දූෂණ  සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නොවන සංවිධානයක් වන

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂක සහ තවත් ඉහළ පෙළේ නිලධාරියෙකුගේ අත්සනින් රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලක් වංචනික ලෙස බැංකු ගිණුම් වලින් ලබාගෙන ඇතැයි ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද විශේෂ විගණනයකදී හෙළිදරව්වී තිබේ.

දැනට හෙළිවී ඇති තොරතුරු අනුව මෙම මුදල් වංචනික ලෙස ලබා ගෙන ඇත්තේ අවස්ථා කිහිපයකදී චෙක්පත් කිහිපයක් මගිනි.

එම මුදල් අස්ථානගතවීම වසන්කිරීම සඳහා වාර්ෂික සම්මේලනයට ව්‍යාජ  ගිණුම් ප්‍රකාශන සකස්කර ඉදිරිපත්  කර ඇතැයිද විමර්ශන වලදී හෙළිවී තිබේ.

වාර්ෂික ගිණුම් ප්‍රකාශන ලෙස ව්‍යාජ වාර්තා ඉදිරිපත් කිරීම නිසා මේ වනවිට මූල්‍යාධාර සපයන ආයතන කිහිපයක්ම තවදුරටත් මුදල් ලබාදීම් ප්‍රතික්ෂේපකර ඇතැයිද දැනගන්නට තිබේ.

පසුගිය වසර කිහිපයක් තිස්සේම ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයාට එරෙහිව විවිධ දූෂණ චෝදනා රැසක් එල්ලවූ අතර ඒ ඒ අවස්ථාවල  අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රමුඛ ඉහළ කළමනාකාරිත්වය ප්‍රකාශ කළේ එම චෝදනාවල පදනමක් නොමැති බවයි.

 

විධායක අධ්‍යක්ෂක කියන කතාව :
 
 මේ අතර සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අශෝක ඔබේසේකර පවසන්නේ, චෙක්පත් කිහිපයක සිය අත්සන ව්‍යාජ ලෙසින් තබා තිබීම ගැන වංචා විමර්ශන අංශයට පැමිණිලි කළ බවය.
 
සිය පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසිය වෘත්තීයමය ලෙසින් ක්‍රියා කළ බවද ඔහුගේ සටහනේ දැක්වේ.

 

zfd


පිළිතුරුදීමේ අයිතිය :

theleader.lk හි පලවී ඇති වාර්තාවකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගනිමු. 

- සංස්කාරක ‍



විද්‍යුත් ලිපිනය This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්