ක්‍රිකට් පාලක මණ්ඩලය තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශ විෂය පථයෙන් ඉවත් කර ඇත.
 
දෙසැම්බර් 11 වෙනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත්කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් එම ඉවත්කිරීම සිදුකර තිබේ. 
 
පසුගිය අගෝස්තු 09 වනදින නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ ක්‍රිකට් පාලක මණ්ඩලය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතට එක්කර තිබු අතර ස්වාධින විය යුතු ක්‍රීඩා සංගමයක් අමාත්‍යංශය යටතට පත්කිරීම සම්බන්ධයෙන් විවේචන එල්ලවී තිබිණ.
 
අලුත් ගැසට් නිවේදනයෙන් සිදුකර ඇත්තේ එම වරද නිවැරදි කිරීමක් බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය. 
 
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය යනු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ ක්‍රියාකාරකම් හා එහි කටයුතු පාලනය කරන ප්‍රධානතම ආයතනයයි. 
 
මෙම ආයතනය 1975 ජුනි මස 30 දිනදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචිව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ලෙස ආරම්භ කෙරුණු අතර පසුව එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලෙස වර්ෂ 2003 දී පිහිටුවන ලදී.
 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්