විපක්ෂයෙන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ ඇතැමුන්ගෙන් එල්ලවූ විවේචන හමුවේ, අධිකරණ අමාත්‍යංශය
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය කරා ගෙන යාමේ සැලසුම හකුලා ගැනීමට විෂයබාර අමාත්‍ය අලි සබ්රි තීන්දුකර ඇත. 
 
ඒ අනුව,අධිකරණ අමාත්‍යංශය ලෝක වෙළද මධ්‍යස්ථාන ගොඩනැගිල්ල රැගෙන යාමේ තීරණය අත්හිටවූ බව අධිකරණ අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
 
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය පුළුල් කිරීම සඳහා උවමනා ඉඩ ලබා දීමට වසර දෙකක් සඳහා අධිකරණ අමාත්‍යංශය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය කරා ගෙන යාමට මුලින් සැලසුම් කළ ද ඊට එරෙහි නැඟූන  චෝදනා නිසා එවැනි තීරණයක් ගත් බව අධිකරණ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
 
අනවශ්‍ය කරුණු කාරණා මතු කරමින් ගෙනයනු ලබන ව්‍යාජ වැඩපිළිවෙලවල් සහ කටකතා කණගාටුවෙන් යුතුව හෙළා දැකිය යුතු අතර සාකච්ඡා වට කිහිපයකින් පසුව අධිකරණ අමාත්‍යාංශය දැනට පවතින ගොඩනැගිල්ලේම පවත්වාගෙන යාමට තීරණය කළ බව අධිකරණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
 
''අවුරුදු දෙකක කාලයක් සදහා, අධිකරණ අමාත්‍යංශය ලෝක වෙළද මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට රැගෙන යාමට තීරණය වී තිබුණු අතර, ඒ වෙනුවෙන් අදාල ගොඩනැගිල්ලේ කුලී ඇතුළු අනෙකුත් වියදම් සදහා වැයවන මුදල රුපියල් ලක්ෂ 4000 ක් බව විපක්ෂය චෝදනා කර තිබිණ.''
 
 
''ස'ගේ දකුණු අත වගේ ඉන්නකෙනා ගැන ලැජ්ජයි ''
 
මේ සම්බන්ධයෙන් පසුගිය 10 දා පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මෙසේ පැවසිය. 
 
''දැන් අපේ සර්ගේ දකුණු අත වගේ ඉන්න එක්කෙනා තමයි අධිකරණ ඇමතිතුමා. මට ලැජ්ජයි කියන්න, I am shame , The Muslim person is a Judiciary Minister, but Muslims of this country does not have any judiciary. 
 
ඒ නිසා මං පැහැදිලිව කියන්න ඕන අද උසාවියේ නඩු ලක්ෂ 8ක් හිරවෙලා තියෙනවා. ඇයි බැරි මේ අධිකරණ ඇමතිතුමාට කෝටි ගණන් වියදම් කරලා ලෝක වෙළද පොලට අලුත් කාමර ගන්න යන එකේ අලුත් කාර්යාල හදන්න යන එකේ මේ නඩු ටික ඉක්මනට ඉවර කරගන්න උසාවිය උදේ 8 ට ආරම්භ කරන්න, ඒකට අවශ්‍ය  පහසුකම් ලබා දෙන්න. 
 
මේ අයවැයෙන් ඒවාට මුකුත් නෑ, හැබැයි ඇමතිතුමාට සුඛෝපභෝගී කාර්යාල ලබා ගැනීම සදහා අවශ්‍ය  කැබිනට් පත්‍රීකා දාලා ඒ වැඩකටයුතුනම් කෙරීගෙන යනවා.
 

 

මේ වෙලාවේ කෝටි 41ක් වැය කිරීම අපරාධයක්

මුලු රටම ව්‍යසනකාරී තත්ත්වයකට මුහුණ දී තිබියදී කෝටි 41ක් වියදම් කරමින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශ්‍ය පෞද්ගලික ස්ථානයකට ගෙනයාමට කැබිනට් මණ්ඩලය තීරණය කිරීම බරපතල අපරාධයක් බව ජනතා නීතිඥයෝ චෝදනා එල්ල කරති.

 
 
'නාමල්ව ආදර්ශයට ගන්න' - ආණ්ඩුව ඇතුළෙන්ම විරෝධයක් 
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විශ්වාසවන්තම කැබිනට් මණ්ඩල සාමාජිකයා ලෙස සැලකෙන අලි සබ්රි දැවැන්ත මුදලක් ගෙවා සිය අමාත්‍යංශ කාර්යාලය කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ගෙනයාමට ගත් තීරණය ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ ද දෝෂදර්ශනයට ලක්ව තිබිණ.
 
මුළුරටම කෝවිඩ් වසංගතයට මුහුණදී ජනතාව ආර්ථික වශයෙන් අන්ත අසරණ තත්වයකට පත්ව සිටිය දී, දැවැන්ත මුදලක් කාර්යාලයක් සඳහා යටකිරිම ඔවුන්ගේ කනස්සල්ලට හේතුවී තිබු අතර, ඒ අනුව ඔවුන් කිහිපදෙනෙකුම ව්‍යාපාරික හිතවතුන් හරහා අමාත්‍ය අලි සබ්‍රිට දැනුම්දී තිබුනේ අඩුම වශයෙන් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ආදර්ශයට ගන්නා ලෙසයි.
 
sdgdf
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ 
 
කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ තරුණ කටයුතු අමාත්‍යංශය ස්ථාපිත ස්ථානය වෙනුවෙන් මාසිකව රුපියල් ලක්‍ෂ 39 ක මුදලක් ගෙවීම නාස්තියක් බව පවසමින් තරුණ කටයුතු අමාත්‍යංශය කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයට ගෙන ඒමට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ තීන්දුකර තිබිණ.
 
සැප්තැම්බර් මස 02දා ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙසේ පැවසීය.
 
“තරුණ කටයුතු අමාත්‍යංශය සඳහා මාසිකව ලක්‍ෂ 39 ක් ගෙවීම ඇත්තෙන්ම නාස්තියක්. සල්ලි නාස්ති කරන්න හොඳ නෑ. ඒ නිසා තරුණ කටයුතු අමාත්‍යංශය සුගතදාස ක්‍රීඩාංගණයට ගේන්න තීරණය කරලා තියෙනවා.
 
සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ ඉඩ තියෙනවා. තරුණ කටයුතු අමාත්‍යංශ එතනට ගෙනාවම ලක්‍ෂ 39 ක් ඉතිරි වෙනවා” 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්