පොලිසිය ඇතුළු රාජ්‍ය ආරක්ෂක ආයතන වල කුරිරු වධහිංසා නිසා රටින් පලායන පුද්ගලයන් ඉහල සංඛ්‍යාවක් ඇති ශ්‍රී ලංකාවේ වධකයන්ට එරෙහිව නීතිය දැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.
වදහිංසාවලට සහ වෙනත් අමානුෂික සහ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාවෙන් ප්‍රකාශිතවම තහනම් කර ඇත.
 
 එවැනි ක්‍රියා සිදු කරන්නන් හෙළා දැකීමත්, ඊට හැකි පමණින් දඩුවම් පැමිණවීමත් සිදු කළ යුතු බවයි රජය පවසන්නේ.
 
'' එවැනි ක්‍රියා සිදු කරන්නන් හෙළා දැකීමත්, ඊට හැකි පමණින් දඩුවම් පැමිණවීමත් සිදු කළ යුතු බවයි රජය පවසන්නේ.''
 එබැවින්, ඒ සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන 1994 අංක 22 දරන වධහිංසාවලට සහ වෙනත්, අමානුෂික සහ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් කිරීමට එරෙහි සම්මුතිය පනතේ සදහන් දඩ මුදල් වර්තමානයට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය හදුනාගෙන තිබෙන බව රජය  වැඩි දුරටත් සඳහන් කරයි.
 
 ඒ අනුව එකී පනත සංශෝධනය කිරීම සදහාත්, ඒ සදහා පනතේ කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකයන්ට උපදෙස් දීම සදහාත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් දෙසැම්බර් 14 දින අනුමත කර තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
 
වධබන්ධනයට එරෙහි ප්‍රමුඛතම ජාත්‍යන්තර සංවිධානයක් වන ලන්ඩනය මුලස්ථාන කොටගත් ෆ්‍රීඩම් ෆ්‍රොම් ටෝචර් (Freedom From Torture) මේ වසරේ පෙබරවාරියේ නිකුත් කළ වාර්තාවකට අනුව ඔවුන්ගේ සායනික හා නෛතික ආධාර සඳහා යොමු කරන ලද වැඩ වින්දිතයන් අතරින් අට අවුරුද්දක් තිස්සේම වැඩිම පිරිස පැමිණ ඇත්තේ ශ්‍රී ලංකාවෙනි. 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්