විසිවන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු පාර්ලිමේන්තුව තැපැල් කන්තෝරුවක් බවට
හෑල්ලු කර ඇතැයි 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' සභාපති, හිටපු කතානායක කරු ජයසුරිය පවසයි.
 
ඔහු එම විමසීම සිදුකරනු ලැබුවේ අද (17) පැවති මාධ්‍ය හමුවකදීය.
 
මෑත යුගයේදී පාර්ලිමේන්තුවට කරන ලද බරපතලම හානිය හා අපහාසය වන්නේ පාර්ලිමේන්තුවේ පූර්ණ එකඟත්වයකින් බිහිකල මහජන උපයෝගීතා කොමිසම අක්‍රිය කිරීම සදහා බාහිර පුද්ගලයන් විසින් උත්සහ කිරිම බව හිටපු කතානායකවරයා එහිදී සඳහන් කළේය. 
 
ජනාධිපති ලේකම්ගේ උපදෙස් අනුව භාණ්ඩාගාර ලේකම්වරයා විසින් එය අහෝසි කිරීමට තැත් කිරිම, මෙන්ම එම කොමිෂමේ ගරු සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස එකී උදවිය බලකර සිටීම, දරුණු, අත්තනෝමතික, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා වනවා පමණක් නොව විධායකයේ බලය පාර්ලිමේන්තුව වෙත අනිසි ලෙස යෙදවීමක්ද වනබව ඔහු තවදුරටත් කියා සිටියේය.
 
පාර්ලිමේන්තුවේ ගෞරවයට හා උත්තරීතර භාවයට හානි කරමින් මේ රටේ සමහර ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් හැසිරෙන ආකාරය ඉතාමත්ම පිලිකුල් සහගත බව හිටපු කතානායකවරයා දැඩි වේගයෙන් යුතුව අවධාරණය කර සිටියේය.
 
මෙම මාධ්‍ය හමුවේදී හිටපු කතානායකවරයා මෙසේද පැවසිය.
 
sdsd
'ප්‍රජාතන්ත්‍රවාදී පාලන සම්ප්‍රදායක මහජනතාවගේ සැබෑ නියෝජනය පිළිබිඹු කරන්නේ මහජන මන්ත්‍රණ සභාවකිනි. නූතන දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල්හි පාර්ලිමේන්තුව මඟින් මූර්තිමත් කරන්නේ එකී මහජන නියෝජිතත්වයයි. 
 
'ප්‍රජාතන්ත්‍රවාදී පාලන සම්ප්‍රදායක මහජනතාවගේ සැබෑ නියෝජනය පිළිබිඹු කරන්නේ මහජන මන්ත්‍රණ සභාවකිනි. නූතන දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල්හි පාර්ලිමේන්තුව මඟින් මූර්තිමත් කරන්නේ එකී මහජන නියෝජිතත්වයයි. 
 
පාර්ලිමේන්තු ක්‍රමය ගොඩනැගෙන්නේ සර්වබලධාරී ආධිපත්‍යන්ගේ මහිමයෙන් නොවේ. ජන පීඩක, අත්තනෝමතික රාජාණ්ඩු වාදයට එරෙහිව දැනුවත් පුරවැසියන් ගෙනගිය අනවරත අරගලයන්හි ප්‍රතිඵල ලෙසටය.
 
එම ආයතනයෙන් මුර්තිමත් වන්නේද නියෝජනය වන්නේද ජනතාවගේ අභිලාෂයන්ය. ජනතා අභිලාෂයන් මත ගොඩනැගුණු රාජ්‍යයේ ස්වභාවයද එමඟින් පිලිබිඹු වේ.
 
ප්‍රජාතන්ත්‍රවාදී පාලන සම්ප්‍රදායක පාර්ලිමේන්තුව යනු ජනතාව නියෝජනය කරන්නා වූ උත්තරීතරම ආයතනය ලෙස සලකන්නේ එබැවින්ය.
 
