ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වසාදමා දැමීමට ජනාධිපතිවරයා සිය ලේකම්වරයා ලවා

ලිපි යොමුකළේ, අදාළ කාරනා සම්බන්ධයෙන් දැනුවත් භාවයකින් තොරවදැයි 'අයිතීන් උදෙසා පාරිභෝගිකයෝ' සංවිධානයේ කැදවුම්කරැ කැලුම් අමරසිංහ ප්‍රශ්නකර සිටියි.

ඔහු එබව සඳහන් කලේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකදීය.

ඔහු එබව සඳහන් කර සිටියේ, කිසිඳු විනිවිදභාවයකින් තොරව විදුලිබල ක්ෂේත්‍රය තුළ චීන සමාගම් සමග ක්‍රියාත්මක කිරීමට තීන්දුකර ඇති දැවැන්ත ව්‍යපෘති කිහිපයකට මහජන උපයෝගීතා කොමිෂන් සභාව බාධාවක් විය හැකි බැවින් එකී කොමිසම අහෝසි කිරීමට කටයුතු කරන බවට ආණ්ඩුවට චෝදනා පිට චෝදනා එල්ලවෙමින් තිබියදීය.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පසුගිය සමයේ සිදුකළ කාර්ය භාරය ඔහු විසින් මෙසේ ගෙනහැර දැක්විය.

 

විදුලිය මිලදී ගැනීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ගෙන ඇති තීරණ (2015-2020)

1- මෙගා වොට් 300ක එල් එන් ජී බලාගාරය සදහා ටෙන්ඩර් කිරීමේ අනුමැතිය දින 2ක් තුල ලබාදී ඇත.

ටෙන්ඩර් ක්‍රියාදාමය සදහා වසර 4ක් ගත වී ඇති අතර ටෙන්ඩර් ප්‍රදානය සදහා මේ වසරේදී ඉල්ලීම ලැබුණු අතර ඒ සදහා ද අවසරය දී තිබේ.

මුලින් ඉදිරිපත් කල විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම හා පසුවු ඉදිරිපත් කල විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමේ පැවති වෙනස්කම් හේතුවෙන් ඒවා සමාලෝචනය කොට ජනතාවට, ලංකා විදුලිබල මණ්ඩලයට, රජයට හා ආර්ථිකයට වාසිදායක ලෙස වෙනස් කිරීමට කොමිෂන් සභාව යෝජනා කල අතර එම යෝජනාවලට ලංකා විදුලිබල මණ්ඩලය හා එල් ටී එල් සමාගම එකග විය. 

ඔවුන් විසින් සංශෝධනය කල විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමටද කොමිෂන් සභාව පසුගියදා අවසන් අනුමැති ය ලබාදී තිබේ.

2 - දෙවැනි මෙගා වොට් 300 එල් එන් ජී බලාගාරය ටෙන්ඩර් කිරීම සදහා ලංකා විදුලිබල මණ්ඩලය අනුමැතිය ඉල්ලා සිටියේ මේ වසරේ වන අතර ඒ සදහා අනුමැතිය ලබා දී ඇත. ලංවිම විසින් තවම ටෙන්ඩර් කැදවා නැත.

3 -නොරොච්චෝලේ 4වන අදියර සදහා ඉදිරිපත් කර ඇති යෝජනාව කොකැදවු ටෙන්ඩරයක් හෙයින් පනතට අනුව අනුගමනය කල යුතු ක්‍රමය පෙන්වා දී ඇත.

4- හදිසි මිලදී ගැනීම් යටතේ වසරකට මෙගා වොට් 700ක් පමණ මිලට ගැනීමට කල යෝජනා වළක්වා වසරකට රුපියල් බිලියන 120 බැගින් ඉතිරි කර දී ඇත. එම මිලදී ගැනීම්වලට අනුමැතිය ලබාදුන්නානම් මේ වන විට ලංවිම පාඩු වසරකට බිලියන 200 ඉක්මවනු ඇත.

5- 2019 වසරේ දී මෙගා වොට් 400ක හිගයක් පවතින බවට ලංවිම කල නිර්දේශ මත තුර්කි නැව් දෙකකින් කෙටිකාලයක් සදහා මෙගා වොට් 400ක් මිලට ගැනීමට කල යෝජනාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කල අතර ඒ වසරේදී කිසිදු විදුලි හිගයක් උද්ගත නොවීමෙන් කොමිෂන් සභාව ගත් තීරණය නිවැරැදි බව ඔප්පු විය. 

එම මිලදී ගැනීම වළක්වා රුපියල් බිලියන 30ක් පමණ ඉතිරිකර දීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සමත් විය.

