අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වශයෙන් නීතිය ඉදිරියේ තහවුරු නොවුණු
හුදෙක් සැකකරුවන්ගේ විස්තර මාධ්‍ය වෙත නිදහස් කිරීමට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර ගෙන් ඇති තීරණය අපරාධ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට අනිසි බලපෑමක් කරන්නක් බව ජ්‍යේෂ්ඨ නීතිඥ උපුල් කුමාරප්පෙරුම අවධාරණය කර සිටියි.
 
ඔහු එබව කියා සිටියේ, ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, පහරදීම් වැනි අපරාධ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා සැකකරුවන්ට නඩු පවරන අතරේම ඔවුන්ගේ ඡායාරූප සහ විස්තර මින් ඉදිරියට මාධ්‍යයට නිකුත් කර ජනතාව දැනුවත් කිරීමට ක්‍රියාකරන බවට අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අප කළ විමසීමකදීය.
 
"අපි ළමා අපචාර, කාන්තාවන් දූෂණය කිරීම, මංකොල්ලකෑම, ඉතාම නින්දිත ලෙස පාරේ මැද්දෙ තියලා පහරදීම් වගේ ප්‍රචණ්ඩක්‍රියා කරන සියල්ලන්ම හඳුනාගත් පසුව, ඔවුන්ට නඩුදාන ගමන් මාධ්‍ය තුළින් මේ අයගේ ඡායාරූ‍ප පෙන්වලා මේ අයගේ විස්තර මාධ්‍යයට නිකුත් කරලා ජනතාව දැනුවත් කරනවා. 
 
"අපි ළමා අපචාර, කාන්තාවන් දූෂණය කිරීම, මංකොල්ලකෑම, ඉතාම නින්දිත ලෙස පාරේ මැද්දෙ තියලා පහරදීම් වගේ ප්‍රචණ්ඩක්‍රියා කරන සියල්ලන්ම හඳුනාගත් පසුව, ඔවුන්ට නඩුදාන ගමන් මාධ්‍ය තුළින් මේ අයගේ ඡායාරූ‍ප පෙන්වලා මේ අයගේ විස්තර මාධ්‍යයට නිකුත් කරලා ජනතාව දැනුවත් කරනවා. '' - අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර
 
ඒ තුළින් මම හිතනවා මින් ඉදිරියට හෝ එවන් දෙයක් කරනවා නම් තමන්ගේ විස්තර සමස්ත ජනතාව දැනගන්න නිසා ඒ තුළින් ඔහු කිසියම් බියක් සැකක් නැත්නම් ලැජ්ජාවක් ඔවුන් තුළ ඇතිකිරීම තමයි අපේ සම්පූර්ණ පරමාර්ථය. 
 
118 දුරකථන අංකයෙන් පුළුවන් ඕනෙම කෙනෙකුට අමතන්න. එය තුළින් අපි ශක්තිමත් කණ්ඩායම් සහ වාහන පහසුකම් සමග, අපරාධයක් වෙනවා නම් එසැණින් එතැනට ගිහිල්ලා ඒ අපරාධකරුවන් අල්ලන්න පුළුවන් ක්‍රියාදාමයකුත් දැන් සකස් වෙනවා" යයි අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර කියා සිටියේය.
 

විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු වන අමාත්‍යවරයා මෙලෙස ක්‍රියා කිරීමට යන්නේ කවර නීතිමය පදනමක් යටතේද යන්න පැහැදිලි කර නොමැත.
 
කෙසේවුවද අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ නීතිඥ උපුල් කුමාරප්පෙරුම මෙසේ පැවසිය.
 
''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාවට (5 වන වගන්තියේ) අනුව නිර්දෝෂී පුර්ව නිගමනය මත අපරාධ නඩුවක චෝදනා ලැබු සැකකරුවකු වරදකරුවකු බවට ඔප්පු වන තෙක් නීතිය විසින් ඔහු නිර්දෝෂී පුද්ගලයෙකු බවට පුර්ව නිගමනය කරන කරනවා.
 
Upul Kumarapperuma''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාවට (5 වන වගන්තියේ) අනුව නිර්දෝෂී පුර්ව නිගමනය මත අපරාධ නඩුවක චෝදනා ලැබු සැකකරුවකු වරදකරුවකු බවට ඔප්පු වන තෙක් නීතිය විසින් ඔහු නිර්දෝෂී පුද්ගලයෙකු බවට පුර්ව නිගමනය කරන කරනවා.'' - ජ්‍යේෂ්ඨ නීතිඥ උපුල් කුමාරප්පෙරුම 
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකමක් වශයෙන් එබව දක්වා තියන්නේ, නීතියේ නිසි ක්‍රියාදාමයට පරිබාහිරව කටයුතු කිරීමෙන් පුද්ගලයන්ට සිදුවන අසාධාරණයන් වළක්වාලීමට. 
 
