කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු විදෙස් ආයෝජකයෙකුට ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

 
 

Screen Shot 2020 12 15 at 9.55.01 AM

 
ආණ්ඩුවට පක්ෂපාති lanka C news වාර්තා කර ඇත්තේ, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගම (Adani Ports and Special Economic Zone Ltd) සමග සංවර්ධනය කිරීම සඳහා වන කැබිනට් යෝජනාවකට අනුමැතිය ලැබී ඇති බවයි.
 
ඒ අනුව, 49%ක් එම සමාගමටත් 51%ක් ශ්‍රී ලංකා රජයටත් වන සේ ඉදිරි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන බව  වරාය හා නාවික ඇමති රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශකර ඇතැයි එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
 
අදානි සමාගම යෝජනා කර ඇත්තේ ඉන්දීය රජය විසින් බවද ඇමතිවරයා සඳහන් කර තිබේ.
 
නැගෙනහිර පර්යන්තය පවත්වාගෙන යාම සඳහා රජයට මුදල් නැතිකම නිසා මෙසේ ආයෝජකයන් කැදවන බවද එම මුදල් ආයෝජනය කල හැකි දේශිය ආයෝජකයෙක් සොයා ගත නොහැකි වූ බැවින් මෙම පියවරට යාමට සිදුවූ බවද ඇමතිවරයා පවසා ඇතැයි එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
 
 Screen Shot 2020 12 15 at 9.59.31 AM
  
ඒ අතර ආණ්ඩුවට පක්ෂපාති Lanka Lead News වාර්තා කර ඇත්තේ, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු ඉන්දිය සහ ජපන් විදෙස් ආයෝජකයන්ට ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බවයි.
 
එම පුවත් වාර්තාවට අනුව, කොළඹ වරායේ නැඟෙනහිර බහාලුම් පර්යන්තය (ECT) ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව, ජපානය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) එක්ව නව සමාගමක් පිහිටුවීමට රාජපක්ෂ රජය අවසානයේ තීරණය කර ඇත.
 
ඒ අනුව ශ්‍රී ලංකාවට 51% ක අයිතියකුත් ඉන්දු – ජපන් ආයෝජකයින්ට 49%ක අයිතියකුත් හිමි වන අතර ඉන් 15% සඳහා ඉන්දියාවේ අදානි සමාගම ආයෝජනය කිරීමට නියමිත බවද එම  පුවත් ඒජන්සිය වැඩිදුරටත් පවසයි.
 
කව්ද මේ අදානි ?
 
 Adani 2020
        ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදී සහ ගෞතම් අදානි
 
අදානි වරාය සහ විශේෂිත ආර්ථික කලාප සමාගම යනු කෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිට (Gautam Shantilal Adani) අයත් අදානි සමූහයේ සමාගමකි. 
 
ඔහු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදී ගේ සමීපතම ව්‍යාපාරික මිතුරාවේ. මොදී ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානම මුල්‍ය අනුග්‍රාහකයා වීම හේතුවෙන් ගෞතම් අදානිගේ ව්‍යාපාර කටයුතු සඳහා එරට රජයේ පුර්ණ ආශීර්වාදය හිමිව ඇත.
 
ඒ අනුව නැව් හා වරාය ව්‍යාපාරයට අත ගසා ඇති ගෞතම් අදානි ගේ අදානි වරාය සහ විශේෂිත ආර්ථික කලාප සමාගම මේවනවිට විදේශයන් හි පවා වරාය කිහිපයක්ම මිලදී ගෙන තිබේ.
 
මෙම සමාගම විසින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට සම්බන්ධ මූලික ගිවිසුමක් පසුගිය රජය සමයේ 2019 දී අත්සන් කරන ලදී.
 
පසුගිය අගෝස්තු මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණය ආසන්නයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට එරෙහිව උද්ඝෝෂණය කළ අතර, මෙම ගිවිසුම නැවත සමාලෝචනය කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම වෘත්තීය සමිතිවලට එහිදී පොරොන්දු විය. 
 

 
සබැඳි පුවත් :
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්