පෑලියගොඩ නව වෙළඳ සංකීර්ණයේ වෙළඳසල් ලබා දෙන බව කියමින් ආණ්ඩුව

තමන් මහත් දුෂ්කරතාවට ඇද දමා ඇති බව චෝදනා කරමින්, මේවනවිට මහමගට ඇඳ වැටී ඇති මැනිං වෙළඳ පොළ ව්‍යාපාරිකයින් අද (07) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරතවූහ.

වසර 100කට වැඩි කාලයක් කොළඹ පිටකොටුවේ අක්කර 3ක භූමියක පවත්වාගෙන ගිය මැනිං වෙළඳ පොළ භුමිය විශාල ආයෝජන ව්‍යාපෘතියකට ලබාදී ඒ වෙනුවට සියලු පහසුකම් සහිතව පැලියගොඩ ප්‍රදේශයේ අක්කර 13ක භූමියක් ලබා දෙනබවට යහපාලන ආණ්ඩුව පොරොන්දුවී ඊට අදාල ව්‍යාපෘති ආරම්භකර තිබුනද මේවනවිට එම වැඩපිළිවෙලට මුළුමනින්ම පටහැනිව නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරන බවට විරෝධතාකරුවන් චෝදනා කරති.

පිටකොටුවේ මැනිං වෙළඳ පොළේ අඩි 12 X 10 කඩ කාමරවල සිය ව්‍යාපාර පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයින්ට පැලියගොඩ වෙළඳ සංකීර්ණයේ වඩාත් පහසුකම් සහිත අඩි 12 X 6 ප්‍රමාණයේ කඩ කාමර නොමිලේ ලබා දෙනබවට නාගරික සංවර්ධන අධිකාරිය මිට ඉහත දී සහතික වී තිබිණ.

කෙසේවුවද මේවනවිට එවැනි කඩ කාමරයක ප්‍රමාණය අඩි 6 X 6 කර බාගයකින් අඩුකර ඇති අතර ව්‍යාපාරිකයින් පවසන්නේ තම ව්‍යාපාරික කටයුතුවලට එම කඩ කාමර කිසිඳු ලෙසකින් ප්‍රමාණවත් නොමැති බවයි. 

තමන් වෙනුවෙන් ලබාදීමට යෝජිතව තිබු කඩ කාමර එසේ දෙගුණයක් කර කඩ කාමර රැසක් දේශපාලන හිතවතුන්ට ලබාදීමට කටයුතු කර ඇතැයි මනින වෙළඳුන් පවසති.

මෙම විරෝධතාවයේදී වෙළඳුන් පැවසුයේ, මැනිං වෙළඳපොළේ කටයුතු ආරම්භ කිරීමට ඉඩ නොදී පෑලියගොඩ වෙළඳ සංකීර්ණයට ගෙන යන බව කීවද එයින් තමන්ට බලවත් අසාධාරණයක් සිදුවන බවය. 

new.manin .marketපෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය (Manin Market) නොවැම්බර් 20 දා අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරින.

මැනිං වෙළඳපොළේ දිගු කාලයක් වෙළඳාම් කළ වෙළඳුන් අතරින් දැනට පෑලියගොඩ කාමර ලබා දී ඇතිතේ 300කට පමණි. 

අනෙක් වෙළඳුන්ට අද පැමිණෙන බවට දන්වා තිබුණද කඩකාමර ලබාදීමේ කොන්දේසි මහත් අසාධාරණ බව ඔවුහු පවසති. 

පිටකොටුව මැනිං වෙළඳපොළේ වෙළඳුන් මාසිකව කොළඹ නගර සභාවට ගෙවූ රුපියල් 1,250 ක මුදල වෙනුවට පෑලියගොඩ වෙළඳ සංකීර්ණයේදී තමනට සපයන කුඩා ඉඩ ප්‍රමාණයට නාගරික සංවර්ධන අධිකාරියට මාසිකව රුපියල් 11,500ක් ගෙවීමට නියමකර ඇතැයි ද ඔවුන් පවසති.

එපමණක් නොව එම වෙළඳසල් නොමිලේ ලබාදෙන බවට සහතික වුවද ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 2ක අත්තිකාරම් මුදලක් ගෙවීමට සිදුවන බවද විරෝධතාකරුවන් පවසති.

සම්පූර්ණ වෙළඳ කාමරයක් ලබා ගැනීමට නම් රුපියල්  ලක්ෂ 5ක අත්තිකාරම් මුදලක් තැන්පත්කර මාසික කුලිය රුපියල්  25,000ක් ගෙවිය යුතුය. 

දැනට මැනිං වෙළඳ සංකීර්ණයේ ක්‍රියාකාරී වූ තොග හා සිල්ලර වෙළඳුන්ට හිමිව තිබුණු කාමර 2500ක් වෙනුවට පෑලියගොඩ මැනිං වෙළඳපොළේ ඇත්තේ වෙළඳසැල් 1,192 ක් පමණක් බව ඔවුහු පවසති.

manning protest

manning protest1

manning protest2

manning protest3

manning protest5

a6e115d8 8ab3 486e 8d43 9824853aba56

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්