එම කාරණය ලොව පිළිගත් නීතිමය සිද්ධාන්තයක්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශනයේ 11වන වගන්තියේ එම කාරණය අවධාරණය කර තිබෙනවා. 
 
 
මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 11 වන වගන්තිය :
 
 දණ්ඩන වරදක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සෑම පුද්ගලයෙකුටම, නීත්‍යානුකූල විවෘත අධිකරණ විභාගයකින් වරදකරු බව ඔප්පුවන තෙක් නිර්දෝෂියකු ලෙස සලකනු ලැබීමටත්, ඒ අධිකරණයේදී තම නිදහසට කරුණු පෙන්වා සිටීමට වුවමනා සියලු අවශ්‍යතා නොඅඩුව ලැබීමටත්, හිමිකම් ඇත්තේය. යම් වරදක් හෝ ප්‍රමාද දෝෂයක් කිසිවකුගෙන් සිදු වූ අවස්ථාවේදී එම කාලයේ පවතින ජාතික හෝ අන්තර්ජාතික නීතියෙහි එම වරද හෝ ප්‍රමාද දෝෂය දණ්ඩනය වරදක් සේ නොසඳහන්ව පැවති නම් එම වරදට හෝ ප්‍රමාද දෝෂයට ඔහු වරදකරුවකු ලෙස නොසැළකිය යුතුය. දණ්ඩන වරද කළ කාලයේදී වලංගුව පැවති දඬුවමකට වඩා වැඩි දඬුවමක් එවැනි වරදකරුවකු උදෙසා නොපැනවිය යුතුය. 
 
 
 
නඩු තීන්දුවලට අනිසි ලෙස බලපෑ හැකි ආකාරය !
 
තවදුරටත් අදහස් දැක්වූ නීතිඥ කුමාරප්පෙරුම පැවසුයේ, පොලිසිය බාර අමාත්‍යවරයාගේ ප්‍රකාශයට අනුව සැකකරුවන්ගේ ඡායාරූප සහ විස්තර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කළහොත් එය නඩු විභාගයේදී සැකකරුට අවාසිදායක ලෙස තින්දුවීමට බොහෝදුරට ඉඩතිබෙන බවයි.
 
''උදාහරණයක් වශයෙන් ජුරි සභාවක් ඉදිරියේ විභාගවන නඩුවක දී සැකකරු සම්බන්ධයෙන් මාධ්‍ය හරහා ජනගතකර ඇති මතය අනුව ජුරී සභිකයින් පුර්ව විනිශ්චයක සිට තීන්දු දෙන්න පුළුවන්.
 
ඇමතිවරයා කියන විදියට සැකකරුවකුගේ ඡායාරූප සහ විස්තර රජයේ මැදිහත්වීමෙන් ප්‍රකාශයට පත්කළහොත්, විනිසුරුවන්ගේ මනස වෙනස්වෙන්න වුනත් එය බලපෑමක් විය හැකියි.
 
මෙලෙස රජය මැදිහත්ව ප්‍රචාරයක් ලබාදීම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන්ම, එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් සිද්ධාන්තයන් බිඳ දැමීමක්. '' යයි ද නීතිඥ උපුල් කුමාරප්පෙරුම වැඩිදුරටත් කියා සිටියේය.
 
 
සැකකරුවකු නිදොස්කොට නිදහස් වුනොත් ?
 
විශේෂයෙන් එම සැකකරුවන් අධිකරණය හමුවේ නිදොස්කොට නිදහස් වුවහොත් රජය විසින් ඔවුන්ට එරෙහිව සිදුකරන ලද සාවද්‍ය ප්‍රචාර පිළිබඳ සිදුවන්නේ කුමක්ද යන ගැටළුවක් මතුවන බව lankanewsweb.net ප්‍රශ්නකර ඇත.
 
ශ්‍රී ලංකා පොලිසියේ අසාර්ථකත්වය සහ අකාර්යක්ෂමතාවයත් එය වසා ගැනීම සඳහා ඔවුන් ගෙනයන සරල ක්‍රියාදාමත් අනුව මෙසේ ඡායාරූප ප්‍රසිද්ධ කිරීමේ ඇති භයානකත්වය තේරුම් ගැනීමට සේයා දැරිය ඝාතනය පිළිබඳ චෝදනා එල්ල වූ පාසල් සිසුවා සහ කොණ්ඩයා නම් තරුණයා ගැන සිහිපත් කිරීම ප්‍රමාණවත් වනු ඇත.
 
එමෙන්ම මෙය පොලිස් නිලධාරීන් තමන්ගේ පෞද්ගලික පළිගැනීම් සඳහා ද යොදවා ගැනීමේ සම්භාවිතාව බැහැර කළ නොහැකි හෙයින් තත්වය තවත් දරුණු වනු නියතය. 
 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58