වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිගෙන් අවස්ථාවක්
ඉල්ලුවත් එය නොලැබුන බවත්, බැසිල් රාජපක්ෂ සමඟ කරන ලද සාකච්ඡා කිසිදු හරයක් නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.
 
ඔහු එබව සඳහන් කර සිටියේ ඊයේ (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
 
 
ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය මෙම ආණ්ඩුව හැදීමට මහන්සි වූ පක්ෂයක් බව පැවසූ ඔහු ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කළගුණ සලකන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
 
රටපුරා සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රදේශිය සභා මන්ත්‍රීවරුන් 1000ක පමණ පිරිස රජයේ කිසිදු සංවර්ධන  ක්‍රියාවලියකට සම්බන්ධ කරගෙන නැතැයි එහිදී පැවසු දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනාම මේ ආණ්ඩුව විසින් කරන කෙනෙහිලිකම් නිසා බලවත් කණස්සල්ලෙන් සිටින බවද පැවසීය.
 
එළඹෙන පලාත් සභා මැතිවරණයට මුහුණ දෙන ආකාරය ගැන මාධ්‍යවේදියෙක් ඇසූ පැනයකට පිලිතුරු දුන් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් ඉල්ලුවත් එය මෙතෙක් නොලැබුන බවයි.
 
“ආණ්ඩුවේ ප්‍රධානින් දැනගන්න ඔනේ එයාලව බලයට ගෙනාවේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් කියලා” දයාසිරි ජයසේකර වැඩිදුරටත් පැවසීය.
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්