ළදරුව සිහිකරමින් බොරුල්ල කනත්තේ වැටෙහි සුද රෙදි ගැට ගසන තරුණියක් (සේයා -srilankabrief.org)
කොවිඩ් 19 ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහ භූමිදානය කිරීමට ආණ්ඩුව විසින් ඉඩ නොදීමට විරෝධය පළකරමින් අද (13) සවස කොළඹ බොරැල්ල කනත්ත ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් සංවිධානය කර තිබු අතර එම අවස්ථාවට 'සැබෑ දේශප්‍රේමියෝ' සංවිධානය නියෝජනය කරමින් හිටපු අමත්‍ය මංගල සමරවීර ද එක්ව සිටියේය.
කෝවිඩ් ආසාදනයෙන් මියගිය දින 20ක් වයසැති ෂෙයික් නම් බිළිදාව දෙමාපියන්ට පවා නොපෙන්වා ආදාහනය කිරීමට විරෝධය පළකරමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණ.
මෙම අවස්ථාවට බොහෝ තරුණ තරුණියන් පිරිසක් සහභාගී සිටී අතර ඔවුන් දෙමාපියන්ගේ අනවසරයෙන් ආදාහනය කරන ලද ළදරුව සිහිකරමින් බොරුල්ල කනත්තේ වැටෙහි සුද රෙදි ගැට ගසමින් සිය විරෝධය සාමකාමී ලෙස සිදුකරනු දක්නට ලැබිණ.
මෙම අවස්ථාවේ අදහස් දැක්වූ 'සැබෑ දේශප්‍රේමියෝ' සංවිධානයේ ආචාර්ය සුජාතා ගමගේ සහ මංගල සමරවීර මෙසේ පැවසිය.
කොවිඩ් 19 අසාදානයෙන් මියගිය පුද්ගලයින්ගේ මෘතදේහ භූමිදානය සඳහා ලෝකයේ රටවල් 194 ක් අවසර දී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයද මෙරට මානව හිමිකම් කොමිසමද මළසිරුරු භූමිදානය සදහා අවසර දිය යුතු බව නිර්දේශ කර තිබියදීත් රාජපක්ෂ ආණ්ඩුව ෂෙයික් වැනි බිළිදකුට පවා එම අයිතිය ලබා නොදුන්නේය.
මේ වනාහී වත්මන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ලබා ඇති අදුරු දසාවේ තවත් එක් අතිශය ඛේදජනක උදාහරණයකි.
බොරැල්ල කනත්තේ වැටෙහි සුද රෙදි කඩක් ගැට ගසන මංගල
සුද රෙදි කඩක් ගැට ගසන අලි සහීර් මවුලානා. (සේයා srilankabrief.org)
සබැඳි පුවත් :