ජනාධිපතිවරයාගේ නම විකුණමින් මේවනවිට සමස්ත රාජ්‍ය යාන්ත්‍රනය මෙහෙයවන
ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දරගේ උද්දච්ච ක්‍රියාකලාපය නිසා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා, බොහෝ අවස්ථාවල දී ආණ්ඩුවේම මැති ඇමතිවරුන් හා නිලධාරීන් ඉදිරියේ බරපතල හැල්ලුවකට හා අවමානයකට ලක්වෙමින් සිටින බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
මුදල් අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂගේ හෝ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ගේ දුරකථන ඇමතුමකට හෝ ජනාධිපති ලේකම්වරයා ගෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබීම නිසා අගමැතිවරයා මෙන්ම රාජ්‍ය ඇමතිවරයා නිලධාරීන් හා ව්‍යාපාරිකයින් හමුවේ පසුගිය කාලයේ අවස්ථා ගණනාවක දීම අන්ත අසරණ තත්වයකට පත්වූ බව මුදල් අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසිය.
පසුගිය සතියේ සිදුවූ එවැනි සිදුවීමක් ඔහු පැහැදිලි කර සිටියේ, අදාල ලිපි ලේඛන ද ඉදිරිපත් කරමිනි.
අදාල සිද්ධිය සැකෙවින් මෙසේය.
සුරාබදු දෙපාර්තමේන්තුවේ නිර්දේශය හා අනුමැතිය යටතේ, කොවිඩ් නයින්ටින් සෞඛ්‍ය ආරක්ෂණ කටයුතු සඳහා රෝහල් විසින් ද රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හා විශ්ව විද්‍යාල විසින් සිය රසානයනාගාරවල විෂබීජහරණය සඳහා ද යොදාගනු ලබන එතනෝල් ස්ප්‍රිතු (Ethanol, 95%, Laboratory Grade) ලීටර් 5000ක් මෙරටට ගෙන්වා තිබු අතර එය රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් ලබාදී තිබු අනුමැතියක් මුදල් අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂගේ හෝ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්ගේ අනුදැනුමකින් තොරව ජනාධිපති ලේකම්වරයා විසින් අවලංගුකර ඇත.
එම එතනෝල් ස්ප්‍රිතු මෙරටට ආනයනය කරන ජර්මනියේ මාර්කස් (Merck & Co) ආයතනයේ දේශීය නියෝජිතයින් වන නියෝ කෙම් (NEO Chem) සමාගමේ නියෝජිතයින් පිරිසක් පසුගියදා අගමැතිවරයා හමුවී ඒ සම්බන්ධයෙන් දැනුවත්කර එම එතනෝල් නිදහස්කර ගැනීමට සහනයක් අපේක්ෂාකර ඇත.
මත්පැන් නිෂ්පාදනයට යොදාගන්නා එතනෝල් මෙරටට ගෙන්වීම තහනම් කර ඇති තත්වයක් යටතේ, වෛද්‍යමය ප්‍රයෝජන සඳහා පමණක් යොදාගනු ලබන එම එතනෝල් ස්ප්‍රීතු, කොවිඩ් නයින්ටින් සනීපාරක්ෂක කටයුතු සඳහා මෙරටට ගෙනඒමට අනුමැතිය ඉල්ලා එම පෞද්ගලික සමාගම විසින් මේවසරේ පෙබරවාරි මාසයේදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණ.
මත්පැන් නිෂ්පාදනයට යොදාගන්නා එතනෝල් මෙරටට ගෙන්වීම තහනම් කර ඇති තත්වයක් යටතේ, වෛද්‍යමය ප්‍රයෝජන සඳහා පමණක් යොදාගනු ලබන එම එතනෝල් ස්ප්‍රීතු, කොවිඩ් නයින්ටින් සනීපාරක්ෂක කටයුතු සඳහා මෙරටට ගෙනඒමට අනුමැතිය ඉල්ලා එම පෞද්ගලික සමාගම විසින් මේවසරේ පෙබරවාරි මාසයේදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණ.
ඒ අනුව, ජනාධිපති අතිරේක ලේකම් ඉන්දික විජේගුණවර්ධන භාණ්ඩාගාර ලේකම්වරයාට දැනුම්දී ඇත්තේ ඒ සම්බන්ධයෙන් සොයාබලා නිසි පියවර ගන්නා ලෙසයි.
අනතුරුව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් එම එතනෝල් ස්ප්‍රීතු මෙරටට ගෙන්වීමට අදාල බලපත්‍රයක් නිකුත්කර ඇත. ඒ ජුනි මස 22 දිනය. එහි වලංගු කාලය ලෙස සටහන් වන්නේ 2020 දෙසැම්බර් 31 යි.
මේ සම්බන්ධයෙන් විරෝධයක් නොමැති බව මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්, ආචාර්ය එම්. කේ.සී. සේනානායක විසින් නොවැම්බර් මස 19 දා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තු කොමසාරිස්වරයාට ලිඛිතව දැනුම්දී ඇත.
