ලබන වසරේ සිට පන්තියක සිටිය යුතු ළමුන් සංඛ්‍යාව 35 බව තහවුරු කර ඇති අධ්‍යාපන ලේකම්වරයා විසින්ම

ජනප්‍රිය පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සීමාව ඉක්මවා සිසුන් ඇතුළත් කරමින් සිටින බවට දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් චෝදනා කරයි.

එක් පන්තියක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව සීමා කිරීමේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2016 වසරේ සිට වසරකට එක් සිසුවා බැගින් අඩු කර 2021 වසරේ 35 සීමාවට ගෙන ඒමට කටයුතු කළ බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ.

Stalin 09එහෙත් වත්මන් රජය බලයට පත් වූ පසු එම සීමාව වෙනස් කර පන්තියක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව 45 දක්වා වැඩි කීරීමට උත්සාහ ගත් අතර, ඊට එරෙහිව ලංකා ගුරු සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කිරීමට කටයුතු යොදමින් සිටි බව එම  සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සදහන් කරයි.

"එසේ තිබියදී වත්මන් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් 2020.12.04 දිනැතිව ED/12/11/02/02 අංකයෙන් සියලූම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරු සහ විදුහල්පතිවරු අමතමින් යොමු කරන ලද ලිපියේ සඳහන් කර ඇත්තේ 2019.05.24 දිනැති 29/2019 චක්‍රලේඛයෙහි 4.1 වගන්තිය අනුව 2021 වර්ෂයේ හා ඉන් ඉදිරියට පළමු වන ශ්‍රේණියේ එක් සමාන්තර පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 35 ක් විය යුතු බවයි."

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ ඉහත ආකාරයෙන් අගය කළ යුතු තීරණයක් ගත් අධ්‍යාපන ලේකම්වරයා ම අති ජනප්‍රිය ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සීමාව ඉක්මවා සිසුන් ඇතුළත් කිරීමට කටයුතු කිරීම කනගාටුදායක තත්වයක් බවයි.

"මේ වන විට කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසල් ඇතුළු දිවයින පුරා ප්‍රධාන පෙළේ ජාතික පාසල් සඳහා මේ ආකාරයෙන් මැති ඇමතිවරුන්ගේ සහ දේශපාලන හිතවතුන්ගේ දරුවන් ඇතුළත් කිරීමට මේ දිනවල කටයුතු කරමින් සිටීම කනගාටුදායක තත්වයකි."

''මේ වන විට කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසල් ඇතුළු දිවයින පුරා ප්‍රධාන පෙළේ ජාතික පාසල් සඳහා මේ ආකාරයෙන් මැති ඇමතිවරුන්ගේ සහ දේශපාලන හිතවතුන්ගේ දරුවන් ඇතුළත් කිරීමට මේ දිනවල කටයුතු කරමින් සිටීම කනගාටුදායක තත්වයකි."

යහපාලන වෑයම වැලැක්වීම:

පැවති යහපාලන රජය මේ ආකාරයෙන් අවිධිමත්ව අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමේ දී කොළඹ රාජකීය විද්‍යාලයීය සංගමය 2019  වසරේ අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබු බව සිහිපත් කරන ජ්‍යෙෂ්ඨ ගුරු සංගම් නායකයා පෙන්වා දෙන්නේ,  එම පෙත්සමට අදාළ අතුරු තහනම් නියෝගයක් එම වසරේ ඔක්තෝබර් 14 වන දින නිකුත් කරන ලද අතර, එහි සඳහන් කර තිබුණේ 2012 වසරේ දී ශ්‍රේෂ්ඨාධිකරණය  ලබාදුන් තීන්දුව අනුව 35 සීමාව ඉක්මවා ළමුන් ඇතුළත් නොකළ යුතු බවයි.

මේ ආකාරයට සීමාව ඉක්මවා ළමුන් ඇතුළත් නොකළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහ අභියාචනාධිකරණයෙන් නියෝග තිබියදී බලයට පැමිණෙන ආණ්ඩු තම හිතවතුන්ගේ දරුවන් අති ජනප්‍රිය  ජාතික පාසල්වලට අනීතිකව ඇතුළත් කිරීම වහා නතර කළ යුතු බවට වෘත්තිය සමිති නායකයා බල කර සිටී.

"පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ තරගය අවම කිරීමට ජාතික පාසල් දහසක් නිර්මාණය කරන බවට 2020.12.08 දින තීන්දු ගත් බව ප්‍රකාශ කරමින් ප්‍රමුඛතා ලේඛනවල සහ සාධාරණ ක්‍රම මගින් ප්‍රධාන පෙළේ ජනප්‍රිය ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් නොකර දේශපාලන උවමනාවන් මත ළමුන් අනීතික ලෙස ඇතුළත් කිරීම ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙතකි." ලංකා ගුරු සංගමය දෙසැම්බර් 9 බදාදා නිකුත් කළ නිවේදනයක වැඩි දුරටත් සදහන්ය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්