ලංකාවේ දේශපාලනය මේ වන විට හසුරුවන්නේ ප්‍රබල දේශපාලන සම්බන්ධකම් සහිත
කොන්ත්රාත්කාරුවන් කිහිප දෙනෙකු බවත් එම කොන්ත්‍රාත්කරුවන්ගෙන් රට බේරා ගැනීම මේ යුගයේ ප්‍රමුඛත ම දේශපාලන අභියෝගය බවත් සමගි තරුණ බලවේගයේ ප්රචාරක ලේකම් රසික ජයකොඩි පවසයි.
ඔහු මේ බව පැවසුවේ පසුගිය දා මහනුවර පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.
"මේ කොන්ත්රාත්කාරයන් තමන්ගේ ප්‍රබල දේශපාලන සම්බන්ධකම් පාවිච්චි කරලා සමස්ත ව්‍යාපාර ක්ෂේත්රය ම පාලනය කරනවා.
හතරවෙනි රාජ්‍යය කියලා අපි කියන ජනමාධ්‍ය තියෙන්නෙත් ඔවුන්ගෙ අතේ.
මේ කොන්ත්රාත්කාරයන් උපයන අසීමිත ධනයෙන් කොටසක් කෙළින් ම දේශපාලනඥයන්ගේ සාක්කුවලට යනවා. තව කොටසක් ඒ අය මැතිවරණ කැම්පේන්වල 'ආයෝජනය' කරනවා.
මේ මැතිවරණ කැම්පේන්වලට මුදල් එන විදිහ හොයන්න ලංකාවේ නීති නෑ. මහා පරිමාණයෙන් කළු සල්ලි ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය තූළ සංසරණය වෙනවා," යැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.
මේ මැතිවරණ කැම්පේන්වලට මුදල් එන විදිහ හොයන්න ලංකාවේ නීති නෑ. මහා පරිමාණයෙන් කළු සල්ලි ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය තූළ සංසරණය වෙනවා," යැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.
"මේ කොන්ත්රාත්කාරයන් අද මහජන මතය විතරක් නෙවෙයි රටේ සමස්ත ප්රජාතන්ත්රවාදය ම මංකොල්ල කාලා. මේ රටේ මුළු මහත් සමාජ කුණු වෙලා ගියත් මිනිස්සු නිර්වින්දනය වෙලා වගේ ඉන්නේ ඒ නිසයි.
මේ යුගයේ අපේ ප්‍රධාන ම අභියෝගය වෙන්නේ මේ කොන්ත්‍රාත්කාරයන්ගෙන් ජනතා පරමාධිපත්‍යය ගලවා ගැනීම," යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
"මේක කරන්න පුළුවන් එක ම විදිය මැතිවරණවල වියදම් වෙන මුදල් නියාමනයට ඉතාම ශක්තිමත් නීති ක්‍රියාත්මක කිරීම.
මේ මුදල් එන්නෙ කොහෙන්ද, කවුද මේවා දෙන්නේ, කාටද මේවා යන්නෙ කියන හැම දෙයක් ම ජනතාවට හෙළි කිරීම අනිවාර්ය කෙරෙන නීති සම්මත විය යුතුය.
එමෙන් ම වත්කම් බැරකම් ප්‍රකාශන සම්බන්ධයෙනුත් ඉතා ම ප්‍රබල නීති අවශ්‍යයි.
විශේෂයෙන් ම ඕනැම මැතිවරණයකට තරග කරන සෑම අපේක්ෂකයෙකුම තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශන ප්‍රසිද්ධ කිරීම අනිවාර්ය කෙරෙන නීති අවශ්‍යයි.
මේ නීති නැති තාක් කල් දේශපාලනඥයන්ටත් ඔවුන්ගේ කොන්ත්රාත්කාරයන්ටත් රිසි සේ මහජන මුදල් සහ දේපල මංකොල්ල කන්න ඉඩ ලැබෙනවා" යයි ද ඔහු වැඩිදුරටත් පැවසුවේය.
''මේ නීති නැති තාක් කල් දේශපාලනඥයන්ටත් ඔවුන්ගේ කොන්ත්රාත්කාරයන්ටත් රිසි සේ මහජන මුදල් සහ දේපල මංකොල්ල කන්න ඉඩ ලැබෙනවා"