රිෂාඩ් බදියුදින් තමාට දුරකථනයෙන් කථා කලා යයි කුරුණෑගල, හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක
විසින් දෙනු ලැබූ සාක්ෂිය සම්ර්‍පූර්ණයෙන්ම අසත්‍යයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින්ගේ නීතිඥ රුෂ්ඩි හබීබ් අවධාරණය කර සිටියි.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් ඔහුගේ නීතිඥ රුෂ්ඩි හබීබ් මගින් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂමට දන්වා සිටින්නේ, කුරුණෑගල හිටපු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී, මහින්ද දිසානායක විසින් ජනාධිපති කොමිෂම ඉදිරියේ සාක්ෂි දෙමින්, රිෂාඩ් බදියුදීන් දුරකථන මාර්ගයෙන් හෝ වෙනත් ආකාරයකින් කථා කරන ලදැයි කියන ලද ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බවයි.
 
 මහින්ද දිසානායක සදහන් කරන පරිදි ඔහු සමග තම සේවාදායකයා දුරකථනයෙන් හෝ වෙනත් ආකාරයෙන් කතා කර නොමැති බව ජනාධිපති කොමිෂන් සභාවට ලිපියක් යවමින් රිෂාඩ් බදියුදින්ගේ නිතිඥවරයා සදහන් කරයි.
 
කුරුණෑගල රජයේ රෝහලට අනුයුක්තව සිටි රජයේ වෛද්‍යවරයෙක් වන දොස්තර ෂාපි ඇප මත මුදා හැරීමෙන් පසු රිෂාඩ් බදියුදින් ඔහුට දුරකථනයෙන් කථා කල බව “සම්පූර්ණයෙන් අසත්‍යයක්” බව නීතිඥ රුෂ්ඩි හබීබ් අවධාරණය කර සිටියි.
 
කුරුණෑගල රජයේ රෝහලට අනුයුක්තව සිටි රජයේ වෛද්‍යවරයෙක් වන දොස්තර ෂාපි ඇප මත මුදා හැරීමෙන් පසු රිෂාඩ් බදියුදින් ඔහුට දුරකථනයෙන් කථා කල බව “සම්පූර්ණයෙන් අසත්‍යයක්” බව නීතිඥ රුෂ්ඩි හබීබ් අවධාරණය කර සිටියි.

නිතිඥවරයා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින්නේ දිසානායකගේ දුරකථන සංවාද තහවුරු කර ගන්නා ලෙසයි. එමගින් “දිසානායකගේ අසත්‍ය සාක්ෂි තහවුරු කර ගත හැකි බව මාගේ සේවාදායක විශ්වාස කරන බවද” ඔහු සදහන් කරයි.
 
එසේම නීතිඥවරයා කොමිෂමට අවධාරණය කර සිටින්නේ “මාගේ සේවාදායකට එරෙහිව කොමිෂම හමුවේ සිදු කරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබා දුන්නද තමාගේ සේවාදායකයා ඉදිරිපත් කරන කරුණු සම්බන්ධයෙන් ලැබෙනුයේ ඉතා සුඵ මාධ්‍ය ආවරණයක් හෝ ඇතැම් විට කිසිදු ආවරණයක් නොලැබෙන බවයි.
 
තමාගේ සේවාදායක අඛණ්ඩව වසර 20 ක් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයකු බව අවධාරණය කර සිටින නීතිඥවරයා, ''පක්ෂපාතී ලෙස මාධ්‍ය මගින් දිගින් දිගටම සිදු කරනු ලබන වාර්තා කිරීම් මගින් මාගේ සේවාදායක සම්බන්ධයෙන් මහජනතාව අතර වැරදි මතයක් ගොඩනැගෙන බව''  ප්‍රකාශ කරයි.
 
දුරකථන සංවාද ආදි අසත්‍ය කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය මගින් සිදු කල පුඵල් ප්‍රචාර මගින්ත මාගේ සේවාදායකට මානසික පීඩාවක් හා හානියක් සිදු වූ බවද නීතිඥවරයා කොමිෂමට කියා සිටී.
 
zcdf 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්