ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක
ඊයේ (12) එම පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත්ව ඇත්තේ, සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නායකත්වය බාර ගැනීම සඳහා යයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.
 
පාඨලී චම්පික රණවක සමඟ ජාතික හෙළ උරුමයේ සාමාජිකයන් ලෙස ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකු ද ජාතික හෙළ උරුමයෙන් ඉවත්වීම ඊයේ දිනයේ සිදුවිය.
 
''ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ව්‍යවස්ථාවක් සමග සමඟි ජන බලවේගය ගොඩනැගෙනව නම්, ඒ අය එක්ක ඉදිරියට යන්න අප සූදානම්. '' යයි ශ්‍රී ලංකා පදනම් ආයතයේ ඊයේ පැවති ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජිත සමුළුව අමතමින්  'සමගි ජන බලවේගය' පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අවධාරණය කර සිටියේය. 
 
''ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ව්‍යවස්ථාවක් සමග සමඟි ජන බලවේගය ගොඩනැගෙනව නම්, ඒ අය එක්ක ඉදිරියට යන්න අප සූදානම්. '' යයි ශ්‍රී ලංකා පදනම් ආයතයේ ඊයේ පැවති ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජිත සමුළුව අමතමින් 'සමගි ජන බලවේගය' පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අවධාරණය කර සිටියේය. 
 
 
සමගි බලවේගයේ ව්‍යවස්ථාව එයි 
 
චම්පික රණවක මන්ත්‍රීවරයා එසේ සඳහන් කළ අයුරින් 'සමගි ජන බලවේගය' වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් ලෙස ස්ථාපිත කරලීමට අවශ්‍ය පක්ෂ ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ කටයුතු මේවනවිට අවසන් අදියරේ පවතී.
 
යෝජිත විධායක සභාවට එහි පක්ෂ ව්‍යවස්ථාවේ කෙටුම්පතක් ඉදිරිපත් කොට, නොපමාව අදහස් ඉදිරිපත් කරන ලෙස එහි නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා ඇත.
 
එම විධායක සභාව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත වේ.
 
දෙසැම්බර් 01 වැනිදා පැවති එම බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී එම කෙටුම්පත ඉදිරිපත් කර ඇති අතර දෙසැම්බර් 04 වැනිදා වන විට ඒ පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීමට දැනුම් දී තිබිණ.
 
යෝජිත පක්ෂ ව්‍යවස්ථාව අනුව අවුරුද්දකට වතාවක් පක්ෂ සම්මේලනයක් පැවැත්විය යුතු අතර එම පක්ෂ සම්මේලනයේදී වාර්ෂිකව පක්ෂ නායකයා තෝරාගත යුතුය. 
 
යෝජිත පක්ෂ ව්‍යවස්ථාව අනුව අවුරුද්දකට වතාවක් පක්ෂ සම්මේලනයක් පැවැත්විය යුතු අතර එම පක්ෂ සම්මේලනයේදී වාර්ෂිකව පක්ෂ නායකයා තෝරාගත යුතුය. 
 
එම නායකයාට අභිමතය පරිදි තමන් සමඟ එදිනෙදා කටයුතු කිරීමට නිලධාරී කණ්ඩායමක් පත් කරගත හැකිය.
 
කෙසේ වෙතත් පක්ෂයේ තීන්දු ගන්නා ප්‍රධාන ආයතනය විධායක සභාව වේ. 
 
එම විධායක සභාව, තරුණ සංවිධානය ඇතුළු පක්ෂයේ අනෙකුත් ව්‍යූහයන්ට නිලධාරීන් පත් කිරීමේදී ඡන්දයෙන් පත් කරන අතර, එක්සත් ජාතික පක්ෂයේ තිබුණු ආකාරයට නායකයාට තනතුරු පත් කිරීමේ හැකියාව සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට ඇතුළත් කරන බව සති අන්ත 'අනිද්දා' ජාතික පුවත්පත සමඟ මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති 'සමගි ජන බලවේගයේ' පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කර තිබේ.
 
දෙසැම්බර් 01, 02 සහ 03 දිනවල සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ තිස්ස අත්තනායකගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් රැස්ව ඒ පිළිබඳ සාකච්ඡා කළ බව ද එම මන්ත්‍රීවරයා පවසා ඇත.
 
මන්ත්‍රීවරුන්ට ස්වාධීන තීන්දුවක් ගැනීමට ඉඩ දීම සඳහා සජිත් ප්‍රේමදාස එම සාකච්ඡාවලට සහභාගී නොවූ බව එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
 
නීතිඥ තිසත් විජේගුණවර්ධන, නීතිඥ සුරේන් ප්‍රනාන්දු සහ නීතිඥ ෆර්මාන් කාසිම් එම ව්‍යවස්ථාව කෙටුම්පත් කර ඇත.
 
 
 
සබැඳි පුවත් :
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්