මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට ගෙන ඇති තීරණයට අමාත්‍ය වාසුදේව නානායක්කාර නොසතුට පළකර සිටියි.
අගමැති මහින්ද රාජපක්ෂ වෙත ලිඛිත දැනුම්දීමක් කරමින් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ, එම කොමිසම පවතින්නේ අගමැතිවරයා යටතේ බැවින් ඒ සම්බන්ධයෙන් තීන්දු ගත යුත්තේ ද අගමැතිවරයා විසින් බවයි.
 
ජනාධිපති කාර්යාලය විසින් කොමිසම සම්බන්ධයෙන් තීන්දු ගත නොහැකි බවද එකී ලිපියේ දැක්වේ.
 
මෙම තත්ත්වය මත ජනතාවගේ දැඩි විරෝධය ආණ්ඩුවට එල්ලවිය හැකි යැයි ද ඇමතිවරයා තම ලිපියේ අනතුරු අඟවා ඇත.
 
ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර විසින් මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරන ලෙස මහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත පසුගියදා ලිපියක් යොමු කර තිබිණි.
 
එහි සේවකයන් වෙනත් ආයතනවලට අනුයුක්ත කරන ලෙසද එම ලිපියෙන් දන්වා තිබේ.
 
 5d9178851e1b0 ccc 30 09 2019 4
'ජනාධිපති ලේකම් මහජන උපයෝගිතා කොමිසම අහෝසි කලේ මා දැනුවත්ව නොවේ'.- ඩලස්
 
මේ අතර විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසන්නේ, මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීම සම්බන්ධයෙන් තමන් දැනුවත්ව නොසිටි බවයි. 
 
එම කොමිසම වසා දැමීමට පියවර ගන්නැයි ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර විසින් භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලබා දෙමින් යොමු කරන ලද ලිපිය තමන් සමග සාකච්ඡා කර හෝ තමන් දැනුවත්ව යවන ලද ලිපියක් නොවන බවද ඔහු පවසයි.
 
යම් නියාමනයක් අවශ්‍ය බව පවසන ඇමතිවරයා ඉදිරි කැබිනට් මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් සදහන් කරයි.
 
එමෙන්ම අගමැති මහින්ද රාජපක්‍ෂ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආකාරයේ සංශෝධන පමණක් සිදුවන බවද ඔහු කියා සිටියි.
 
ඇමතිවරයා මේ බව කියා සිටියේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
උසස් නිලධාරීන් තරඟට මෙන් ඉල්ලා අස් වේ !
 
මේවනවිට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් බොහෝදෙනෙකු ජනාධිපති ලේකම්වරයාගේ ක්‍රියා පිළිවෙතට විරෝධය පළකරමින්, ප්‍රසිද්ධියේ අදහස් දක්වමින් සිටිති. 
 
වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන එහි පෙරමුණ ගෙන සිටියි.
 
එසේම, ජනාධිපති ලේකම්වරයා සමග ඇතිකර ගත් ගැටුම් හේතුවෙන් රජයේ ඉහල ආයතනවල නිලධාරීන් ගණනාවක් පසුගියදා සිය තනතුරින් ඉල්ලා අස්වීමට හෝ විශ්‍රාම ගැනීමට කටයුතු කර තිබිණ. 
 
මහා බැංකුවේ ඉහලම නිලධාරීන් දෙදෙනෙකු පසුගියදා එලෙස විශ්‍රාම ගොස් තිබිණ.
 

susa           ජනාධිපති ලේකම්වරයාගේ බැනවැදීම සුසන්ත රත්නායකගේ ඉල්ලා අස්වීමට හේතුවී ඇත.

 
ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක පසුගිය 30  දින සිට බලපැවැත්වෙන පරිදි සිය තනතුරින් ඉල්ලා අස්විය.
 
ඒ, තමාගේ රාජකාරි කටයුතු වලට ජනාධිපති ලේකම්වරයා බාධාකරන බවත්, පසුගියදා තමාට ප්‍රසිද්ධියේ බැනවැදුණ බවත් පවසමිනි.
 
ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි හිටපු සභාපතිවරයා වන ඔහු ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරය බාරගෙන තිබුනේ ජනාධිපතිවරයාගේ බලවත් ඉල්ලීම මතය. 
 
එසේම, අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති ප්‍රභාෂ්  සුභසිංහ ද පසුගියදා සිය තනතුරින් ඉල්ලා අස්විය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්