සමඟි ජන බලවේගයේ නව තනතුරු ලබා දීම සම්බන්ධයෙන් දැනට කිසිඳු සාකච්ඡාවක් නොකෙරෙන
බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ආණ්ඩුවේ 'දිනමිණ' පුවත්පතට පවසා ඇත.
 
පක්ෂයේ නව තනතුරු සඳහා පත් වන්නේ කවුරුන්දැයි තීරණය කරනුයේ පක්ෂයේ ව්‍යවස්ථාව සම්මත කර ගැනීමෙන් අනතුරුව බව ද තිස්ස අත්තනායක සඳහන් කර තිබේ.
 
ඔහු එවැනි ප්‍රකාශයක් කර ඇත්තේ, ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පසුගිය සෙනසුරාදා (12) එම පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත්ව ඇත්තේ, සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නායකත්වය බාර ගැනීම සඳහා යයි දේශපාලන ක්ෂේත්‍රයේ රාවයක් පැතිරයමින් තිබෙන මොහොතකය.
 
''ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ව්‍යවස්ථාවක් සමග සමඟි ජන බලවේගය ගොඩනැගෙනව නම්, ඒ අය එක්ක ඉදිරියට යන්න අප සූදානම්. '' යයි ශ්‍රී ලංකා පදනම් ආයතයේ පසුගිය 12 දා  පැවති ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජිත සමුළුව අමතමින්  'සමගි ජන බලවේගය' පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අවධාරණය කර සිටියේය. 
 
පාඨලී චම්පික රණවක සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නායකත්වයට පත්වන බවට රාවයක් පැතිරගියේ එම ප්‍රකාශයෙන් පසුය.
 
 
 
 
චම්පික පක්ෂ ගණනාවක සිටියා යැයි කියන කතාවක් !
 
එසේ පාඨලී චම්පික රණවක සජබ නියෝජ්‍ය නායකයා ලෙස පත්වීමට නියමිතබවට වාර්තා පළවීමත් සමග ඔහු 
 
AnuruddaPපක්ෂ ගණනාවක සිටියා යැයි කතාවක් ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්වෙමින් තිබේ.
 
ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දක්වා ඇති ජාතික හෙළ උරුමයේ ප්‍රකාශකයකු ලෙස කටයුතු කළ විශ්ව විද්‍යාල ජ්‍යේෂ්ඨ කථිකාචාර්‍ය අනුරුද්ධ ප්‍රදීප් පවසන්නේ, එම ප්‍රචාරය රාජපක්ෂවාදීන් විසින් වපුරාගෙන යමින් තිබෙන බවයි.
 
අනුරුද්ධ ප්‍රදීප් ඒ සම්බන්ධයෙන් තවදුරටත් මෙසේ කරුණු ඉදිරිපත්කර ඇත.
 
''මෙය නලින් ද සිල්වාගේ වචනයකින් කිවහොත් පට්ටපල් බොරුවකි. 
 
චම්පික පාසල් ශිෂ්‍යයෙකු ලෙස ජවිපෙ හි කෙටි කලකට සිටියේ යැයි මම අසා ඇත්තෙමි. එමෙන්ම අවිශිබම හි ද නායකයෙකුව සිටියේය. 
 
නමුත් ඔහු තමන්ගේම දේශපාලන ගමනක් පටන් ගත්තේ ජනතා මිතුරෝ පිහිටුවීමත් සමගය. අද ඔහුගේ දේශපාලනය යනු එහිම වර්ධනයක් විනා වෙනත් දෙයක් නොවේ. 
 
''චම්පික තමන්ගේම දේශපාලන ගමනක් පටන් ගත්තේ ජනතා මිතුරෝ පිහිටුවීමත් සමගය. අද ඔහුගේ දේශපාලනය යනු එහිම වර්ධනයක් විනා වෙනත් දෙයක් නොවේ.''
 
චන්ද්‍රිකාගේ පැකේජයත් සමග ජනතා මිතුරෝ පසුව ත්‍රස්තවිරෝධී ජාතික ව්‍යාපාරය බවට පත්වූ දේශපාලන ගමන පටන් ගත්තේය. 
 
2009 යුද ජයග්‍රහණය තෙක් ඔහු එහි ස්ථිරසාර ලෙස පිහිටා සිටියේය.
 
 අලිමංකඩ වැටී ආණ්ඩුව කොටි සංවිධානය ඉදිරියේ දන ගසන තත්ත්වයකට පත්වූ විට සිහල උරුමය පිහිටුවා ගත්තේ ත්‍රස්තවිරෝධී සටනට පාර්ලිමේන්තු බලය අත්‍යාවශ්‍ය බව වැටහුනු නිසාය.
 
 ජාතික හෙළ උරුමය යනු සිහල උරුමයේම වර්ධනයක් බව අමුතුවෙන් කිව යුතු නැත. 
 
Hela Urumaya
 ජාතික හෙළ උරුමය යනු සිහල උරුමයේම වර්ධනයක් බව අමුතුවෙන් කිව යුතු නැත. 
 
2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂව දිනවිය යුතු යැයි තීරණය කිරීමත් සමගම හෙල උරුමය සන්ධාන දේශපාලනයට පිවිසියේය. 
 
