අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස
ඉල්ලා අත්සන් කල ඔන්ලයින් පෙත්සම 6500 දෙනෙකුගේ අත්සන් සහිතව බලධාරීන් වෙත භාරදී ඇත.
 
 ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ආරම්භ කරන ලද එම පෙත්සම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති, නීතිපති, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සහ අමාත්‍ය සරත් වීරසේකර යන අයට භාරදී ඇත.
 
 එම පෙත්සමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු අමාත්‍යවරුන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියා ක්‍රියාකාරීන් රැසක් අත්සන් කර තිබිණ.
 
 ශානි අබේසේකර, ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදු වූ අපරාධ සිදුවීම් සම්බන්ධ සාක්ෂිකරුවෙකු සහ ප්‍රධාන විමර්ශකයා වන නිසා ඔහුගේ ජීවිත ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස එම පෙත්සමෙන් ඉල්ලා ඇත.
 
 නොවැම්බර් 25 වැනිදා ශානි අබේසේකරට කොවිඩ් - 19  වැළඳී ඇති බව වාර්තා වූ අතර ඔහු පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේ නිරෝධායන කඳවුරක රඳවා තිබිණි.
 
 නොවැම්බර් 26 වැනිදා ඔහුට හෘදයාබාධ තත්ත්වයක් ඇති වූ බව වාර්තා වූ අතර වහාම ඔහුට ආරක්ෂාව සැලසෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  නොවැම්බර් 26 වැනිදා පාර්ලිමේන්තුවේ දී බලධාරීන්ගෙන් ඉල්ලා තිබිණි.
 
 ශානි අබේසේකරට ඇප ලබාදීම පිළිබඳ තීන්දුව දෙසැම්බර් 07 සඳුදා දැනුම් දීමට නියමිතය.
 
(අනිද්දා - අනුරංග ජයසිංහ)
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්