහිව ක්‍රියා කරමින් සිටින බවයි.
 
 එබැවින් පොලොන්නරුවේ මනම්පිටියේ ඉදිකිරිමට යන මාර්ගය සම්බන්ධව කතා කළ  වනජීවි නිලධාරින්ගේ ජිවිතද, එම මාර්ගය ඉදිකිරිම සම්බන්ධව පරිසර හිතකාමි තිරණයක්ද ලබා දෙන ලෙස බුදුගල ජිනවංස හිමියෝ ජනාධිපතිවරයාගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටිති.
 
 
විපක්ෂ නායක කළ හෙලිදරව්ව :
 
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය මැදින් මහ පාරක් කැපීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී මෙසේ කරුණු හෙළිදරව් කර සිටියේය.
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image