චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයෙන් ගුවන් ගතවූ නියමුවන් පුහුණු කරන PT 6 වර්ගයේ ගුවන් යානයක් කන්තලේ සුරියපුර ප්‍රදේශයට කඩා වැටී ඇති අතර එම අනතුරින් ආධුනික ගුවන් නියමු පුහුණු නිලධාරියෙකු
ජීවිතක්ෂයට පත්ව තිබේ.
 
පුහුණු ගුවන් නියමුවාද සමඟ මෙම යානය කන්තලේ, සුරියපුර, ජනරංජන වැව අසල මාර්ගයට කඩා වැටුණු බව ගුවන් හමුදාව තහවුරු කරයි.
 
චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයෙන් අද (15) පස්වරුවේ මෙම ගුවන් යානය නියමුවන් පුහුණු කිරිමේ කටයුතුවල නිතරව සිට ඇත. 
 
ගුවන් යානය කන්තලේ ප්‍රදේශයේ ඉහළ අහසේදි අවසන් වරට පාලන මැදිරිය සමග සබඳතා පවත්වා ඇතත් ඉන් පසු එය සබඳතා නොපැවත්වීම හේතුවෙන් ගුවන් හමුදාව මේ පිළිබදව විමර්ශනය කර තිබේ.
 
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් දුෂාන් විජේසිංහ පැවසුවේ ගුවන් යානය ගුවන් ගත වූ සැණින් අද පස්වරුවේ ගුවන් යානයත් සමඟ භූමි පාලනයට තිබූ සම්බන්ධතාවය නැති වූ බවයි.
 
 ආසන දෙකේ ගුවන් යානයේ සිටියේ එක් ගුවන් හමුදා නියමුවෙකු පමණි.
 
අනතුර සම්බන්ධයෙන් ගුවන් හමුදාපතිගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ptk 2020.12.15

FB IMG 1608025636533

FB IMG 1608025633606 768x432

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්