6- 2018 වසරේදී පුද්ගලික ඩීසල් බලාගාර 3ක ගිවිසුම් වසර 3ක් සදහා දීර්ඝ කලා කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව  විදුලිබල පනතට පටහැනිව කල මෙම විදුලිය මිලදී ගැනීමට කොමිෂන් සභාව අවසර දුන්නේ නැත. 

වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ද මෙම නීති විරෝධි බලාගාර ගිවිසුම් අහෝසි කරන බවට පොරොන්දුවක් ඇතුළත් වු අතර මේ වසරේදී නැවත එම ගිවිසුම් දීර්ඝ කිරීමට විදුලි බල අමාත්‍යවරයා කල යෝජනාවට මුදල් අමැතීතුමා නීරීක්ෂණ ඉදිරිපත් කරමින් එකගතාවය නොදැක්වීය. 

ඒ අනුව එම පුද්ගලික බලාගාර වල ගිවිසුම් කාලය දිර්ඝ කිරීම ඇමති මණ්ඩලය විසින් ගත් තීරණයෙන් ද එදා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ගත් තීරණය නිවැරදි බව සහතික කර ඇත. 

මෙම පුද්ගලික බලාගාර ගිවිසුම් හේතුවෙන් ලංවිමට සිදුවු පාඩුව රුපියල් බිලියන 15ක් පමන වේ.

7- කෙටිකාලීන හදිසි අවශ්‍යතාවයන් සදහා රාජ්‍ය ආයතන සතු ජෙනරේටර් වලින් ඵලදායී ක්‍රමයකට විදුලිය මිලදී ගැනීම සදහා ව්‍යාපෘත්‍යක් සකසා එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් සිදු කළේය. 

ඒ යටතේ කොළඹ අවට පිහිටි රාජ්‍ය ආයතනවල පමණක් මෙගා වොට් 200ක් පවතින බව හදුනා ගෙන ඇත. නමුත් මේ ව්‍යාපෘතිය ලංවිම විසින් ක්‍රියාවට නැගුවේ නැත.

8- පසුගිය කාලයේ දී හදිසි විදුලි බිද වැටීම් මිස විදුලි හිගයන් හේතුවෙන් අඛන්ඩ විදුලිය කැපීමක් සිදු වී නැත. විදුලි ජනනයට බාධා වන ආකාරයේ කිසිදු ක්‍රියාමාර්ගයක් කොමිෂන් සභාව ගෙන නොමැත.

9- පසුගිය පාලන කාලය තුලදී විවිධ අවස්ථාවලදී හිතු මතේ විදුලිය මිලද ගැනීම සදහා ඉදිරිපත් වු යෝජනා කිසිකවකට මෙම කොමිෂන් සභාව අවසර දී නැත.

10- 2018 දී ලංවිම විසින් මාස 6ක් සදහා මෙගා වොට් 100ක හදිසි විදුලිය මිලදී ගැනීමට කල යෝජනාව සමාලෝචනය කල විට කොමිෂන් සභාව හදුනාගත්තේ එම වර්ෂයේ මැයි මාසයේ ඇතිවන වර්ෂා තත්වය හේතුවෙන් එවැනි හිගයක් ඇති නොවන බවයි.

එය පෙන්වා දුන් පසු ලංවිම විසින් ද එය පිළිගෙන එම විදුලිය මිලදී ගැනීමේ යෝජනාව අවලංගු කලේය. ඒ නිසා රුපියල් බිලියන 9ක් පමණ ඉතිරි විය.

11- මහජන උපයෝගිතා කොමිෂන් සභාව ස්ථාපිත කිරීමට පෙර විදුලි පාරිභෝගික පැමිණිලි සදහා නිසි විසදුම් නොලැබුණ විට සිදු වුයේ අධිකරණයේ පිහිට පැතීමය. විසදුම් ලබාගැනීම සදහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සදහා ඉහල වියදමක් හා කාලයක වැය කිරීමට විදුලි පාරිබෝගිකයාටත් ලංකා විදුලි බල මන්ඩලයටත් සිදු විය. 

12- විදුලි පාරිබෝගික පැමිණිලි හා ආරාවුල් විසදීම සදහා කොමිෂන් සභාව හදුන්වාදුන් සමථකරණ ක්‍රියාවලිය හරහා මේ වන විට ආරාවුල් දස දහසකට ආසන්න සංඛ්‍යාව විසදා ඇත.

විදුලි පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂාව සදහා විශේෂ රෙගුලාසි 20ක් ක්‍රියාවට නංවා ඇත. කොවිඩ් වසංගත සමයේ විදුලි බිල් ගෙවීම සදහා සහන ක්‍රමවේදයක් ක්‍රියාවට නැගුවේද කොමිෂන් සභාවේ නිර්දේශ මතයි

සබැඳි පුවත් :

පී.බී. කැබිනට්ටුවටත් උඩින්; මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් ගෙදර යවයි! 'චීන ඩීල්එකක්'!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්