එය වරදක් නොවේ. 
 
එක අතකින් මහින්දට ජනාධිපති වීමට හැකි වූයේත්, එනිසාම යුද්ධය දිනිය හැකි වූයේත් හෙල උරුමයේ එම තීරණය නිසාය. 
 
අනෙක් අතට දේශපාලනය විවේචනයෙන් ඔබ්බට එනම් වැඩ කිරීම දක්වා යා යුතුය. 
 
චම්පික සාර්ථකම ඇමතිවරයෙකු බව ඔහුගේ නිරනුකම්පම විවේචකයාටවත් ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයකි. 
 
ඒ අනුව 2006 සිට 2014 දක්වාම ඔහු සහ හෙල උරුමය එක්සත් ජනතා නිදහස් සංධානයේ හවුල්කාර පක්ෂයක්ව සිටියේය. 
 
නමුත් ඒ හෙල උරුමය ලෙසටමය. 
 
එසේම ඒ පක්ෂය තුළ සිටියේ ජනතා මිතුරෝ, ත්‍රස්තවිරෝධී ජාතික ව්‍යාපාරය සහ එම කණ්ඩායමට පසුව එක්වූ පිරිසමය. 
 
පක්ෂයක් ලෙසටම නමුත් චම්පික පිල් මාරුවක් කළේ 2014 දී පමණකි. 
 
රාජපක්ෂලා වංචා දූෂණවල කරවටක් එරීමත්, පවුල්වාදී අත්තනෝමතිකත්වයේ අන්තයටම යාමත් නිසා එම ආණ්ඩුව පෙරලීම රට වෙනුවෙන් කළ යුතු අත්‍යාවශ්‍ය යුතුකමක් බවට පත්ව තිබුණි. 
 
දැන් ගෝඨාභයවාදීනුත් මහින්දලාගේ ඒ "පරණ සෙල්ලම්" ගැන සුලබව විවේචනය කිරීමෙන්ම එදා චම්පිකලා කළේ හරි දෙයක් බව ඔප්පු වේ. 
 
ඒ අනුව ඔහු සහ හෙල උරුමය එවකට ප්‍රධාන විපක්ෂය වන එජාපය සමග සංධාන ගතවිය. 
 
එදා සිට අද දක්වාම ඔහු සිටින්නේ ඒ සමගය. 
 
ඒ අතර එජාපයේ පෙරලියක් සිදු වී එය සමගි ජන බලවේගය බවට පරිවර්තනය විය. චම්පික කළේ එජාපයේ ඇත්ත සාමාජිකත්වය සමගම රැඳී සිටීමය. 
 
UNF Sajith Patali
චම්පික කළේ එජාපයේ ඇත්ත සාමාජිකත්වය සමගම රැඳී සිටීමය. 
 
චම්පික බොහෝ වාරයක් පිල් මාරු කළා යැයි කියන බොරුව වපුරන පිරිස් ඇත්ත නොදන්නවා නොවේ. ඔවුන්ට ප්‍රශ්නය චම්පිකට එල්ල කරන්නට ඇත්ත චෝදනාවක් නොවීමය. 
 
මේ මෝඩ කතාව මහින්ද රාජපක්ෂටම ඇප්ලයි කර බැලුවහොත් ඔහුද බොහෝ වතාවක් පක්ෂ මාරු කර ඇතැයි කිව හැකිය.
 
 මහින්ද දේශපාලනය පටන්ගත්තේ ශ්‍රීලනිපයෙනි. පසුව ඔය මෝඩ තර්කයට අනුව නම් මහින්ද සමගි පෙරමුණට එක්විය. ඉන්පසුව යළි ශ්‍රීලනිපයට ගියේය. එහි අනුර-මෛත්‍රී කණ්ඩායමට එක්විය. පසුව අනෙක් පිලට එක්විය. ඉන්පසුව පොදුජන පෙරමුණට එක්විය. ඉන්පසුව එක්සත් ජනතා නිදහස් සංධානයට ගියේය. ඉන්පසුව ශ්‍රීලනිපයට නැවත ගියේය. ඊට පසුව පොහොට්ටුවට එක්විය. ඊට පසුව පොහොට්ටු-ශ්‍රීලනිප සංධානයට එක්විය. 
 
මෙවැනි බාල සහ මෝඩ කතා මිස වෙනත් සාර්ථක මඩක් ගසන්නට නොහැකි වීම එක අතකින් සතුටට කරුණකි. 
 
නමුත් කණගාටුවට කරුණ නම් රාජපක්ෂලා තම හෙන්චයියන්ට වරදාන දුන්නාට ප්‍රඥාව දීමට අපොහොසත් වීමයි. 
 
චම්පිකට බය වී සිටින අයට කිව යුත්තේ ඔව් ඔබ බියෙන් සලිත විය යුතු බවයි.
 
''චම්පිකට බය වී සිටින අයට කිව යුත්තේ ඔව් ඔබ බියෙන් සලිත විය යුතු බවයි.'' - - ජ්‍යේෂ්ඨ කථිකාචාර්‍ය Anuruddha Pradeep Karnasuriya
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්