ඒ අනුව සුරාබදු කොමසාරිස් එම්. ඩී.එම්.ඩබ්.කේ. දිසානායක විසින් මෙසේ එතනෝල් ගෙවීමට අනුමැතිය දෙන බව නොවැම්බර් 20 දා ආනයන -අපනයන පාලක වෙත දැනුම් දී තිබේ.
කෙසේවුවද මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්, ආචාර්ය එම්. කේ.සී. සේනානායක විසින් නොවැම්බර් 24 දා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තු කොමසාරිස්වරයාට දැනුම්දී ඇත්තේ එතනෝල් ගෙන්වීමට නියෝ කෙම් (NEO Chem) සමාගමට දුන් අනුමැතිය අහෝසි කල බවයි.
ලේකම්ගේ නියෝගයක් !
නියෝ කෙම් (NEO Chem) සමාගමේ නියෝජිතයින් පිරිසක් මුදල් අමාත්‍ය අගමැතිවරයා මහින්ද රාජපක්ෂ හමුවී පැමිණිලි කර ඇත්තේ ඒ අනුවය.
එහිදී අගමැතිවරයා තම නිලධාරියකු මගින් ජනාධිපති ලේකම්වරයා දුරකතනයට සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහය අසාර්ථක වීමෙන් පසු මුදල් අමාත්‍යංශයේ විෂයබාර ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ගෙන් කළ විමසීමකදී ඔහු බයාදු ලෙස පවසා ඇත්තේ, මෙම එතනෝල් ලීටර් 5000 සම්බන්ධයෙන් මිට පෙර ලබාදුන් අනුමැතිය අහෝසි කරන ලෙස ජනාධිපති ලේකම්වරයා නියෝග කළ බවයි.
ජනාධිපතිවරයා එම දැනුම්දීම සිදුකර ඇත්තේ ජනාධිපතිවරයා දුන් නියෝගයක් බව පවසමිනි.
කෙසේවුවද ඉහත සඳහන් පරිදි එම එතනෝල් මෙරටට ගෙන ඒමට අවශ්‍ය කටයුතු කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත්තේ ද ජනාධිපතිවරයාමය. ඒ අතිරේක ලේකම්වරයකුගේ ලිඛිත ප්‍රකාශයක් මගිනි.
ඥාති සම්බන්ධයක් තිබේද ?
එම සැකය මත මේ සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙස අගමැති කාර්යාලයෙන් දුන් දැනුම්දීම මත මුදල් අමාත්‍යංශයේ වගකිවයුතු නිලධාරීන් කිහිප දෙනෙකු විසින් කල සොයා බැලීමකදී වාර්තාවී ඇත්තේ, මෙම වෛද්‍යමය ප්‍රයෝජන සඳහා ද භාවිත කරනු ලබන එතනෝල් ස්ප්‍රීතු මිට ඉහතදී මෙරටට ආනයනය කල දේශීය නියෝජිත සමාගමක බලපෑමක් මත මෙවැනි බාධාකිරීමක් සිදුව ඇති බවයි.
එම දේශීය සමාගම විසින් සිදුකළ බරපතල වංචාවක් හේතුවෙන් එම සමාගමේ මෙරට නියෝජිතභාවය අවලංගු කිරීමට ජර්මනියේ මාර්කස් (Merck & Co) ආයතනය කටයුතු කර තිබේ.
එම සමාගමේ හිමිකාර ජයසුන්දර නැමැත්තා හා අධ්යක්ෂ මණ්ඩල පවුලේ සාමාජිකයින් සමග අදාල නිසි බලධාරියාගේ ඥාති සම්බන්ධතාවයක් තිබේදැයි අනාවරණය කර ගැනීම සඳහා අගමැති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙදිනවලදී බලවත්සේ වෙහෙසෙන බව වාර්තාවේ.
එම සමාගමේ හිමිකාර ජයසුන්දර නැමැත්තා හා අධ්යක්ෂ මණ්ඩල පවුලේ සාමාජිකයින් සමග අදාල නිසි බලධාරියාගේ ඥාති සම්බන්ධතාවයක් තිබේදැයි අනාවරණය කර ගැනීම සඳහා අගමැති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙදිනවලදී බලවත්සේ වෙහෙසෙන බව වාර්තාවේ.
ජනාධිපති ලේකම්වරයාගේ ක්‍රියාකලාපය මේවනවිට බොහෝ මැති ඇමතිවරුන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇති අතර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගියදා පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් බරපතල වාචික ප්‍රහාරයක් එල්ල කළේය.
සිද්ධියට අදාල ලිපි ලේඛන කිහිපයක් පහත පළවේ.
පිළිතුරුදීමේ අයිතිය :
The Leader.lk හි පලවී ඇති වාර්තාවකින් හෝ සටහනකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගනිමු.
- සංස්කාරක
විද්‍යුත් ලිපිනය