අත්තනෝමතික පාලකයන්, ඒකාධිපතිවාදීන්, රාජාණ්ඩුවාදීන්, පැසිස්ට්වාදින් වශයෙන් ලොව කලින් කළ බිහිවන ජන හතුරු බලවේග පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට වෛර කරන්නේද ඒ යටපත් කරමින් තම අත්තනෝමතික බලය තහවුරු කරගන්නට විටින් විට උත්සහකර ඇත්තේ ඒ නිසාය. ''
 
''අත්තනෝමතික පාලකයන්, ඒකාධිපතිවාදීන්, රාජාණ්ඩුවාදීන්, පැසිස්ට්වාදින් වශයෙන් ලොව කලින් කළ බිහිවන ජන හතුරු බලවේග පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට වෛර කරන්නේද ඒ යටපත් කරමින් තම අත්තනෝමතික බලය තහවුරු කරගන්නට විටින් විට උත්සහකර ඇත්තේ ඒ නිසාය. ''
 
ඒ සෑම උත්සහයක්ම ඉතිහාසය තුල පරාජය කර ඇත්තේ ජනතා කැපකිරීම් මත බව පැවසු කරු ජයසුරිය හිටපු කතානායකවරයා ඒ වගකීම අදටත් ජනතාව සතු බව අවධාරණය කර සිටියේය.
 
අප රටේ දේශපාලන විකාශය සැලකීමේදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සංකේතවත් කරන්නේද මහජනතාවගේ පරමාධිපත්‍ය බලය හා රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදි ස්වභාවය බව ඔහු කියා සිටියේය.
 
''අපේ පාර්ලිමේන්තුවට කීර්තිමත් ඉතිහාසයක් තියනවා.  ප්‍රජාතන්ත්‍රවාදි පාලන සම්ප්‍රදායන් පෝෂණය කළ කිර්තිමත් දේශපාලඥයන් පිළිබදව මෙන්ම අපගේ පාර්ලිමේන්තු ක්‍රමය සමස්ත ලෝකයේම ගෞරවයටද අවධානයටද පාත්‍ර වී තියනවා. අපට ඇත්තේ එවැනි ඉතිහාසයක්.'' ඔහු පැහැදිලිකර සිටියේය.
 
එහෙත් වර්තමාන පාර්ලිමේන්තුවට ඇති පිළිගැනීම හා වටිනාකම කුමක්ද? අප මීට පෙර කියූ පරිදිම 20 වැනි සංශෝධනයෙන් පසු පාර්ලිමේන්තුව තැපැල් කන්තෝරුවක් බවට හෑල්ලු කර ඇතැයි ඔහු අවධාරණය කළේය.
 
'' 20 වැනි සංශෝධනය සම්මත කරගැනීමත් සමග මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වන බවත්, පාර්ලිමේන්තුවේ උත්තරිතරභාවයට හානි සිදුකරන බවත්, මේ රටේ මහා සංඝ රත්නය ඇතුළු අනෙකුත් ආගමික නායකයන්ද ඇතුළු දැනුවත් ප්‍රජාව එදා පෙන්වා දුන්නා. 
 
එමෙන්ම මිලියන 21 ක ජනතාවගේ නිදහස හා අයිතිවාසිකම් තනි පුද්ගලයෙකුට පැවරීම තුළ බිය හා සන්තාපයන් රටම වෙලාගත හැකිබව අප අනතුරු ඇඟෙව්වා. අද රටේ තත්වය එයයි.'' කරු ජයසුරිය පැවසිය.
 
 
 
මහජන උපයෝගීතා කොමිසම:
 
PUCSL1
 
මෑත යුගයේදී පාර්ලිමේන්තුවට කරන ලද බරපතලම හානිය හා අපහාසය වන්නේ පාර්ලිමේන්තුවේ පූර්ණ එකඟත්වයකින් බිහිකල මහජන උපයෝගීතා කොමිසම අක්‍රිය කිරීම සදහා බාහිර පුද්ගලයන් විසින් උත්සහ කිරිම බව හිටපු කතානායකවරයා සඳහන් කළේය. 
 
 ජනාධිපති ලේකම්ගේ උපදෙස් අනුව භාණ්ඩාගාර ලේකම්වරයා විසින් එය අහෝසි කිරීමට තැත් කිරිම, මෙන්ම එම කොමිෂමේ ගරු සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස එකී උදවිය බලකර සිටීම, දරුණු, අත්තනෝමතික, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා වනවා පමණක් නොව විධායකයේ බලය පාර්ලිමේන්තුව වෙත අනිසි ලෙස යෙදවීමක්ද වනබව ඔහු තවදුරටත් කියා සිටියේය.
 
