කෝවිඩ් වසංගතයේ දෙවැනි රැල්ල නැග එද්දී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෝහලක වයිරස් ආසාදනයෙන්
මියගිය පුද්ගලයන්ගේ මරණ පරීක්ෂණ පැවැත්වීමට නොහැකි බව හෙළිවී තිබේ.
 
මෙම විමතිය උපදවන තොරතුරු අනාවරණය වී ඇත්තේ මහර හිරගෙදර සමූහ ඝාතනයෙන් මියගිය අය සම්බන්ධ විභාගයක් කෙරෙද්දී ඔවුන්ගේ සිරුරු විනාශ නොකරන ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් රාගම දකුණු කොළඹ මහ රෝහලේ අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම් ෂෙල්ටන් පෙරේරා වෙත ලියා ඇති ලිපියකිනි.
 
කොමිසම එම ලිපිය ලියා ඇත්තේ මහර බන්ධනාගාරයේ ප්‍රහාරයෙන් මරණයට පත්වූවන් 11 දෙනකු අතරින් නම දෙනකු කෝවිඩ් ආසාධිත බවට ආණ්ඩුව කරන ප්‍රකාශ ඥාතීන් සහ සිරකාර අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින ක්‍රියාධාරීන් විසින් ප්‍රශ්න කර තිබියදීය.

Ramani Muttettuwagama

“වයිරසය ආසාදිත අයගේ සිරුරු බැහැර කිරීම පිළිබඳ රෙගුලාසි සම්බන්ධයෙන් අප දැනුවත්ව ඉන්නා අතරේම, මෙම මලසිරුරු දැනටමත් ආරම්භ කර ඇති විමර්ශනයක අංගයක් බව ඔබට සිහිපත් කර දීමට මෙම ලිපිය ලියන්නෙමු,” යි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ පරීක්ෂණ හා විමසීම් භාර රමණි මුත්තෙට්ටුවේගම කොමසාරිස්වරිය රාගම රෝහලේ අධ්‍යක්ෂ වරයාට ලියා ඇති ලිපියේ සඳහන් වේ.
 
“එමනිසා, ඒවා සෞඛ්‍ය අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සංරක්ෂණය කළ වුවත්, ඔවුන්ගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ  අවසන් වන තුරු ආදාහනය හෝ වෙනත් ආකාරයකින් විනාශ කිරීම හෝ නොකළ යුතුය. ඊට අමතරව, හැකි අවස්ථාවලදී, ඡායාරූප ගැනීම ඇතුළු සිරුරුවල බාහිර පරීක්ෂණ ආරම්භ කළ හැකි අතර ඒවා වෝහාරික කණ්ඩායම් වලට ලබා දීමට කටයුතු කළ යුතුය.”
 
දකුණු කොළඹ මහ රෝහලේ නැති පහසුකම් තිබෙන IDH රෝහලේ සහාය ලබා පරීක්ෂණ සිදු කිරීමට සඳහා අධිකරණ අවසර ලබාගන්නා ලෙස මානව හිමිකම් කොමිසම වැඩිදුරටත් උපදෙස් දී තිබේ.
 
දකුණු කොළඹ මහ රෝහලේ නැති පහසුකම් තිබෙන IDH රෝහලේ සහාය ලබා පරීක්ෂණ සිදු කිරීමට සඳහා අධිකරණ අවසර ලබාගන්නා ලෙස මානව හිමිකම් කොමිසම වැඩිදුරටත් උපදෙස් දී තිබේ.
 
“වයිරස් ආසාදිත පුද්ගලයන්ගේ මළසිරුරු සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ පැවැත්වීමට ඔබේ රෝහලේ පහසුකම් නැති බව අපේ පරීක්ෂණ වලින් හෙළි වී ඇතත්, කොටිකාවත්තේ පිහිටි බෝවන රෝග රෝහලේ (IDH) අවශ්‍ය පහසුකම් ඇති හෙයින් ඒ විශේෂඥ දැනුම අවශ්‍ය වේ නම් මහේස්ත්‍රාත් වරයාගේ අවසරය ඉල්ලා සිටීම උචිතය.”
 
මහර සිරගෙදර මරණ වලට හේතුව තහවුරු කරගැනීම පිණිස පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම දෙසැම්බර් 2 දාද රජයේ බලධාරීන්ට ලිපි යවා තිබුණි. 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්