20වන සංශෝධනයට මෙන්ම ස්වාධීන කොමිෂන් සභා දේශපාලනීකරණය කිරීම පිළිබදව
ත්‍රෛනිකායික මහා සංඝරත්නය බලවත් විරෝය පළකරති.
 
ජනාධිපතිවරයාගේ යෝජනා මත ව්‍යවස්ථාපිත කොමිෂන් සභා සමාජිකයන් ලෙස පාර්ලිමේන්තු සභාව මඟින් නිර්දේශ කර ඇති ඇතැම් සාමාජිකයන් පිළිබඳව පැනනැගී ඇති බරපතල ගැටළුකාරී තත්වයන් හේතුවෙන් ස්වාධීන කොමිෂන් සභා සඳහා සිදුකර ඇති පත්කිරීම් නැවත සලකා බලන්නයි සාධාරණ සමාජයක් සඳහා වන භික්ෂු සංසදය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
 
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදය මුහුණ දී අභියෝග හා ඒ සඳහා වගකීම් සහගත කණ්ඩායම්හි මැදිහත්වීමේ අවශ්‍යතාවය පිළිබදව සංඝ සමාජයේ ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ (13 වන ඉරිදා) පැවැති විශේෂ සාකච්ජාවකදී මෙම තීරණයට එළඹියේය.
 
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින්තෛයිනිකායටම අයත් ප්‍රමුඛ පෙලේ භික්ෂූන් වහන්සේලා 25 නමකට ආසන්න පිරිසකගෙන් සහභාගිත්වයෙන් පැවැති මෙම විශේෂ සාකච්ජාවේදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනආ 20වන සංශෝධනය පිළිබදව බලවත් සේ විරෝධය පලකිරීමටත් තීරණය කළහ.
 
ඒ තුලින් තහවුරු වන ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වය පරාජය කිරීමේ අවශ්‍යතාවයද එම භික්ෂුන් වහන්සේලා විසින් අවධාරණය කර සිටියහ. 
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනආ 20වන සංශෝධනය තුලින් තහවුරු වන ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වය පරාජය කිරීමේ අවශ්‍යතාවයද සාධාරණ සමාජයක් සඳහා වන භික්ෂු සංසදය විසින් අවධාරණය කර සිටී.
 
එයට අමතරව ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයෙන් අදවනවිට දක්නට ලැබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය පිරීහීම පිළිබදවද  උන්වහන්සේලාගේ අවධානය යොමුවූ අතර එම තත්වය නොපමාව මඟහැරවීමේ පූර්ණ වගකීම කතානායකවරයාට සහ පක්ෂ නායකත්වයන්ට පැවරී ඇති බවද එහිදී අවධාරණය කෙරින.
 
එමෙන්ම අදවනවිට මේ රටේ භික්ෂූන් වහන්සේලාට නිදහසේ තම අදහස් පලකිරීමට නොහැකි තත්වයක් උදාවී ඇතිබව පෙන්වා දුන් උන්වහන්සේලා, ආණ්ඩුවේ ඇතැම් තීරණ පිළිබදව ප්‍රශ්ණ කරන භික්ෂූන් වහන්සේලා පසුපස රහස් පොලීසිය යොදවමින් සිටීම පිළිබදවද සිය බලවත් අප්‍රසාදය පලකර සිටියහ.
 
අදවනවිට මේ රටේ දේශපාලන බලය පවත්වාගෙන යාම උදෙසා ආණ්ඩුව විසින් ජාතිවාදය සහ ආගම්වාදය යොදාගනිමින් සිටීම තුල එමගින් සමාජයට සිදුවන බරපතල අනතුර පිලිබදවද උන්වහන්සේලා තම බලවත් අවධානය යොමුකල අතර ඒ පිළිබදව ද දැඩි අප්‍රසාදය පළකරන ලදී.
 
''අදවනවිට මේ රටේ දේශපාලන බලය පවත්වාගෙන යාම උදෙසා ආණ්ඩුව විසින් ජාතිවාදය සහ ආගම්වාදය යොදාගනිමින් සිටීම තුල එමගින් සමාජයට සිදුවන බරපතල අනතුර පිලිබදවද උන්වහන්සේලා තම බලවත් අවධානය යොමුකල අතර ඒ පිළිබදව ද දැඩි අප්‍රසාදය පළකරන ලදී.''
 
එමෙන්ම මේ රටේ සෑම පුරවැසියෙකුටම හිමිවිය යුතු බියකින් හා සැකයකින් තොරව නිදහසේ අදහස් පලකිරීමට ඇති අයිතිය භික්ෂූන් වහන්සේලාටද ඇති බවද උන්වහන්සේලා එහිදී  අවධාරණය කලහ.
 
එයට අමතරව මේ වනවිට රට පුරා මහා පරිමාණයෙන් සිදුකරන දැවන්ත පරිසර විනාශය මෙන්ම පුරාවස්තු සංහාරය පිළිබදවද රටේ සමස්ත ජනතාවගේ අවධානය යොමුවිය යුතුය ඇතැයි සදහන් කල අතර එහිදී ඒ සදහා ආණ්ඩුව දක්වමින් සිටින අනුග්‍රහශීලි පිලිවෙතද  තරයේම හෙලා දුටුහ.
 