 
 
අද සිදුවෙමින් පවතින්නේ කුමක්ද?
 
''මහජන උපයෝගීතා කොමිෂම ස්ථාපනය කරන ලද පනත වෙනස් කිරිමට රජයට අවශ්‍යතාවයක් තිබුණේනම් එය කලයුතුව තිබුණේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුව හරහා විධිමත් ආකාරයට එය සිදු කිරිම මඟිනුයි. 
 
එහෙත් අද සිදුවෙමින් පවතින්නේ කුමක්ද? මෙවැනි නොබිනා ක්‍රියා සිදුවනවිට පාර්ලිමේන්තුවේ හිටපුකතානායක වරයෙක් ලෙස මට ඇතිවන්නේ කනගාටුවකි. ඒ වගේම ලැජ්ජාවකි.
 
පාර්ලිමේන්තුවේ ගෞරවයට හා උත්තරීතර භාවයට හානි කරමින් මේ රටේ සමහර ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් හැසිරෙන ආකාරය ඉතාමත්ම පිලිකුල් සහගතයි. 
 
මේ ගැන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්‍ෂවලට අයත් ගරු මන්ත්‍රීතුමන්ලා අවධානය යොමුකල යුතුය. ඒ වගේම ගරු කතානායකතුමා ඒ පිලිබදව වන එතුමාගේ ස්ථාවරය පැහැදිලි කල යුතුව ඇතැයි ද අප විශ්වාස කරනවා.'' යයි කරු ජයසුරිය තවදුරටත් පැවසිය. 
 
pbj2
පාර්ලිමේන්තුවේ ගෞරවයට හා උත්තරීතර භාවයට හානි කරමින් මේ රටේ සමහර ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් හැසිරෙන ආකාරය ඉතාමත්ම පිලිකුල් සහගතයි. 
 
මහජන උපයෝගීතා කොමිෂම ස්ථාපිත කරනු ලැබුවේ 2002 වසරේදී ගෙනඑන ලැබූ පනතක් මඟින් බව පැවසු කරු ජයසුරිය, එම පනත ගෙනඑනු ලැබුවේ ජනතාව වෙනුවෙනුන් බව මෙසේ පැහැදිලි කළේය.
 
''අසාධාරණ ලෙස මිල වැඩි කරලමින් ජනතාව පෙලීමට ඇති ඉඩකඩ වලක්වාලීමටයි. පාරිභෝගිකයා ආරක්ෂා කිරීමටයි. එමෙන්ම අයුතු ලෙස මිල ගණන් ගෙවා විදුලිය මිලදී ගැනීම් මඟින් රජයට සිදු කරන අලාභයන් වලක්වාලීමටයි. 
 
පසුගිය අවුරුදු 19 තුළ මෙම ආයතනය සිය රාජකාරිය ඉටු කලා. රටේ පිළිගත්, බුද්ධිමත් පුද්ගලයින් මේ සඳහා පත්කර තිබුණා. පසුගියදා අයින්වුණු සාමාජිකයන්ද එවැනි ගෞරවණීය කණ්ඩායමක්. 
 
එසේ හෙයින් මෙතරම් ඵලදායි ආයතනයක් විනාශ කිරිමට හේතු මොනවා ද? එය දුෂ්ඨ සිතකින් සිදුවූවක් ලෙස සමාජය දකිනවා.
 
අස්වුණු සාමාජිකයන් වෙනුවට නව පත්වීම් කිරීමට විධායකය බලාපොරොත්තුවන බව වාර්තා වුණා. එවැනි ක්‍රියාදාමයක් කෙරේනම් රටේ ජනතාව මෙන්ම අපද පූර්ණ වශයෙන් ඊට විරුද්ධ වෙනවා.''
 
 
 
 මේක අමු අමුවේ ජනතාව රැවටීමක්
 
Dilith Jayaweera Diane Gomez
''මැතක දී  පත්කල කොමිෂන් සභාවලට තමන්ගේ මිත්‍රයින් පත්කර ගත්තා.''
 
