ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළින් දිවයිනට ඇතුල් වූ බුරවී සුළි කුනාටුව රටහැර ගිය පසුත් දින කිහිපයක්

උතුරට ඇද හැලුන අධික වර්ෂාපතනයෙන් නිවාස සහ ගොවි බිම් ජලයෙන් යටවීම නිසා යාපනය දිස්ත්‍රික්කයේ සැලකිය යුතු ජනතාවක් පීඩාවට පත්ව සිටී.

අධික වර්ෂාවෙන් උතුරු පළාත පුරා පීඩාවට පත් පුද්ගලයන් 95734 ක් අතරින් 79564 ක් යාපනය දිස්ත්‍රික්කයෙනි.

නාගරිකයන්ට ගංවතුරෙන් ඇති බලපෑම සුළු වුවත්, නැගෙනහිර වඩමාරච්චි, කල්ලුන්ඩායි සහ පොම්මයිවේලි ඇතුළු ගම්බද ප්‍රදේශවාසීන් පීඩාවට පත්වී ඇති බව වාර්තාකරුවෝ පවසති. 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දෙසැම්බර් 7 සදුදා පස්වරු හයට නිකුත් කළ තත්ව  වාර්තාවේ දැක්වෙන පරිදි යාපනය දිස්ත්‍රික්කයේ පුද්ගල මරණ 2 ක් සහ වව්නියාව දිස්ත්‍රික්කයෙන් තවත් පුද්ගල  මරණයක් වාර්තා වී තිබේ.

තුවාල ලැබු ගණන හයකි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දෙසැම්බර් 7 සදුදා පස්වරු හයට නිකුත් කළ තත්ව  වාර්තාවේ දැක්වෙන පරිදි යාපනය දිස්ත්‍රික්කයේ පුද්ගල මරණ 2 ක් සහ වව්නියාව දිස්ත්‍රික්කයෙන් තවත් පුද්ගල  මරණයක් වාර්තා වී තිබේ. තුවාල ලැබු ගණන හයකි.

වර්ෂාවෙන් උන් හිටි තැන් අහිමි වු යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 292 ට අයත් පුද්ගලයන් 1026 ක් මේ වන විටත්  ආරක්ෂිත ස්ථාන 19 ක රදවා සිටින අතර කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පවුල් 88 ට අයත් පුද්ගලයන් 134 දෙනකු ආරක්ෂිත මධ්‍යස්ථාන දෙකක රදවා සිටී.

මන්නාරම, මුලතිව් සහ වව්නියා දිස්ත්‍රික්කයන්හි පීඩාවට පත් සියලු ජනතාව ආපසු නිවාස කරා ගොස් ඇති බව පළාත්බද වාර්තාකරුවෝ පවසති.

අධික වර්ෂාවෙන් කෘෂි භුමි ජලයෙන් යටවී තිබීම නිසා මන්නාරම දිස්ත්‍රික්කයේ පමණක් කුඹුර අක්කර දහසක් පමණ විනාශ වී යාවේ අවධානමකට මුහුණ දී ඇති බව පළත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

අධික වර්ෂාවෙන් කෘෂි භුමි ජලයෙන් යටවී තිබීම නිසා මන්නාරම දිස්ත්‍රික්කයේ පමණක් කුඹුර අක්කර දහසක් පමණ විනාශ වී යාවේ අවධානමකට මුහුණ දී ඇති බව පළත් බද  වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම තත්ත්ව වාර්තාවට අනුව මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 2227 ට අයත් පුද්ගලයන් 7784ක්, යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 23862 ට අයත් පුද්ගලයන් 79564ක්, කිලිනොචිචි දිස්ත්‍රික්කයේ පවුල් 2016 ට අයත් පුද්ගලයන් 5807 ක්, මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 703 ට අයත් පුද්ගලයන් 2151 ක් සහ වව්නියා දිස්ත්‍රික්කයේ පවුල් 138 ට අයත් පුද්ගලයන් 428 ක් බලපෑමට ලක් ව සිටී.

Buravi new 03

උතුරේ දිස්ත්‍රික්ක පහ තුළ නිවාස 99 ක් පුර්ණ හානියට පත්ව ඇති අතර එයින් 94 ක්ම යාපනය දිස්ත්‍රික්කයේය.

උතුරු පළාත තුළ අර්ධ හානි සිදුව ඇති නිවාස 3486 න් නිවාස  3040ක්ම යාපනය දිස්ත්‍රික්කයට අයත් බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි. වර්ෂාව  නිසා උතුරු පලාතේ කුඩා හා මධ්‍යම පරිමාන ව්‍යාපාරික ස්ථාන 786 කට හානි වෙද්දී එයින් 778 ක්ම වාර්තා වී ඇත්තේ  යාපනය දිස්ත්‍රික්කයේය.

බුරවී සුළි කුනාටුව සමග හටගත් වර්ෂාවේ  බලපෑමෙන් නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 79 ට අයත් 265 දෙනෙකු පීඩාවට පත් වෙද්දී එක් නිවාසයකට පුර්ණ හානිත් නිවාස 66 ට අර්ධ හානි සිදුව තිබේ.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය තව දුරටත්  සදහන් කර පරිදි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ හානි සිදුව ඇත්තේ කුඩා හා මධ්‍යම පරිමාන ව්‍යාපාරික ස්ථාන තුනකට පමණි. 

සබැඳි පුවත් :

බුරවි කුනාටු ප්‍රහාරයෙන් අස්වනු නෙලන්නට තිබූ වගාවට හානි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්