වර්තමාන කොවිඩ් රැල්ල, යුක්‍රේන ගුවන්කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් නිරෝධායනයට ලක්කර සිටි

සීදූව රමාඩා හෝටලයේ සේවකයින් සමග බ්‍රැන්ඩික්ස් සේවිකාවන් අතර පැවැති සබඳතාවක් හේතුවෙන් හටගත් බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

ඇය එබව සඳහන් කලේ දෙසැම්බර් මස 06 දින  පාර්ලිමේන්තුවේදි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කළ ප්‍රශ්න කිරිමකදීය. 

සීදුව හෝටලයක නැවතී සිටි යුක්‍රේන ජාතික ගුවන් කාර්යමණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබූ බවත්, ඒ මාර්ගයෙන් එම හෝටලයේ සේවකයන් කිහිපදෙනෙකුට ද මෙම රෝගය ඇති බවට සොයාගත් බවත් ඇමතිවරිය එහිදී පැවසුවාය.

එම සීදූව හෝටලයේ කාර්යමණ්ඩලය සහ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාර්යමණ්ඩලය අතර පැවති යම් සබඳතා මගින් මෙම  වයිරසය මිනුවගොඩට ආ බවට විශ්වාස කළ හැකි බවයි ඇය පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ.

ඊට හේතු වශයෙන් ඇය දැක්වුයේ ලංකාවට දැනට දක්නට ලැබෙන වයිරස ප්‍රභේදය වඩා සමීප වන්නේ යුරෝපීය ප්‍රභේදයට බව ජයවර්ධනපුර සරසවියෙන් කළ පර්යේෂණ මගින් සනාථ වී තිබීමයි.

'ඊට හේතු වශයෙන් ඇය දැක්වුයේ ලංකාවට දැනට දක්නට ලැබෙන වයිරස ප්‍රභේදය වඩා සමීප වන්නේ යුරෝපීය ප්‍රභේදයට බව ජයවර්ධනපුර සරසවියෙන් කළ පර්යේෂණ මගින් සනාථ වී තිබීමයි.''

 අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර ද මේ පිලිබඳව අදහස් දැක්වූ අතර, ඉන්දියාවේ විශාකාපට්ටනම් වල සේවයකළ ලාංකිකයන් 300කට අධික පිරිසක් බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් අවස්ථා 03 කදී ලංකාවට ගෙන ආ බවත්, ඔවුන්ගෙන් කොවිඩ්-19 වැළඳී තිබුණේ 10 දෙනෙකුට පමණක් බවත්, එම 10 දෙනා නැවත කිසිවිටෙකත් කම්හල්වල සේවයට අනුයුක්ත කර නැති බවත් ඔහු පවසා සිටියේය.

ඒ අනුව ලංකාවේ කොවිඩ් රැල්ල ආරම්භ වන්නේ ඉන්දියාවෙන් නොව යුක්‍රේනයෙන් බවත්, ඒ, සීදූව රමාඩා හෝටල් කාර්යමණ්ඩලය සහ මිනුවන්ගොඩ  බ්‍රැන්ඩික්ස් ඇඟලුම් සේවිකාවන් අතර සබඳතා මගින් බවත් ඔවුන් දෙදෙනාම අවධාරණය කර සිටියේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්