මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම, එම ආයතනය විසින් ශ්‍රී ලංකාවට ලබා දීම අවලංගු කර තිබේ.
 
ඒ අනුව වසර 5 ක් සඳහා යෝජිත අමෙරිකානු ඩොලර් මිලියන 480ක ආධාර අවලංගු වනු ඇත.
 
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ඊයේ (16)  දිනයේදී නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක ඒ බව සඳහන් වේ.
 
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම පවසන්නේ, දෙසැම්බර් 15 වැනි දා MCC අධ්‍යක්ෂ මණ්ඩලය එම තීරණයට එළැඹි බවයි.
 
එහිදී නව රටවල් කිහිපයක් ආධාර ප්‍රදානය සඳහා තෝරාගෙන ඇති බව ද සඳහන් ය. ඒ අනුව ආර්ථික වර්ධනය වැඩි කිරීමේ ඉලක්කගත ආයෝජන තුළින් දරිද්‍රතාවය අවම කිරීම සඳහා MCC අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සියරා ලියොන් රාජ්‍යය පස් අවුරුදු ප්‍රදාන වැඩසටහනක් සඳහා ඒකමතිකව තෝරා ගෙන ඇත.
 
 
මැතිවරණ පොරොන්දුව !
 
ශ්‍රී ලංකාව සමග ඇති කරගත් එකඟතාවක් මත පස් අවුරුදු සැලැස්මක් යටතේ මෙරට ක්ෂේත්‍ර කිහිපයක යටිතල පහසුකම් දියුණු කිරීමේ කටයුතු වෙනුවෙන් අදාළ මුදල් පිරිනැමීමට අමෙරිකාව තීරණය කර තිබුණි.
 
එහෙත් පසුගිය මැතිවරණයේදී ලබාදුන් පොරොන්දුවකට අනුව එම ගිවිසුම සමාලෝචනයකින් තොරව අත්සන් නොකරන බවට රජය තීරණය කළ අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් කමිටුවක් ද පත් කර තිබුණි.
 
 
 
 
MCC මාධ්‍ය නිවේදනය මෙන්න 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්