ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සියලු සාමාජිකයින් ඉල්ලා අස්වී ඇත.

ඒ, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල විසින් ඊයේ (08) උදෑසන දැනුම්දීමකට අනුවය.  

විදුලිබල ක්ෂේත්‍රයේ චීනය සමඟ ක්‍රියාත්මක කිරීමට නියමිත ඇතැම් ව්‍යාපෘති ඉදිරියට ගෙනයාමට රජය දැඩි අධිෂ්ඨානයකින් පසුවන අතර, කිසිඳු විනිවිදභාවයකින් තොරව ක්‍රියාත්මක එම ව්‍යපෘතිවලට මහජන උපයෝගීතා කොමිෂන් සභාව බාධාවක් විය හැකි බැවින් එකී කොමිසම අහෝසි කිරීමට ජනාධිපති ලේකම්වරයා මිට ඉහතදී නියෝගකර තිබිණ.  

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වසාදමා එහි සේවකයන් විදුලිබල මණ්ඩලයට සහ ජාතික සැළසුම් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරන ලෙස පසුගිය දෙසැම්බර් පළවෙනිදා ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා (භාණ්ඩාගාර ලේකම්) වෙත ලිපියක් මගින් දැනුම් දී තිබුනේ ඒ අනුවය. 


ආණ්ඩු පක්ෂයෙනුත් විරෝධයක් !

කෙසේවුවද, මහජන උපයෝගිතා කොමිෂන් සභාව අක්‍රීය කිරීමට ජනාධිපතිවරයා ගත් පියවර සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී සිය විරෝධය පල කළ අතර වත්මන් ආණ්ඩුව නියෝජනය කරන වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම වැනි ඇමතිවරුන් පවා එම කොමිෂන් සභාව විසින් ඉටුකෙරෙන වැදගත් කාර්යභාරය ආරක්ෂා කිරීමට මැදිහත් වීම සුවිශේෂී කරුණකි. 

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ බලතල අනුව එහි සාමාජිකයන් ඉල්ලා අස්වුවහොත් හැර ඇමතිවරයාට ඔවුන් ඉවත් කිරීමේ බලයක් නැති අතර ජනාධිපතිවරයාගේ නියෝග අනුව මෙම කොමිසම අහෝසි කිරීමේ හැකියාවක්ද නොමැති බවත් එම පනත අහෝසි කළ යුතු වන්නේ පාර්ලිමේන්තුව විසින් බවත් පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඇමතිවරුන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයාට පැහැදිලිකර දී ඇත.  



බලපෑම්කර ඉල්ලා අස්වීම් ගනී !

ඒ අනුව, මෙම ස්වාධින කොමිෂන් සභාවේ සාමාජිකයින්ගේ ඉල්ලා අස්වීම් වහාම ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම්ට උපදෙස් දී ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග උපුටා දක්වමින් 'කොළඹ ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය' වාර්තා කර තිබේ. 

කොළඹ ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය ප්‍රකාශ කර ඇත්තේ, භාණ්ඩාගාර ලේකම් විසින් දැනටමත් කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනෙකුගේ ඉල්ලා අස්වීම් ලබාගෙන ඇති බවත්, ඔවුන් ස්වේච්ඡාවෙන් ඉල්ලා අස් නොවන්නේ නම්, ඔවුන්ව ආණ්ඩුව විසින්  බලහත්කාරයෙන් ඉවත් කරන බවය.  

කොමිසමේ සභාපති මහාචාර්ය කිත්සිරි ලියනගේ ඇතුළු සාමාජිකයන් පස්දෙනාට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල විසින් ඊයේ (08) උදෑසන දැනුම්දී තිබු බව ආණ්ඩුවට පක්ෂපාති Lanka Lead News පුවත් වෙබ් අඩවිය ද වාර්තා කර තිබිණ. 

ඒ අනුව මහජන උපයෝගීතා කොමිසමේ වර්තමාන සභාපති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය කිත්සිරි ලියනගේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, මුදල් අමාත්‍යාංශයේ නියෝජිත චන්ද්‍රා ඒකනායක, ආචාර්ය නිශාන්ත ද මෙල් සහ නීතීඥ සඳුන් ගමගේ යන සියලු දෙනා ඊයේ ඉල්ලා අස් වීමට තිරණය කර තිබේ. 

එම පුවත ආණ්ඩුවට පක්ෂපාති lanka C news වාර්තා කර ඇත්තේ, ''ඇමතිවරුන් පරදා PBට ජයක්.. මහජන උපයෝගිතා කොමිසමේ සියළු දෙනා ඉල්ලා අස්වෙයි…'' යන සිරස්තලයෙන් යුතුවය. 

pb lmasld

මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි බල අමාත්‍යංශය විසින් විදුලිය මිලදී ගැනීමේ ක්‍රියාදාමය නියාමනය කිරීම සනහා 2002 එ.ජා.ප. ආණ්ඩුව විසින් පිහිටුවන ලද ස්වාධින ආයතනයකි. 

ඒ අනුව, අඩු පිරිවැය දිගු කාලීන විදුලි ජනන සැලසුම් රට තුළ ක්‍රියාත්මක කිරීම අරමුණු කරගෙන පාර්ලිමේන්තු පනතකින් ස්ථාපනය කෙරුණු ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමට විදුලිබල ක්ෂේත්‍රයේ නියාමනය පැවරුණි. 

2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මගින් සපයා ඇති ප්‍රතිපාදන අනුව පස් දෙනෙකුගෙන් සමන්විත ස්වාධින නියාමන ආයතනයක් වශයෙන් එම ආයතනය පවත්වාගෙන යාමට අදහස් කරන ලදි.   

ඒ අනුව, එහි සාමාජිකයින්ගේ ස්වාධීනත්වය සහතික කෙරෙනු අතර සාමාජිකයන් හට ස්ථාවර ධුර කාලයක් සඳහා සේවය කරන බවට සහතික වන විධිවිධාන පනතේ අඩංගු බැවින් විෂමාචාරි ක්‍රියාවන් වැනි සුවිශේෂී අවස්ථාවක හැර එම සාමාජිකයින් ඉවත් කළ නොහැක.  

දූෂණය ඉවවහා ගිය ශ්‍රී ලංකාවේ විදුලි බල කර්මාන්තය නියාමනය කළ මෙම කොමිෂන් සභාවේ හිටපු සභාපති සහ සෙසු සාමාජිකයන් තමන් වෙත එල්ල වූ විවිධාකාරයේ පීඩනයට පවා මුහුණදෙමින් පසුගිය කාලයේ සුවිශාල කාර්ය භාරයක් කල ප්‍රකට කරුණකි. 

කෙසේවුවද එම සාමාජිකයින් ඉවත් කිරීමෙන් පසු තමන්ට අවනත කිහිප දෙනෙකු පත්කිරීමට ජනාධිපති ලේකම්වරයාගේ අවධානය යොමුව ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. 

 

සබැඳි පුවත් : 

CEB, Govt MPs Rebel As Gota Forces PUCSL Members To Resign To Advance Chinese Power Projects

අගමැති වෙනුවෙන් වාසුදේව, පී.බී. ගෙන් 'ගේම ඉල්ලයි'

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්