මෙය අමු අමුවේ ජනතාව රැවටීමක්ල බව පැවසු කරු ජයසුරිය, මැතක දී  පත්කල කොමිෂන් සභාවලට මෙන්ම මේ සඳහාද ඔවුන් තම තමන්ගේ දේශපාලන මිත්‍රයින් පත්කර ගැනීමට කටයුතු කරනු ඇතැයි ද කියා සිටියේය.
 
''20 වැනි සංශෝධනය අනුව පසුගියදා පාර්ලිමේන්තු සභාව විසින් පත්කල පුද්ගයින් අතර පවතින ආණ්ඩුව වෙනුවෙන් පූර්ණ කාලීනව දේශපාලනයේ නිරත වූ හා නිරත වන පුද්ගලයින්ද බොහෝ දෙනෙක් සිටිනබව මහජනතාව හොඳින් දන්නා කරුණක්. 
 
මේ  පත්විම් ගැන ජනතාව තුළ දැඩි විරෝධයක් ඇති බව රජයේ බලධාරීන් තේරුම් ගතයුතුයි. 
 
පාර්ලිමේන්තු සභාව හිතුවක්කාර ලෙස විපක්‍ෂයේ සාමාජිකයින්ගේද විරෝධය නොතකා පක්‍ෂග්‍රාහි දේශපාලන පත්විම් කරන්නේ නම් ඔවුන්ට තවදුරටත් සදාචාරාත්මක ලෙස එහි සාමාජිකයන් ලෙස රැඳී සිටිමට හැකිද යන්න ගැනත් ජනතාව අතර මතයක් ගොඩනැගෙමින් තිබෙනවා.
 
18 වැනි සංශෝධනය මඟිනුත් මෙවැනි ඒකාධිකාර පත්විම් කරන විට එදා සිටි මන්ත්‍රී සාමාජිකයන් දෙදෙනෙකු එම සභාවෙන් ඉවත්වු බවත් අපට සිහිවෙනවා. 
 
සමාජයේ පොදු මතයත්, සංවිධානයක් ලෙස අපේ මතයත් වනුයේ පැවැති මහජන උපයෝගීතා කොමිෂම හා එහි හිටපු සාමාජිකයන්ගේ කිසිම වෙනසක් සිදු නොවිය යුතුබවයි. 
 
මෙම කරුණ පාර්ලිමේන්තු සභාවේ ගරු සාමාජිකයන්ගේ අවධානයට යොමු කිරිමට කැමතියි. මෙහිදි ඔවුන් සිය හෘද සාක්ෂිය අනුව එඩිතරව කටයුතු කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වෙනවා.
 
මීට කලිනුත් සඳහන් කළ ආකාරයට මහජනතාව අවදියෙන් සිටින බව රජය තේරුම් ගනු ඇතැයි අපි විශ්වාස කරනවා.
 
ජනතාවගේ බුද්ධියට නිගා නොකරන ලෙස අප නැවත නැවතත් බලධාරීන්ට කියනවා.'' යයි කරු ජයසුරිය පැවසුහ.
 
 
සෝභිත හිමිපාණන් නැඟූ හඬට මාධ්‍යවලින් ඉඩක් නැහැ 
 
Sobitha himi 1
'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' නිර්මාතෘ, අතිපුජ්‍ය සෝභිත හිමිපාණන් 
 
සෝභිත හිමිපාණන් වහන්සේ විසින් ආරම්භ කළ වැඩ පිළිවෙල මේ රටේ ප්‍රධාන ධාරාවේ බොහෝ මාධ්‍යවල සහය නොලැබීම කනගාටුවට කරුණක් බව පැවසු 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' සභාපතිවරයා ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්විය.
 
''අපි ස්වාධීන ආයතනයක්. අපි හඬ නඟන්නේ 19 වැනි සංශෝධනයෙන් බලගැන්වූ 20 වැනි සංශෝධනයෙන් විනාශ වුණු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගැනීම සඳහායි. 
 
ගෞරවණීය සෝභිත හිමිපාණන් වහන්සේ විසින් උතුම් පරමාර්ථ ඇතිව ආරම්භ කළ මේ වැඩ පිළිවෙල කවර බාධක ආවත් අප හෙට දවසේත් රට වෙනුවෙන් ක්‍රියාවට නගනවා. නමුත් එහිදී මේ රටේ ප්‍රධාන ධාරාවේ බොහෝ මාධ්‍යවල සහය අපට නොලැබෙන බව පෙනී යනවා. ''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්