ආණ්ඩුව තමන්ට උදව් කළ කුප්‍රකට ව්‍යාපාරිකයන් සතුටු කිරීමේ වැඩපිළිවෙළක නිරතව සිටින
බව ජාතික ජනබලවේගයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ඊයේ (04) පැවසිය.
 
ඔහු එම අනාවරණය සිදුකලේ වෙළෙඳ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ අදහස් දක්වමිනි.
 
ඒ අනුව සතොස සභාපතිගේ මිත්‍රයාව සතුටු කිරීමට සීනි කිලෝ එකකට අයකළ ආනයනික බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා හිටි හැටියේ අඩු කළ බව ඔහු අවධාරණය කළේය.
 
අනුර කුමාර දිසානායක තවදුරටත් මෙසේ කරුණු ගෙනහැර දැක්විය.
 
 
මහජන උපයෝගිතා කොමිසම :
 
''මුදල් ඇමැතිවරයා මහජන උපයෝගිතා කොමිසම සභාවේ පනත සංශෝධනය කරන බවට ප්‍රකාශ කළා. නමුත් අනෙක් පැත්තෙන් මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමට ලියුමක් යවනවා. 
 
LNG බලාගාරයට අදාළ මිලදී ගැනීම් කරන්න හදනවා. මහජන උපයෝගිතා කොමිසම තමයි එම මිළදී ගැනීම පිළිබඳ සොයා බලන්න්නේ.
 
මහජන උපයෝගිතා කොමිසමට අදාළ පනත අහෝසි කිරීමටත් පෙර මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරනවා.
 
 
නරක් වුණු සැමන් කන්ටේනර් 
 
නරක් වුණු සැමන් කන්ටේනර් ගණන් ගෙනවිත් ලංකාව පුරාම බෙදා හැරියා. නමුත් වෙළෙඳ අමාත්‍යාංශය මොනවද කළේ.
 
සතොස ආයතනය තුළ 2008 වසරේ ගොඩගැසී තිබුණු මිනිස් ආහාරයට නුසුදුසු හාල් තොගයට මොකද වුණේ? සත්ත්ව ආහාරයට පමණක් සුදුසු ඒ හාල් පොලොන්නරුවේ හාල් මෝලක පිරිසිදු කරලා මිනිස් පරිභෝජනයට එව්වා.
 
''සතොස ආයතනය තුළ 2008 වසරේ ගොඩගැසී තිබුණු මිනිස් ආහාරයට නුසුදුසු හාල් තොගයට මොකද වුණේ? සත්ත්ව ආහාරයට පමණක් සුදුසු ඒ හාල් පොලොන්නරුවේ හාල් මෝලක පිරිසිදු කරලා මිනිස් පරිභෝජනයට එව්වා.''
 
කඩේකින් කෑම වේලක්, පාරේ තිබෙන පලතුරු ගෙඩියක් කන්න බයයි. ඒවාට විස කලවම් කරල. වස විස නැති ආහාර වේලක් ලබා දීමට වෙළෙඳ අමාත්‍යාංශය පියවර ගත යුතුයි.
 
 
 
බදු ගේන කොට ගබඩාවල කාගේ සීනි ද තිබුණේ? 
 
එතෙක් රුපියල් 50 ක්ව ත්බුණු සීනි කිලෝ එකක් වෙනුවෙන් වන බද්ද රුපියල් 49.75 කින් අඩු කළා. 
 
එහි ගැසට් එක මුදල් අමාත්‍යාංශය විසින් පසුගිය ඔක්තෝබර් 23 වැනිදා නිකුත් කළා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඊට පසුව තව ගැසට් එකක් නිකුත් කළා. 
 
එදින සිට ටින් මාළු රුපියල් 200කට ද ලොකු ලූනු රුපියල් 100 කට ද, සීනි රුපියල් 85 කට ද මිලදී ගත හැකි බවට. 
 
හැබැයි ඒ බදු ගේන කොට ගබඩාවල කාගේ සීනි ද තිබුණේ? සීනි මෙට්‍රික් ටොන් 9000 ක් තිබුණා. එදාම ඒ ටික එළියට දැම්මා. ඒ සීනි රුපියල් 92 ගානේ සතොස මගින් මිලදී ගත්තා. ඔහුගේ මිත්‍රයාගේ සීනි. 
 
තවත් සීනි මෙට්‍රික් ටොන් 26000 ක් ගෙනාවා. මේ 26000 ටත් බද්ද ගැහැව්වේ ශත 25 බැගින්. දැන් පාරිභෝගිකයාට කොහෙන් හරි 85 ට සීනි ගන්න තිබෙනවද? බද්ද අඩුවීමේ වාසිය ජනතාවට ගියාද? ආණ්ඩුවට ඒ බද්ද ලැබුණද? ආණ්ඩුවට ලැබෙන්න ඕන ඒ බද්ද ගියේ කාටද? සතොස සභාපතිවරයාගේ හොඳමමිත්‍රයාට තමයි ඒ වාසිය ගියේ.
 
'තවත් සීනි මෙට්‍රික් ටොන් 26000 ක් ගෙනාවා. මේ 26000 ටත් බද්ද ගැහැව්වේ ශත 25 බැගින්. දැන් පාරිභෝගිකයාට කොහෙන් හරි 85 ට සීනි ගන්න තිබෙනවද? බද්ද අඩුවීමේ වාසිය ජනතාවට ගියාද? ආණ්ඩුවට ඒ බද්ද ලැබුණද? ආණ්ඩුවට ලැබෙන්න ඕන ඒ බද්ද ගියේ කාටද? සතොස සභාපතිවරයාගේ හොඳම මිත්‍රයාට තමයි ඒ වාසිය ගියේ.''
 
රුපියල් 50 ක් ලෙස සීනි කිලෝවට තිබුණු බද්ද ශත 25ට ගෙනාවේ ඇයි? ආණ්ඩුවේ භාණ්ඩාගාරයට පැමිණි ආදායම කාටද ගියේ? සතොසෙත් සීනි 85 ට නැහැ. 
 
වෙළෙඳ ඇමැති බන්දුලත් අසරණයි. පුංචි බණ්ඩත් එක්ක සිටි කුප්‍රකට ව්‍යාපාරිකයෝ අද ජනාධිපති ලේකම් කාර්යාලයේ බින්න බැහැලා ඉන්නේ. ඒ අයට තමයි ආණ්ඩුව දැන් සලකන්නේ.
 
රටේ එකතු වන ආහාර අතිරික්තය එකතු කරන්න වැඩපිළිවෙළක් අපේ රටට තිබෙනවද? තක්කාලි, ලොකු ලූනු අස්වැන්න සති දෙකෙන් කාලා ඉවර කළ යුතුයි. 
 
ඉල්ලූම සැපයුම කළමනාකරණය කරගන්න බැහැ. සහල්, ලොකු ලූනු, තක්කාලි මේ කිසි එකක මිල පාලනය කර ගන්න වෙළෙඳ අමාත්‍යාංශයට නොහැකි වෙලා තිබෙනවා. 
 
රුපියල් 20 ලීක්ස් නාරාහේන්පිටට එන විට 140 වෙනවා. ඇයි එහෙම වෙන්නේ.
 
ජනතාවට ගුණාත්මකව භාණ්ඩ හා සේවා ලබා දීමේදී අපේ වෙළෙඳ ප්‍රතිපත්තිය මුළුමනින්ම අසාර්ථකයි.” යැයි අනුර කුමාර දිසානායක පැවසුවේය.
 
(Lanka Lead News)
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්