මුදල් අමාත්‍යංශයේ සිටින ඇතැම් හිතුවක්කාර නිලධාරීන් විසින් ඒකාධිකාරියක් සාදාගෙන සිටින බව
වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.
 
ඇමතිවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ අයවැය කාරකසභා අවස්ථා විවාදයට එක්වෙමිනි.
 
මුදල් අමාත්‍යංශයේ විසින් ඇමතිවරුන් සහ පාර්ලිමේන්තුව නොමග යවමින් තමන්ට අවශ්‍ය දේ ඉටුකර ගනිමින් සිටින බවද ඔහු පැවසීය.
 
ආණ්ඩුව කාගේ වුවත් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කටයුතු කරන්නේ එකම ආකාරයට යයිද ඔහු කීය.
 
වෙළඳ ඇමතිවරයාගේ ප්‍රකාශයෙන් පසු ඔහුට වහාම දුරකථන ඇමතුමක් ලබාදී ඇති මුදල් අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ, ඒ සම්බන්ධයෙන් විමසීමක් කර ඇත.
 
''ඔන්න ඔබතුමා වෙනුවෙන් මම අද කතාකලා'' යයි එහිදී බන්ධුල ගුණවර්ධන ඇමතිවරයා පවසා ඇති බවත්, එහිදී අගමැතිවරයා ද සිනා සෙමින් ප්‍රතිචාර දැක්වූ බවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසිය.
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්