Shani Abe
ශානී අබේසේකරට එරෙහි දේශපාලන පලිගැනීම් මහත් පිලිකුලක් දනවන්නක්...
 
එමෙන්ම මේ රටේ විශිෂ්ඨ රහස් පරීක්ෂක නිලධාරියෙකු ලෙස ඇගයීමට ලක්ව සිටි ශානී අබේසේකර ඇතුළු රාජ්‍ය නිලධාරීන් ගණනාවකට එරෙහිව ක්‍රියාත්මක වන දේශපාලන පලිගැනීම් මහත් පිලිකුලක් දනවන බව ප්‍රකාශ කල උක්වහන්සේලා වහාම එම තත්වය තුරන් කිරීම සඳහා ආණ්ඩුව මැදිහත්විය යුතු බවද අවධාරණය කලහ.
 
ඊයේ  දින කොළඹදී පැවැති මෙම භික්ෂු කතිකාවේ මූලාසන මණ්ඩලය වයඹ දිසාවේ ප්‍රධාන සංඝ නායක තිස්සව රජමහා විහාරාධිපති මුගුණුවටවන සිද්දත්ත නාහිමි, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අනුනායක මාදම්පාගම අස්සජී හිමිපාණන් සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අධිකරණ නායක මහාචාර්ය අත්තංගනේ රතනපාල යන නාහිමිපාණන් වහන්සේලා විසින් හොබවන ලද අතර ඒ සඳහා මහාසංඝ රත්නය නියෝජනය කරමින් පහත සඳහන් මාහිමිවරුන් ඊට සහභාගීවී සිටියහ. 
 
සතර කෝරල මහදිසාවේ උප ප්‍රධාන සංඝනායක,රත්විත රජමහා විහාරාධිපති පූජ්‍ය මහගල්කඩවල පුණ්‍යසාර ස්වාමින්ද්‍රයානන් වහන්සේ, 
 
කළුතර තොටුමුනේ ප්‍රධාන සංඝනායක වාද්දුව සමද්‍රාරාමාධිපති පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර නායක ස්වාමින්ද්‍රයානන් වහන්සේ, 
 
පොලොන්නරුව තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක කැලණිය විශ්ව විද්‍යාලයේ තොරතුරු හා ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය පූජ්‍ය ලැගුම්දෙනියේ පියරතන නායක ස්වාමින්ද්‍රයානන් වහන්සේ, 
 
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සමාජ සංවර්ධන ලේඛකාධිකාරී හෙට්ටිපොල විමලෝදය පරිවෙනාධිපති පූජ්‍ය කරකොලේ පියදස්සී නායක ස්වාමින්ද්‍රයානන් වහන්සේ,
 
 ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අනුනායක කොළඹ ඉසිපතනාරාම මහා විහාරාධිපති පූජ්‍ය මාදම්පාගම අස්සජී නායක ස්වාමින්ද්‍රයානන් වහන්සේ,
 
 කෝට්ටේ ශ්‍රී සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කාරක සංඝ සභික නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත නායක ස්වාමින්ද්‍රයානන් වහන්සේ, 
 
ශ්‍රී ලංකා අමරපුර ධර්ම රක්ඛිත මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක මිරිහාන විවේකාරාමාධිපති පූජ්‍ය කිතලගම හේමසාර නායක ස්වාමින්ද්‍රයානන් වහන්සේ, 
 
අස්ගිරි පාර්ශවයේ දේවමැදි හත් පත්තුවේ ප්‍රධාන සංඝනායක උස්ගල රජමහා විහාරාධිපති පූජ්‍ය නිකවැරටියේ මංගලනායක ස්වාමින්ද්‍රයානන් වහන්සේ, 
 
නාරාහේන්පිට ධර්මායතනාධිපති කොළඹ ඩඩ්ලි සේනානායක මහා විද්‍යාලයේ විදුහල්පති පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමින්ද්‍රයානන් වහන්සේ, 
 
වතුපන ශ්‍රී ශෛලගිරි රජමහා විහාරාධිකාරී ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය දැලිවේ නාරද ස්වාමින්ද්‍රයානන් වහන්සේ, 
 
වේරහැර සිද්ධත්තාරාම මහා විහාරාධිපති පූජ්‍ය ඇලබඩගම සීලක්ඛන්ධ ස්වාමින්ද්‍රයානන් වහන්සේ, 
 
පොල්පිතිගම කුසිනාරාම මහා විහාරාධිපති පූජ්‍ය කොත්මලේ ධර්මප්‍රිය ස්වාමින්ද්‍රයානන් වහන්සේ.
 
එයට අමතරව මෙම කතිකාව සඳහා උන්වහන්සේලාගේ විශේෂ ආරාධනයෙන් හිටපු කතානායක දේශබන්ධු කරු ජයසූරිය, චම්පික රණවක, තිස්ස අත්තනායක, මනෝ ගනේෂන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු සිවිල් සමාජයේ නියෝජිතයන් ගණනාවක්ද සහභාගිවී සිටියහ.
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්