ශානි අබේසේකරට එරෙහිව දියත් කර ඇති දඩයමේ තවත් පියවරක් ලෙස අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගෙන දැනට මහර බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටින හිටපු රහස් පොලිසියේ නිලධාරියෙකු වන උප පොලිස්
පරීක්ෂක රන්නලු සුගත් මොහාන් මෙන්ඩිස් දින දෙකකට අධික කාලයක් තිස්සේ කොරෝනා රෝග ලක්ෂණ වලින් පෙළෙන බවට වාර්තා වේ.  
 
දරුණු හිසරදය, ශරීර වේදනාව, උණ, කැස්ස සහ හුස්ම ගැනීමේදී ඇතිවන අපහසුතා වැනි රෝග ලක්ෂණ තිබියදීත්, ඔහුට PCR  පරීක්ෂණයක් හෝ අවම වශයෙන් පැනඩෝල් හෝ වෙනත් කිසිඳු වේදනා නාශකයක්  ලබා නොදෙමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම බන්ධනාගාර නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. 
 
අගෝස්තු මාසයේදී ඔහුව අත්අඩංගුවට ගන්නා විට උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස් ගම්පහ ගම්පහ මහේස්ත්‍රාත්වරයාට ප්‍රකාශකර සිටියේ ශානි අබේසේකරට එරෙහිව ව්‍යාජ සාක්ෂි ලබා දෙන ලෙසට කොළඹ අපාරාධ කොට්ඨාශයේ නිලධාරීන් තමන්ට බලපෑම් කළ බවයි.
 
ශානි අබේසේකර සිරගත කිරීමට උදව් කළහොත් තමාව අත්අඩංගුවට නොගන්නා බවට කොළඹ අපාරාධ කොට්ඨාශයේ නිලධාරීන් ඔහුට පොරොන්දු වී ඇත. 
 
මෙන්ඩිස් ප්‍රකාශ කර ඇත්තේ තමා ශානිට එරෙහිව ව්‍යාජ සාක්ෂි ලබා දීම ප්‍රතික්ෂේප කළ බවත් එය ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු වූ බවය. 
 
එසේම ඔහුට බලපෑම් කළ නිලධාරීන් මෙන්ම එහි පැමිණ සිටි වෙනත් පුද්ගලයින් හෙළිකරන කරන බවත්ය.
 
පසුගිය මාසයේ කොරෝනා වෛරසය අසාදනය වීමෙන් පසුව ශානි අබේසේකර රඳවා ගෙන සිටි රෝහලෙන් ඉවත් කර පොලොන්නරුවේ වැලිකන්ද හමුදා කඳවුරට මාරු කරන ලදී. 
 
ඒ,  මහජන විරෝධය, මානව හිමිකම් කොමිසම, අයිසීආර්සී සහ විපක්ෂයේ බලපෑම් මත මතය.
 
ශානි අබේසේකර නැවත රෝහලකට මාරු කිරීමට බන්ධනාගාර නිලධාරීන් එකඟ වුයේ ඊට එරෙහිව ගොඩ නැගුනු මහජන විරෝධය, මානව හිමිකම් කොමිසම, ශ්‍රී ලංකා රතු කරුස සංවිධානය සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වූ දැඩි බලපෑම් මත පමණි.
 
අධික කොලෙස්ටරෝල්, රුධිර පීඩනය සහ දියවැඩියාවෙන් පෙළෙන රෝගියෙකු වන ශානි අබේසේකරව වැලිකන්දේ සිට නැවත අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට (IDH) ඇතුළත් කරන විට ඔහුට හෘදයාබාධයක් වැළඳී තිබුණි.
 
එවන් පසුබිමක IDH රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදීම නීතිපති දප්පුල ලිවේරා විසින් ශානි අබේසේකරව එම රෝහලෙන් මුදා හැර නැවත සිර මැදිරියකට මාරු කිරීමට කරුණු ඉල්ලා රෝහලට ලිපියක් යවා ඇත.
 
ශානි අබේසේකරට එරෙහිව දියත් කර ඇති දඩයමේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන සුගත් මොහාන් මෙන්ඩිස් හට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදෙමින් ඔහුව නිහඩ කිරීමට ප්‍රයත්නයක් දරන බවට වාර්තා වේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්