කොවිඩ් -19  වයිරසයට මුවා වී කරගෙන ගිය බව කියන පී.සී.ආර් ජාවාරම සම්බන්ධයෙන්
සෞඛ්‍ය අමාත්‍යාංශ වෛද්‍ය සැපයුම් අංශයේ ඉහළ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (රහස් පොලිසිය) කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගෙන ඇතැයි 'අරුණ' පුවත්පත වාර්තා කරයි.
 
මේ වන විට එක් ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් පමණක් එක දිගට දින තුනක් මෙලෙස ප්‍රශ්න කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු අනාවරණය කර ඇත.
 
එවැනි මිලකට ජර්මානු සමාගමකින් පමණක් පීසීආර් කට්ටල මිලදී ගැනීමට සෞඛ්‍ය අංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් කටයුතු කර ඇතැයි රාජ්‍ය බුද්ධි අංශ ජනාධිපතිවරයාට වාර්තාවක් ලබා දී තිබිණි.
 
ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියමයෙන් ඒ පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත කළ අඩු මිලට පීසීආර් කට්ටල තිබියදී දෙගුණයක් වැඩිපුර ගෙවා පීසීආර් කට්ටල මාෆියාවක් කරගෙන යන බව හෙළි වී තිබිණි.
 
ඒ අනුව පීසීආර් ජාවාරමට සම්බන්ධ වූවන් සොයා විමර්ශන අරඹා ඇත.
 
''ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත කළ අඩු මිලට පීසීආර් කට්ටල තිබියදී දෙගුණයක් වැඩිපුර ගෙවා පීසීආර් කට්ටල මාෆියාවක් කරගෙන යන බව රාජ්‍ය බුද්ධි අංශ විසින් ජනාධිපතිවරයා වාර්තා කර තිබේ. ඒ අනුව පීසීආර් ජාවාරමට සම්බන්ධ වූවන් සොයා විමර්ශන අරඹා ඇත.''
 
මෙම විමර්ශනවල දී පීසීආර් මාෆියාවට සම්බන්ධ ප්‍රධාන පෙළේ වෛද්‍යවරුන් සිවුදෙනකු හා රසායනාගාර නිලධාරීන් ගැනද අනාවරණය වී ඇත. 
 
මාෆියාවට සම්බන්ධ සමාගමෙන් ලැබෙන වරදාන සැලකිල්ලට ගෙන හිතවත්කම් මත මෙම ජාවාරම කරගෙන ගොස් ඇතැයි දැනට තොරතුරු අනාවරණය වී තිබේ.
 
 
 “ඇවිගන්” යළි ජපානයට !
 
මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග පවසන්නේ, මෙරට කොවිස් -19 වෛරසය ආරම්භක අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නිර්දේශය මත ඖෂධ නීතිගත සංස්ථාව (SPC) විසින් ජපානයෙන් මෙරටට ගෙන්වා ඇති “ඇවිගන්” ඖෂධය යලී එරටට බාර ගැනීමට එකඟත්ව පළකර ඇති බවයි.
 
කොරෝනා වෛරසය සඳහා ලොව ප්‍රධාන පෙළේ රටවල් ගණනාවක්ම ඖෂධ සහ එන්නත් පිළිබදව පර්යේෂණ කරමින් සිටින අතර කිසිදු ඖෂධයකට හෝ එන්නතකට මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධාන නිල අනුමැතිය හිමි වී නොමැත. 
 
ජපානයේ “ඇවිගන්” ඖෂධය ද භාවිතයට ගන්නේද? නැද්ද? යන්න ගැන තවමත් පර්යේෂණ පවත්වමින් සිටින අතර එය මිනිසුන් වෙනුවෙන් යොදා ගැනීමට ජපාන සෞඛ්‍ය බලධාරීන් හෝ අනුමැතිය ලබා දී නොමැත.
 
තත්වය එසේ තිබියදී, මෙම ඖෂධය මෙරටට ගෙන්වා තිබෙන්නේ කුමන අවශ්‍යතාවයකට දැයි සෞඛ්‍ය අංශ වල කතාබහක් ඇතිවී තිබේ.
 
xcfsa
 
ආණ්ඩුවට පක්ෂපාති Lanka Lead News වාර්තා කර ඇති පරිදි, අදාළ ඖෂධය මෙරටට ගෙන්වා ගැනීමට ටෙන්ඩර් කැඳවීමක් සිදුකර නොමැත.
 
මෙවැනි ඖෂධයක් මෙරටට ගෙන්වීමේ දී ඖෂධ නියාමන අධිකාරියේ අවසරය ලබාගත යුතුව ඇතත් එයද ලබාගෙන නොමැතිව උණ සහ සෙම්ප්‍රතිශ්‍යාවට ගන්නා ඖෂධයක් ලෙස “ඇවිගන්” වෙළඳපොළට නිකුත්කර ඇත.
 
මේ සම්බන්ධයෙන් ඖෂධ නීතිගත සංස්ථා ‍ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ එකී ඖෂධය මෙරටට ගෙන්වා ඇත්තේ නිදර්ශක වශයෙන් පමණක් බවත් ඒවා පරීක්ෂාකර බැලීමට පහසුකම් නැති නිසා එම තොගය ආපසු යැවීමට කටයුතු කරන බවත්ය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්